ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
යහපාලනයේ තවත් ප්‍රතිඵලයක් බැලීමට පැමිණි බවත් මෙය ණයක් අරගැනීම සම්බන්ධයෙන් වන සිවිල් නඩුවක් බවත් අපරාධයක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ කීවේය.
වීඩියෝ -සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැට්ස්මන් දැවී ගිහින් නම් දෙවන ඉනිමක් එනවා නම් බැට් කරන්න බලා ඉන්නවා මිසක් පිට්ටනියේ රවුමට දුව, දුව අම්පයර්ලා මුණගැහිලා නැවත බැට් කරන්න චාන්ස් ඉල්ලා සිටින ක්‍රමයක් නැහැ (නි)
රාජ්‍ය ආයතනයක් කියලා ඒක පාලනය කරන ලොකුම කෙනාට ඒකේ ඔක්කොම ණයට ගන්න පුලුවන් නම් ඒක හරි වැඩක්නේ... දැන්නම් හොදට තේරෙනවා ඔබතුමා රට පාලනය කරලා තිබෙන හැටි. (නි)
ඔය ටෙලි නාට්‍යය තව කොටස් කීපයකින් අවසන් වෙනවා.ඔය තියරිය හැමදාටමත් වලංගු නැහැ. (නි)
ලක්ෂ 52 ලොකු ගණනක් නෙමෙයි එයාට. (නි)
හිටපු නායකයාට පන්සල් ගානේ බන්ධනාගාර ගානේ ගිහින් මාධ්‍යයෙන් පෙන්න පෙන්නා දුක්ගැනවිලි කියන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තටම නැති පාටයි. (නි)
අපොයි මේ අපේ රටේ හිටපු නායකයා නේද? ඇයි මෙහෙම තමන්ගේ තත්ත්වයට නොගැළපෙන වැඩ කරන්නේ ? ඔහොම ආඩපාලි කියමින් රට වටේ යනකොට තමන්ගේ ගරුත්වයට හානිවෙනවා නේද? (නි)
මහින්ද මහතාට මම තවමත් මෙහෙ ඉන්නවා කියලා පෙන්වන්න පුදුම ආශාවක් තිබෙන හැඩයි. (නි)
කෝ අපේ බකපණ්ඩිත සුමුදු හේවා ? වෙසක් සතියෙන් පසුව සභාවේ දැක්කෙම නැහැ.දන්සලකින් හොඳ කෑමක් ලැබිලාවද්ද ? (නි)
ඉස්සරහට හැමදාම බන්දනාගාර රෝහල් විසිට් කර කර තමයි ඉන්න වෙන්නේ. (අ)
කවුරු කවුරුත් නීති විභාග පාස් කළේ කොහොමද කියල දන්නෝ දනිති . ඒ නිසා ඔය නීතිය ගැන නොදැනීම ගණන් ගන්න එපා. (බ)
මොන දේ වුනත් එකට හිටපු අයනේ.(හේ)
ඉස්සෙල්ලා තිබුන " මහපාලනය" මිනිස්සුන්ට විවේචන අයිතියක් දුන්නෙම නැති බව මතක් වෙන්නේ නැද්ද ? (බ)
රටේ සල්ලි කාපු මනුස්සයෙක්නේ (බ)
අවුරුදු 9ක් මේ රට පාලනය කළ කෙනෙක්ද මේ (බ)
අද ටීවී එකේ දුක කිය කියා ඇඬුවට වැඩක් නෑ, රටම දන්නවා අලි බබා සහ හොරු හතළිහ ගැන (බ)
මෙයා තොත්ත බබා.(බ)
මොනවද මේ කරන්නේ? (නි)
එතුමා යුද්ධය නතර කළා -ගෝලබාලයෝ තැන තැන සුද්ධකළා (නි)
ලක්ෂ 52 ගෙවල ඉවරයි. පරක්කු වුනාට නඩු දාලා තියෙන්නේ.(හේ)
