මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීමේ අරමුණින් සිකුරාදා (6) මහනුවර පැවැත්වෙන දෙවැනි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.
මෙම රැස්වීම සංවිධානය කරනුයේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායමයි.
‘අපිට ආරාධනා කළෙත් නැහැ. අපි යන්නෙත් නැහැ‘ යනුවෙන් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යහපාලනය ගැන කතා කරන ජේ.වී.පී එකට අමතකද 88,89 මහා පාරේ ටයර් සෑය. මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා.(නදී)
අන්න හරි සුසිල් සමහරු මුළු රටම යටත් කරගෙන දුෂණය රජ කෙරෙව්වා. අායිමත් රට වනසන්න ඔබලාගේ පක්ෂයට මොවුන් ගාවගන්න එපා.(නදී)
සියලු දෙනා සමගිව වැඩකලොත් මේ පරිපාලනය ගෙදර යවන්න පුලුවන් (නදී)
මහින්දගේ කරේ එල්ලිලා ජීවත් වෙන අයට නම් මේ රැස්වීම හොඳයි. (නදී)
මටනම් පාටෙන් වැඩකුත් නැහැ. ලකුණෙන් වැඩකුත් නැහැ. පක්ෂෙන් වැඩකුත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කොහෙද මම එතන. කලගුණ සැලකිල්ලක් හැටියට. (නදී)
"මරා" කියන්නේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යම, නැතුවම බැරි පුද්ගලයෙක් බවට හංවඩු ගහන්න හදන අයට, මේක හොඳ කම්මුල් පාරක්. අපේ සීයා කියන විදියට "පස්ස පැත්තට වැදුන හොඳ සෙරෙප්පු පාරක් ". (සීයේ මට සමාවන්න, මම සීයාගේ කතාවේ වචනයක් වෙනස් කිරීම ගැන !) මේකෙන් එකක් හොඳට පැහැදිලි වෙනවා .... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කල්පනාකරලා වැඩ කරන්න පුළුවන් මොලේ ඇති අය තවමත් ඉන්නවා. පන්දම් කාරයෝ, ලෙවකන අය විතරක් නෙවි ! (අ)
මහින්ද රාජපක්ෂ මහත්මයා කොතැනද, මමත් ඒ පක්ෂයට ඡන්දය දෙනවා (අ)
මෙයාල කර අරින්න තමයි හදන්නේ එහෙම කියලත් මිනිස්සු හිටියොත් තමයි මෙයාලට තරු පායන්නේ (නදී)
කින්ග්ස්ලි, දිලාන් සහ තවත් කීප දෙනෙක් හොඳ අදහස් ලියලා තියනවා. ජාතියත්, රටත් බේරගන්න නම් අපි සියලු දෙනාම මහින්ද මහත්තය සමග එකතු විය යුතුයි. තරුණ අය වුනත් නාකි අදහස් තින්නේ. මුල අමතක වෙලා මහින්ද මහත්තයට විරුද්දව ලියනවා. (ර)
මෛත්‍රීපාල මහතාට ඕන වෙලා තියෙන්නේ එයට සහය දීපු යූ එන පී එක දිනවන්ටි ශ්‍රී ලංකා පක්ෂයේ අයට හොද වැඩේ මෙයාව සභාපතිකළාට (අ)
කිංග්ස්ලි, උපුල්, කුෂාන් ඔබේ නායකයා අපිට එපා. (ර)
කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)
පහුගිය කාලයේ පොඩි මිනිහට තරු පෙන්වපු අයගේ රැළිවලට නොයෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරනය ඉතාමත් හොදයි. (නදී)
ඒ 58 ලක්ෂය ඡන්දෙ දුන්නේ ශ්‍රී ලංකා එකටද මහින්ද රාජපක්ෂ නමටද කියන එක නොබෝ දිනකින් වැටහේවි. මේ ජන ගග නතර කරන්න ඔය බලහත්කාරකම් වලින් බැහැ. යු අැන් පි එකට බලයට එන්න පාර කපන කොන්ත්‍රාත්තුව ඉටු කරන පක්ෂ සභාපතිත්වයේ අන පිලි පැදලා සදා විපක්ෂයේ ඉන්නවද නැත්නම් මහින්ද මහත්තයත් එක්ක ගිහින් ගිලිහුණු බලය නැවත ලබා ගන්නවද කියන තීරණය හෙට අනිද්දට ගන්න සිදු වේවි. (නදී)
