නව ජාතික ආණ්ඩුවට සුබ පතන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු අද (22) සවස ප්‍රකාශ කළේය.
‘මේ වෙලාවේ මම විවේකයෙන් ඉන්නවා. දේශපාලන තීන්දු තීරණ ගන්න යන්නේ නෑ. එදා යුද්ධ කාලේ ජාතික ආණ්ඩු ගැන කථා කරද්දී සමහරු විහිළුවට ලක් කළා. හිනාවුණා. අද පිහිටවූ ජාතික ආණ්ඩුවට මම ඒ විදියට සරදම් කරන්නේ නෑ. ජාතික ආණ්ඩුවට මම සුබ පතනවා‘
ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු බාර ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම රැස්වීමට පැමිණ සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ගන්න අය කියනවලු රනිල් මහත්තයා යුද්ධය ඉවර කරන්න දායක වුණා බව. (ත)
එතුමා ජාතික ආණ්ඩුවට සුභ පැතුවේ ඇයි කියලා මට නම් තේරෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඉතුරුවෙන්නේ දැන් ඔය ඇමතිකම් ගත් කට්‌ටිය විතරයි.අනෙක් අයව 26 රත්නපුරේදී බලාගන්න පුළුවන් වේවි.. (නි)
පිටිගල ගමගේ මැරිලා ඉපදුනාද? මහින්ද තරම් පලිගත්ත වෙන කෙනෙක් හිටියද. ෆොන්සේකාව හිරේ දැම්මා බල්ලෙක් වගේ. වෙවට තමයි කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය (නදී)
රටකට ජාතික අාණ්ඩවුක් අවශ්‍ය වන්නුයේ ජාතික උවදුරකදි. රටතුල ත්‍රස්තවාදය පැවති සමයේ එයට පිළියමි ලබාගැනිම සදහා මහින්ද ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවකට ඇරයුමි කළ ද එය විහිළුවකට ලක් කළා. සුනාමි උවදුරේදිවත් ජාතික ආණ්ඩුවක් රට තුල හැදුනේ නෑ. (ත)
මේ ඔක්කොම එකතුවෙලා එක එක ගිවිසුම් ගහමින් සන්ධාන හදමින් දගලන්නේ වෙන කිසිවක් නිසා නොව මහින්ද නමැති යෝධයා නැගිටිනාවට බයේ.(ත)
යහපාලය, එතකොට රනිලුයි ෆොන්සේකයි නම් යුද්දේ දිනුවේ, ජාත්‍යන්තරෙයි ඩයස්පෝර එකයි මහින්දවයි ගෝඨාභයවයි කොටුකරන්න හදන්නේ ඇයි දන්නේ නැහැ (ත)
රොෂාන් හරියට හරි. විශ්‍රාම යන්න හිටිය ෆොන්සේකාට සේවා දිගුවක් ලබා දී ඔහුට හමුදාපතිකම ලබා දීමට ගෝඨාභය මුල් වුණා. (ත)
පොන්සේකා කරයි යුද්දේ මහින්ද මහත්තයා එඩිතරව ඉදිරිපත් වෙලා නායකත්වය නුදුන්නනම් . (ත)
මහින්ද ඉන්නේ බල තනහාවෙන්. . දඟලන්නේ බලයට එන්න. ඒකට නොයෙක් විදියට කටයුතු කරනවා . ඇයි ඩිංගක් ඉවසන්න බැරි ? දිනේෂ් ලා අවතාර. (නදී)