මටත් බැරිද දන්නේ නැහැ සතොසෙන් ලක්ෂ 50 කට වැඩි ණයක් ගන්න පහසු ගෙවීමේ ක්‍රමයකට? බැරි වෙලාවත් ගෙවන්න බැරි වුනොත් සිවිල් නඩුවක් නිසා බයවෙන්න දෙයකුත් නැහැ.(හේ)
යන්න ඇත්තේ මොනවාහරි කියන්නවද්ද? (නි)
තම සඟයන් බැලීමට යාම වැරැද්දක් නොවේ.(හේ)
ගිහාන්, ඔයා ඒ දවස් වල පත්තරයක් බලලා නැද්ද? (නි)
ඔය බඩු කොහේද කියලා කවුද දන්නේ? (නි)
මේ රටක හිටපු නායකයා නේද ? ආඩපාලි කිය කියා පන්සල් ගානේ , රෝහල් ගානේ, හිරගෙවල් ගානේ ඇවිදින්නේ. (නි)
සරත් ෆොන්සේකාට කළ දේ හරිද? (නි)
අපි වෙනුවෙන් අපි (බ)
දැන් ඉතින් වෙන කරන්න වැඩකුත් නැහැනේ (නි)
සතොස කවද ඉඳලද ණය දෙන්න පටන් ගත්තේ? මෙයා හොරු බේරන්න බේගල් නීති හදනවා. ලැජ්ජාව කියල දෙයක් ගැන අහලාවත් නැද්ද? (නදී)
මේවා දකින කොට එක අතකට මේ රජය කරන්නේ අනවශ්‍ය වැඩක්. මේ ඉන්නේ හිටපු ප්‍රධාන පුරවැසියා. ඔහු කියන්නේ මේවා සුළු දෙයක් කියලා කියන්නේ . වැඩි දෙනෙක් ආප්ප ඉල්ලන ආප්ප කඩේ නෑ. ඉදි අප්පා ඇගටගුණයි කිව්වට මිනිසන් ගණන් ගන්නෙත් නෑ. (ත)
ඔන්න ඒ සැකකරුවාත් ලෙඩ වෙලාලු ! ඡන්දය දී පත් කර තිබෙන්නේ ප්‍රෙෂර් ආඝාතය හැදුන ලෙඩ්ඩු ටිකක් නේ . (ත)
පුතා උසාවි යනවා, තාත්තා බන්ධනාගාරේට යනවා . අනේ අනිච්චන් මෙයාලට වෙච්චි දෙයක් . කරුමේ කරුමේ (හේ)
මේ සිද්ධ වෙන දේවල් අපිට හරිම විහිළුවක්.(හේ)
මේ දේවල් දැක්කම අපිට හිනත් යනවා.(හේ)
ලක්ෂ 52 ක ණයක්.. නරකම නැහැ (හේ)
අපුරු ණයක්, ඇමතිවරු ගන්නේ මාර ණය. ඒවා ගෙවන්න ඕනේ නෑ. අපි බැංකුවකින් රුපියල් 100 ගත්තොත් බැංකුව අපේ පිටිපස්සේ.(හේ)
අනේ මෙතුමා කතා කරනකොට කි දෙනුකුට පපුවේ අමාරු හැදෙන්න ඇද්ද .මටත් දුකයි ?මොනවා කරන්නද කළ කම් පල දෙන කොට ?(හේ)
කට පරිස්සම් කරගෙන හිටියනම් හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? (ම)
තව කී දෙනෙක් මේ වගේ බලන්න යන්න වෙයිද?(හේ)
මේක සාමාන්‍ය සිවිල් නඩුවක්. වැඩිය ගණන් ගන්න එපා (ම)
කොහොමද වංචාව වහන්න දෙන උත්තරය .........මොහුව අයිමත් ඕනේ කියන මිනිසුන්ට නුවන පහල වේවා ! (ම)
ඒසි කාමර දෙන්න විදියකුත් නැති බව ඉස්සෙල්ලම කියන්න ඇති.(හේ)
තවම අර රත්රන් බොලේ අතේ කැරකෙනවා. (හේ)
තව කුඩත් ඉහලන්න මෝඩයන් ඉන්නවානේ .....(බ)
ඕකෙන් වෙන්නේ ඔබතුමාව තවත් ජනතා අප්‍රසාදයට පත්වෙන මිසක් වෙන දෙයක් නෙවෙයි ..ඔව් ඉතින් හොරුන්ව බලන්න නොයත් බැහැනේ නේද ...අනේ අපේ රටට ගිය කලක් (බ)