අපි මහින්දට. අපි මහින්ද දිනවමු! (නි)
ප්‍රේම් ජයන්ත මහත්තයෝ එන්නකෝ ඔයාල මහා මැතිවරණයට අපි දෙන්නම් එදාට ඔයාලට රම්පෙට පොරි හැලෙන්න ජනතාව කව්ද කියල අවස්ථාවදියෝ තාම දන්නේ නැහැ (නදී)
මෙයාල බයවෙලා ඉන්නේ (නදී)
රට වටේ රැස්වීම් පවත්වමින් යන දේශපාලන අනාථයින්ට තරු පේන දවස වැඩි ඈතක නැහැ. පුද්ගලික බස්රථ හිමියන්ට සහ ස්ථිර රැකියාවක් නැති අයට අමතර අදායමක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් (නදී)
බන්දුල මහත්තයෝ, ඔයාල ඉන්නේ ලක්ෂ 62 මතයේ..අපි ඉන්නේ 58 මතයේ..අපි අපේ වැඩ බලා ගන්නම්..පුලුවන්නම් ඔය 62න් මේ 58 නවත්වන්න මෙදා පාර.(නදී)
තක්කඩි දේශපාලනය එපා කිව්වා බව දන්නේ නැත්ද? මහින්දව නැවත ගෙන්නන්න හදන්නේ කුඩු කාරයෝ තමා. (නදී)
බුද්ධියෙන් හීන සමහර මිනිස්සු දේශපාලන නායකයින්ව දේවත්වයෙන් අදහනවා. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාව අදහන මිනිස්සු නම් එතුමා වටේ නැහැ. සදාචාර සම්පන්න මහත්මා දේශපාලනයක් සඳහා මෛත්‍රී ජනාධිපති තුමා වටේ බුද්ධිමත් දේශපාලකයින් හා බුද්ධිමත් ජනතාවක් ඒකරාශී වී සිටිනවා. ඒ හොඳටම ඇති. (ස)
වැදගත් විදිහට දේශපාලනයෙන් විශ්‍රාම ගිය ජේ.ආර්. ජයවර්ධන මහත්මය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේ ක්‍රියා කලේ නැත්නම්, මෙතුමාට දේශපාලන වශයෙන් කුජිත වෙන්නයි සිද්ධ වෙන්නේ. (ස)
සන්ධානේ අයගේ රැස්වීම වලට යන්න එපා කියලා මහින්ද මහත්තයාත් නීති දැම්මද? මොකද බයවෙලා? නිදහස දෙන්න ඇවිල්ලා මාස කීයද?මේ නීති දාන අය පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නේ සන්ධානයෙන්. දැන් ශ්‍රීලනිප හැර සන්ධානයේ සියලු පක්ෂ තියන රැස්වීමට අපට යන්න එපාලු. පුදුම විහිළු! (නි)
මෙත්‍රීපාල මහත්තය ඡන්දෙ ඉල්ලනකොට කීවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එක ඡන්දයක් වත් එයාට ලැබෙන්නේ නෑ කියල. මහින්ද මහත්තයටත් ඒ ටිකම වේවි. මොකද, දැන් මිනිස්සුන්ට යුද්දේ චූන් එක ඉවරයි.
ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කලත් වැඩක් නැහැ හරි ඉක්මනට මුල අමතක වෙනවා. මහින්ද මහත්තය කරපු දේවල් මේ අයට අමතකයි. රටට සාමය උදාකළ සංවර්දනය කල එකම නායකයා. අනිත් කට්ටිය මේ රටට මොනවද කලේ මහින්ද මහත්තයා නැවත ආවේ නැත්නම් රට ඉවරයි (නදී)
රුවන්, ඔබ ඇතුළු අපි කවුරුත් මහින්දගේ පිහිටෙන් තමයි ඉන්නේ. (නි)
සමහරුන්ට නම් දැන්මම උණගැනිලා. (නි)
පුෂ්පකුමාර, රන්ජිත්, සුසිර, ඇයි කලබලවෙලා? ජනතාව තීරණය කරයි. ඔයාලා කලබල වෙන්න එපා. (නි)
රටකට නායකත්වයට ඕනෑ රජෙක් කියලයි මම නම් හිතන්නේ (නි)
කට්ටියගේ බය තේරෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ මහත්වරුනේ. (නි)
ඇත්තටම ටෝකියෝ අබේරත්න මහත්තයෝ, හිටපු ජනාධිපතිතුමා නැවත දේශපාලනයට එනවට මේ රටේ නීතිගරුක ජනතාව බයයි තමයි. යුධ ජයග්‍රහණයෙන් පස්සේ මෙරටේ විශාල සමාජ ව්‍යසනයක් සිදුවුවා. කළහරිය හොඳටම ඇති අපි බයවෙන්න. (නි)