මෙතුමා කියල තියෙන කතාවේ ඇතුලේ තියෙන්නේ මොනවද .එතනත් කුහකකම ප්‍රදර්ශනය කරලා (ත)
ඇත්තටම අවංක ප්‍රකාශයක් වාගේ.(ම)
නියම නායකයෙක් නම්, නියම මහත්මයෙක් නම් ජය වගේම පරාජය ලස්සනට බාර අරගෙන, ජයග්‍රාහකයාට සුභ පතනවා. මුළු රටටම ආදර්ශයක් දෙනවා.((නදී)
කුමාර්ලගේ කට්ටිය ඉතින් දැන් සතුටු ඇතිනේ ජාතික ගීය ඔය දෙමළ අයට දැන් කියන්න පුළුවන් ඔන්න යහ පාලනය (ම)
රනිල්,සරත් දෙන්න ගැන කථාකරන්න ඕන නෑ..... දන්නෝ දනිති....ඒත් සිංහල ජාතියේ විනාශය නවත්වන්න කිසි කෙනෙක් නෑ..(බ)
ඔබතුමාට සුබ ගමන්! (නි)
2015 වසරේ මහින්ද ගමේ පන්සලෙන් යළි උපදින ලකුණු ද ? (ම)
බෞද්ධ ආගමමේ හැටියට කරුමයක් තියෙනවා නම් ඒක වළක්වන්න බෑ. ජෙනරාල්ටත් එහෙම වෙන්න ඇති. (ම)
ෆීල්ඩ් මාර්ෂල්තුමාටත් සුබ පතන්න. ලංකාවේ 'ප්‍රථම' හොඳේ ! ඒ කියන්නේ ලංකාවටම එක්කෙනයි.ජනාධිපතිලානම් ඉතින් 6-7 දෙනෙක් හිටියනේ. නැද්ද? (නි)
ඇත්තටම මෙවැනි වැඩ කටයුතුවල ප්‍රධානතම අරමුණ දේශපාලනය තම තමන්ගේ කටයුතු ප්‍රචාරය කරගැනීම නොවේද? (ම)
එතුමා කොහොමත් බොහොම නිහතමානී කෙනෙක් වග අපි දන්නවා (නි)
පෙරලුන පැත්ත හොඳයි කියන එක හොඳයි (නි)
මේ අවස්ථාවේදී හමුදා නායකයාටත් සුබ පැතුවා නම් ඔබතුමා නියම මහත්මයෙක්.(නදී)
දරුවන්ට නිල ලාංජන බෙදලා දෙනකොට ඒ ගැන දරුවන්ට අවබෝද වෙන විදියේ කතාවක් කියලා දෙන්න මේක දේශපාලන රැස්වීමක් නොවෙයි. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා (නදී)
සුබ පතන්නේ ඔබ තුමාට ඇතුලේ ඉදන් වැඩේ දුන්නේ මේ අය බව නොදැනද ? (නදී)
පන්සලට හෝ දහම් පාසලට ගිහින් දේශපාලන කතා කියන එක නම් අනුමත කරන්න බැහැ. (ත)
සත්‍යපාල, මහින්ද භීතිකාව කියන්නේ කොහොමත් ඊනියා යහපාලනයේම අංගයක් තමයි. (නදී)
මහින්ද නැත්නම් ඔය එක මාෂල් කෙනෙක්වත් බිහිවෙන්නේ නෑ. නිකන්ම විශ්‍රාම යනවා විශ්‍රාම ගියාම කව්රුත් ගණන් ගන්නේ නෑ. (නදී)
මහින්ද මහත්තයා කොහොමටත් 2005 ,2010 දීත් දිනුවම පලිගත්තේවත් අනිත් අයට බැන්නෙත් නැහැනේ (නදී)
ෆිල්ඩ් මාර්ෂල් තනතුර දක්වා යන්ඩ සේවා දිගුව ලබාදුන් මහින්දට ගෝඨාභයට ස්තුතියි! (නදී)