මේ දුෂිතයන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා නොමිනේෂන් නොදීම. එ්ක තමා ජනතාවට බලාපොරොත්තු වන එකම දේ හිරේ දැම්මට වැඩක් නැ කොහොමහරි එ්කෙන් බේරෙනවා (බ)
කලින් අදහස් දිහා බලපුවම හිතෙනවා මෙයාල මේ රටේ හිටිය අය නෙමෙයි කියල. මෙතුමාගේ කාලයේ තරම් රටට හැමපත්තකින්ම සේවයක් වුන කාලයක් මේ අවරුදු 40 යට අපි දැකල නැහැ.කලින් අය කෑව විතරනේ කළේ. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්.නමුත් දැන් ඔය හොඳයි කියන අයගේ තරම මිනිසුන්ට අමතක නැහැ ඒවාට පිළිතුරු දෙන්න අපිට අවස්ථාව ලැබෙනකන් අපි බලාගෙන ඉන්නවා. (බ)
මේ පුද්ගලයා මොනවද මේ තෙපලන්නේ.පාසල් ළමයෙකුටත් වඩා බොළඳයි. සල්මන් බලන්නත් ඉන්දියාවට යනවද.අනික මේ වර්තාකාරයෝ මොනවද අහන්නේ.(බ)
ජොනි කර ඇත්තේ පොඩි එකක් නම් මහින්ද කර ඇත්තේ පුංචි එකක් නෙමෙයිනේ (බ)
රජයේ දේපොළ අක්‍රමිතා සම්බන්දයෙන් නීතියට අවශ්‍ය පුද්ගලයෙක් වූ බැසිල්ට ...තමුසේ එන්න එපා ආවොත් අත් අඩංගුවට ගනී කියා අනුබල දී ලංකාවට ඒමට වැළැක්වීම මත මොහුට චෝදනා ගොනු කළ යුතුය (බ)
ගිහාන්, විමුක්ති, සිල්වා, දිලාන්, ක්‍රිෂ්ණ, මෙතුමා නැත්නම් අද සමහර විට ඔයගොල්ලන් මැරුන තැන්වල ගසුත් පැලවෙලා. අලිබබා සහ හොරු හැත්තාවක් විතර දැන්නම් ඉන්නවා. මහේන්ද්‍රන්ලට අමතරව. (බ)
සතොස ණය දෙන ආයතනයක් (බැංකුවක්) කියල අපි දන්නේ නැහැනේ? (බ)
මෙතුමගේ නීති දැනුම ඉස්තරම්. සතොස පුද්ගලික ආයතනයක්. මෙච්චරකල් අපි හිතන් හිටිය වැරදියි නේද? (බ)
ගියා කියලා ලකුණු ලැබෙන්නේ නෑ.(හේ)
නරකද බන්දනාගාරයේ රැකියාවක් කලොත් ....... එතකොට හිරේට දමන දමන පුද්ගලයන් හොඳට බලන්න පුළුවන්....(අ)
මහින්ද මේ ප්‍රශ්න. ඉවර වෙනකම්. ඔය ඔලුගෙඩියට කළු පාට ගාන එක නතර කරන්න. පැවිල්ල වැඩි වුනාම ඔලුව විකාරෙන්. දොඩ වන්න ගන්නවා.(අ)
ගහපු ගැහිල්ලේ හැටියට මේක පොඩි නඩුවක් තමා. (නි)
අපි හිතාගෙන හිටියේ ජොන්ස්ටන්ට තව තව දේවල් වලට නඩු දමාවි කියලා. එහෙමනේ ඡන්දෙට කලින් කිව්වේ. (නි)
බන්ධනාගාර ගතකරන දේශපාලුවන් සියල්ලම එතුමාගේ නිවස ආසන්නයේ තැනක රඳවන්නකෝ. එතකොට පහසුයිනේ (නි)
30 වසරක යුද්ධය අවසන්කළ මේ නායකයට ගරහන්නෙ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