මේ හදන්නේ නැවතත් පරණ යුගයටම යන්නද? (නි)
උපුල් මහේෂ් ද සිල්වා, ඔබ සියලු දෙනා කිවුවේ කාට කාටද ? (නි)
මේ ඔයාලා කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි. (නි)
මහින්ද නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජනයාට හිතකරයි. මහින්දට අලුත් පක්ෂයකින් ඉල්ලන්න බල කළයුතුයි කියලයි මම නම් කියන්නේ (නි)
ලාල්, ඔයා මොනවා හිතාගෙනද කතාකරන්නේ? (නි)
මේ ඔයාල කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි (බ)
දැන් ඔය තාන්න මාන්න අරගෙන ශ්‍රී ලංකා පක්ෂයේ වැජඹුනාට පපුවට අතතියලා බලන්න හෘදය ස්ඵන්දනය වෙනවද කියලා (නි)
මේ ඔයාල කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි. (බ)
පතාක යෝධයෙක් වගේ සිට දවස් ගණනකින් ඔහු ඇදවැටුණු විදියම ඇති ඇත්ත තේරුම් ගන්න. නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව විශ්‍රාම සුවය විඳිනවා මිස ආයෙත් ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්න ඒක නම්බුකාරයි. (නි)
උපුල් මහේෂ් ද සිල්වා" ඔබ සියලු දෙනා කීවේ කාට කාටද ?(බ)
ලාල් මහත්තයෝ, පහුගිය කාලේ වගේ නෙමෙයි, මේ කාලේ පෙනෙන්නේ දවල් තරු. (නි)
අපි බලමුකෝ මොකක්ද ඉදිරියට වෙන්නේ කියලා (නි)
මම හිතන්නේ මේ කාලේ කළයුත්තේ පවතින ආණ්ඩුවට සහය දී තව ටික කාලයකට අවස්ථාව දීමයි. දැන්මම බෙදිලා කඹ අදින්න ගියොත් රට අරාජික වෙයි. (නි)
ගිය පාර මහින්ද රනිල්ව පරාජය කළේ 18000 ක් වැනි සුළු ඡන්ද ගණනකින්. එහෙත් රනිල් පරාජය පිළිගෙන මේ වගේ දේවල් කළේ නැහැ. මහින්දට ආයෙත් මේ රට බාරදිය යුතුද? (නි)
මහින්ද මහත්තයට විශ්‍රාම දෙන්න පුදුම ආශාවක්, ආදරයක් සමහරුන්ට තියෙන්නේ. බලන්න කකුල් ගැහෙනවද කියලා (නි)
ජාතික බලවේග සියල්ල මහින්ද සමඟයි (නි)
හිටපු ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
සුසිල් ප්‍රේමජයන්ත මහත්තයෝ, එන්නකෝ ඔයා මහා මැතිවරණයට. අපි දෙන්නම් එදාට ඔයාට (නි)
යූඑන්පීය ගෙදර යවන්න නම් මහින්ද මහතාගේ සහාය නැතුව බැහැ (නි)
අපිට නම් දැන් කවුරුත්ම එපා (නි)
අපි පාරම්පරික නිදහස් පාකිෂිකයො. ඒත් මහින්ද ජනපති නැත්නම් මෙවර අපි නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නෙ නැහැ. මහින්ද ඉන්න වෙන ඕනෑ පක්ෂයකට ඡන්දෙ දෙනවා. (නි)
මහින්ද ගත්තෙ නැත්නම්, අර අවස්ථාවාදී කට්ටියට කවදාවත් ඇමතිකමක් තියා මන්ත්‍රීකමක්වත් ලැබෙන්නේ නැහැ (නි)
මෙතන බලාපොරොත්තු කඩ උන කට්ටිය හරි හිතේ අමාරුවෙන් කතා කරනවා. මාස තුනකට කලින් එපා වෙච්ච මහින්ද කොහොමද මාස තුනෙන් හොද මිනිහෙක් වෙන්නේ? ගෙදර තාත්ත කල වැරදි දන්නේ පවුලේ අය. (නදී)
එදාට නුවරත් නයි නටවන්න කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා! අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි (නි)
කවුද බන්දුල මහත්තයෝ ඔයාට දෙන්න හැදුවේ....ඔයාල ඉන්නේ ලක්ෂ 62 මතයේ..අපි ඉන්නේ 58 මතයේ..අපි අපේ වැඩ බලා ගන්නම්..පුලුවන්නම් ඔය 62න් මේ 58 නවත්වන්න මෙදා පාර..ඔය කැද හැලියේ එක එක යටි අරමුණු සදහා වුණු කිලිටි ඡන්ද ලක්ෂ 62 වගේ නෙමෙයි මේ 58..තනි පුද්ගලයෙකුගේ පෞරුෂයට කෘත ගුණයට ලැබුණු පිරිසිදු ඡන්ද..(බ)