කොටින්ට දිරවගන්න බැරි ලණුවක් දුන් තුන් කල් දකිනා මහා බුද්ධිමතාණන් රනිල් මතිදුනි, වසර තිහක යුද්ධය නිමාකරන්නට නායකත්වය දුන් යුධ නායක සරත් මහතාණනි, ඔබ දෙපල ජාතියේ දෙවිවරුන්ය. සරත් මැතිදුන් යුද්ධය නිමා නොකරන්නට මහින්දට මාර්කට් කරන්නට කිසිත් නොමැත . (ත)
හිටපු ජනපතිතුමාට ඉතා ගෞරවයෙන් වුවත් කිවයුත්තේ මේ ඇති කරගෙන ඇත්තේ ජාතික හෝ සභාග හෝ ආණ්ඩුවක් නොවන බවත් රටටත් ඔබතුමාටත් වින කරනු පිණිස ඇටවූ මේ කෙමනට ඔබ තුමා සුබ පැතුවේ මොන කෙංගෙඩියක් නිසාදැයි අපට සිතා ගත නොහැකි බවත්ය. අපේ උදවියගෙන් සමහරු රට වෙනුවට බඩ මුල්කරගෙන කොටි සමග පෙළට සිට වගකීම් රහිතව ඡන්දය පාවිච්චි කර ඇති අයුරු දකිද්දී අපටද ඉතා විශාල කලකිරීමක් කම්පාවක් ඇති විය.මෙයට පක්ෂය තුළ එකට වැඩකළ උදවියගේ දරුණු පාවාදීම් ද එක් වූ කල්හි ඔබතුමාට පක්ෂ නායකත්වයද එපාවීම ස්වාභාවිකය. එහෙත් එකී තීරණයෙන් වුයේ රටට හිතැති අයට ඡන්දය දීමට පක්ෂයක් නැතිවී යාමයි.(නදී)
මේක උත්සවය ඉවර වෙලා යනොකොට මීඩියාවලට කියපු එකක්. කතාවේ කරපු එකක් නෙවේ...(බ)
ප්‍රබාකරන් මහත්තයව දකින්න ආස අය තවම ඉන්නවා වගේ. ඒ කාලේ ඔය මාෂල් සුබ පැතුම් ඉල්ලන අය කොහෙද හිටියේ ? ඉතියෝපියාවේද ? කහටගස්දිගිලියේද ? මුල අමතක වෙන සිංහලයා විනාශ වෙනවා. (බ)
මම නම් කියන්නේ රොෂාන් කියන එකේ අනෙක් පැත්තයි වෙන්න තිබුණේ කියලා (නි)
අනේ හිටපු ජනපතිතුමනි, කවුරු කළත් වරද වරදමයි නේද? ජාතික ආණ්ඩුවක් රටකට ඕනෑ ලොකු උවදුරකට මුහුණපා සිටන විටෙක ඉන් ගොඩ එන්නයි. මෙවෙලේ රට මුහුණපා තියෙන උවදුර නම් අපේ රට විජාතික බලවේග වල කෙලි බිමක් බවටත් ත්‍රස්තවාදයේ තෝතැන්නක් බවටත් පත් වෙමින් තිබීමයි. එයින් රට මුදා ගැනීමට නම් මහින්දාගමනය අවශ්‍යයි. එහෙත් මේ ඊනියා ජාතික ආණ්ඩුවේ ඒකායන අරමුණ මහින්දාගමනය වැළැක්වීමයි. ඉතින් එවැනි අරමුණකින් පිහිටුවූ ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් වෙන්නේ කොහොමද? ඔබතුමා එවැන්නකට සුබ පැතිය යුත්තේ මක් නිසාද? (නදී)
මහින්ද ඉන්නකන් ඔය මොකා කොහාට පැන්නත් අපි බය නෑ. ජාතික ආණ්ඩුවක් හැදුවොත් අද ඉඳන් මහින්දගේ ආධාරකරුවෝ තමා විපක්ෂේ මෙහෙයවන්නේ. ඔය කව්රු මොන සෙල්ලම් දැම්මත් අන්තිමට හැමෝටම නටන්න වෙන්නේ ඡන්දදායකයාගේ පදේට (නදී)
මහින්ද ඔබ දෙවියෙක්. එන්න ඔබ ඉදිරියටම එන්න ඔබ නැති රට මොකටද ? (නදී)
බයියන්ට හොඳ වැඩේ. (ත)