මහින්ද හිටපු ජනාධිපතිතුමනි, ඔබ මේ මොනවද කරන්නේ? ඔබගේ කාලයේ මේ වගේ නිදහස තිබුනද? ෆොන්සේකා මහතාෙගේ උපන් දින කේක් ගෙඩියවත් පවුලේ අයට ගෙනියන්න දුන්නද? ඔබ කළදේවල් පසු පස එනවා කියන්නේ මේවට තමා. හොඳම දේ ආගමට දහමට නැඹුරුව ජීවිතය ගතකිරීමයි (නි)
මහත්තයෝ ඔබතුමා රටේ හිටපු ජනාදිපතිතුමා නේද? රටේ නීතිය දන්නවා නේද? මහජන මුදල් සොරාකෑම සිවිල් නඩුවක් වෙන්නේ කොහොමද? එය අපරාද නඩුවකි. (අ)
මහත්තයෝ, ඔබතුමා රටේ හිටපු ජනාධිපතිතුමා නේද? රටේ නීතිය දන්නවා නේද? මහජන මුදල් සොරාකෑම සිවිල් නඩුවක් වෙන්නේ කොහොමද? එය අපරාධ නඩුවකි. ඔබම පිළිගත්තා ඔබ හොරු ආරක්ෂා කළා කියලා ඔබගේ යුගයේදී. ඔබ තවදුරත් එයම කරමින් සිටිනවා නේද? (නි)
ලැජ්ජාව නම් ගෑවිලාවත් නැහැ මේ කියන දේවල් වල හැටියට (නි)
රජයට අයත් සතොසේ මුදල් දේශපාලනයට යොදාගැනීම සිවිල් නඩුවක් කියන කෙනෙක් නීතිය දැන දන්නා තරම ගැන මෙරටේ මිනිසුන් දෙවරක් සිතිය යුතුයි (නි)
කවදද දන්නෙ නැහැ ණය ගෙවන්න හිතාගෙන හිටියේ? ණය විතරක් නෙමෙයි පව් ගෙවන්නෙත් අපි (නි)
ඔබතුමාට උපකාර කළ අය රැකීම බැලීම වියයුතු දෙයක්නේ. (නි)
කුඩේ අල්ලන්නේ මම හිතන්නේ සුමුදු හේවාද කොහෙද? (නි)
හරි ගෝලයෙක් බලන්න යන එක කමක් නැහැ කියමුකෝ. ඒත් මොකද මේ රටේම මිනිසුන්ට පෙනෙන්න මාධ්‍ය සංදර්ශන තියාගෙන යන්නේ? ඔය බැලිල්ල පුද්ගලික මට්ටමෙන් කරගන්න පුළුවන් නේද? (නි)
අනෙක් රටවල නායකයන් සේවා කාලය අවසානයේ ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා. නැත්නම් කලින් කළ පුද්ගලික වෘත්තියකට ආපසු යනවා. ඒකට ලංකාවේ නායකයන් ගෙදර ගියාට පසුව රට වටේ ආඩපාලි කිය කියා ඇවිදිනවා. රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ. (නි)
අයියෝ ..! මේ වැඩ වලින් ඔයා දැනට පත්වෙලා ඇති තත්ත්වය අඩුකරගන්නවා වෙනුවට අපිවත් එක්ක සවුත්තු කරනවනේ (නි)
මුලින්ම බලන්න ඔය බඩු තියෙන්නේ කොහේද කියලා. (නි)
මේක නම් පුදුම අඬවැඩියාවක් නේ ! ඇත්තට හිටපු නායකයෙකුට සේවා කාලයෙන් පසුව කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
එයාගේ හිතවතෙක් බලන්න යන එකේ වරදක් නැහැනේ (නි)
දේශපාලනයෙන් ඉවත්වෙලා ඔන්න කරනවා නම් නියම ජොබ් එක ..... (නි)
සිරකරුවෝද මිනිසුන්ය (නි)
දැන් එයාට හිරගෙවල් ගානේ යන්න වෙලා.පව්! කළ කළ දේ පළ පළ දේ! (නි)