දැන් අපිට තේරෙනවා. කොන්ද වෙනස් කරන අය දේශපාලනයට සුදුසු නැත. ඉදිරියේදී ඔවැනි අයට ජනතාව නිසි පිළිතුරු දේවි. (නි)
ශ්‍රී ලාංකික අපි කවදාවත් අනුන්ගෙන් කන්න ඉල්ලන ජාතියක් නෙමෙයි.සල්ලි වලට රට ජාතිය පාවාදෙන ජාතියකුත් නෙමෙයි. (අතළොස්සක් සිටින බව අප දැක්කෙමු ) අපේ රට ,ජාතිය තිබෙන සැබෑ තත්ත්වය නියමාකාරයෙන් තේරුම්ගෙන ,අප රටේ සංස්කෘතියට ගැළපෙන විදේශ බලවතුන් හා එක්ව පොදු හතුරා වන බෙදුම්වාදය ,ත්‍රස්තවාදය පරාජය කර රට සංවර්ධනය කරා යොමුකළේ මහින්ද ජනපතිතුමාය. මහින්ද යනු කොන්ද පණ ඇති ,ශ්‍රී ලාංකික ජාතියේ උවමනාව ඉටුකරන නායකයෙක් මිස අප රට බෙදීමට අරඅදින බටහිර ගැත්තෙකු නොවේ. (නි)
මහින්ද අපිට අපි මහින්දට... (නි)
මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා (නි)
අසෝක, මොකද මහින්ද මහත්තය එනවට මේ තරම් ඔයාලා බය.? (ර)
මහින්ද මහත්තයා මේ කාලය තුළ ගොඩක් දේ තේරුම් අරන් ඇති, එ්ක නිසා ඔහුගේ පුනරාගමනය රටට යහපතක් වනු නිසැකයි (බ)
පක්ෂය නොව ඡන්දය මහින්දට පමණි. (ර)
මහින්ද ඕනේ (බ)
අසෝක සුළු ගානකින් පරාද වුණා? ඉතින් ඊට පස්සේ පැරදෙන බව දැනගෙන 2010, 2015 ඉල්ලුවේ නෑ නේද? (ර)
රටක නව දේශපාලන පක්ෂයක් බිහි වෙන්නේ රටේ ජනතාවගේ ඉල්ලීම හෙවත් පැතුම අනුවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි උනේ එලෙසය. තනි පුද්ගලයාගේ උවමනාවට බිහි කල පක්ෂ වලට තැනක් නැත. අනාගතයකුත් නැත. "හිතට එකඟව වැඩ කරන්නයැ" යි වත්මන් ජනපති තම පක්ෂයට කියා, අද එය වෙනස් කරමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට වෙනත් පක්ෂ වල රැලි වලට සහභාගී වීම තහනම් කරන්නට සැරසෙන්නේ පක්ෂය දිය කරන්නට වගේ යැයි සැකයක් මතුවෙයි. එසේ වුවහොත් මා මුලින් කිවා වගේ මහජනතාව විසින් සදාචාර සම්පන්න ජනතාවාදී නව දේශපාලන පක්ෂයක් බිහි කරන්නට සුදුසුම නායකයෙකුට ඇරයුම් කරනු ඇත. එසේ වුවහොත් අනෙකුත් සියලුම දේශපාලන බලවතුන්ද ඒ වටා එකතුවනු ඇත. තමන් බලවත් යැයි සිතන අනෙක් පක්ෂවලට නව පක්ෂය ප්‍රබලතම අභියෝගය ද වනු ඇත. මේ ප්‍රකාශය කිසිම කෙනෙකු එල්ල කොට ගෙන කළ ප්‍රකාශයක් නොව, රටක ජනතා දේශපාලන ගමන් මග සිදුවන ආකාරය ගැන ප්‍රකාශයක් පමණි. දැන් රට තුළ සිදුවන " කිසිම රටක සිදු නො වූ දේවල් " දකිද්දී නව දේශපාලන පක්ෂයක් බිහි වීම වලක්වන්නට බැරි වනු ඇති සිතමි. (නදී)
එල්ලෙන්න වැල් නැතුව මහින්ද මහත්තයාගේම පිහිටෙන් දිනන්න බලාගෙන කට්ටියකුත් ඉන්නවා (නි)
මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා (නදී)
අපි පව්ලේ හැම දෙනාම ශ්‍රීලංකා, මහින්ද මහත්තයාගේ කාලේ ඉවරබව කේන්දරකාරයෝ දැනගෙන තමයි අවුරුදු දෙකකට කලින්ම යන්ඩ කියල වෙලාව හදල දුන්නේ. ඒ වෙලාවේ විමල්, දිනේස් ,උදය, වාසු ලට තිබුනනේ අපේ ජනදිපතිතුමට කියල දෙන්ඩ යන්ඩ එපා කියල.(නදී)