‘රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම අපි ඉත සිතින් පිළිගන්නවා‘ යැයි මහින්ද රාජපක්ෂ මහතා අද මැදමුලනේදී රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.
ඡන්දයට තරග කරන බව හෝ තමා අගමැති අපෙක්ෂක ලෙස හෝ කණ්ඩායම් නායක ලෙස හෝ ඉදිරිපත්වන බවක් රාජපක්ෂ මහතා කීවේ නැත.
ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බවත් හිටපු ජනපති කීවේය.
‘මෙම වෙහෙසකර ගමනේදී මා හැරනොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්‍රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායතී ශෝකෝ.... (නි)
සිංහයාට උන දේ දන්නවනේ ? (නදී)
ඔබට ජය නියතයි. 2015-08-18 දින රටේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආන්ඩුවක් පිහිටු වීමට හැකියාව ලැබේවා(නදී)
අනේ මෙහෙම තණ්හාවක්...අනේ මෙහෙම ආශාවක්...! (නි)
ඔබතුමාගේ අනාගතය තීරණය වෙයි ඔබතුමා සමඟ එන කණ්ඩායමේ පිරිස මත. (නි)
මට ඉරාකය, ලිබියාව , සිරියාව සිහිවේ. අපිටත් ළඟදි ඒ සුන්දර දවස උදාවේවි වගේ (නි)
අනේ අම්මපා! මට නම් අප්‍රසන්නයි (නි)
හොරු ටික ගොඩ (නදී)
ජනතාවගේ ඉල්ලීම තව තවත් යහමින් හොරකම් කරන්න කියන එකනම් ඔබ යලිත් ඡන්දයට එන්න ඕනේ. (නදී)
ඔබතුමා නැවත කුණුබක්කියට වැටෙන්න හදන්නේ කරුණාකරලා ඔබ වටේ ඉන්න හොරුන්ගෙන් මිදෙන්න (නදී)
අළු මතින් නැගිටීම (නදී)
දැන් ලොක්කා කෙළින් කතා කරන්නෙත් නැද්ද? (නි)
අප්පච්චි බලාගෙනයි (නදී)
මොන අවාසනාවක්ද? නිකම් හොඳට ගෙදරට වෙලා ඉන්න තිබුන අවස්ථාව නේද? දැන් ඒකත් නැතිවෙලා යන්න යන්නේ. (නි)
අනේද කියන්නේ ,ජනවාරි 7 වැනිදායින් පස්සේ තාම කාපු දෙයක් නැහැ (බ)
බයද මහින්ද එයි කියලා (බ)
මේ තරම් මෝඩ මිනිස්ස්සු ඉන්න රටක්. මහත්මා ගති ගෑවිලාවත් නැති රටක්. විලි ලැජ්ජාවක් නැති මිනිස්සු . (නදී)
සර්පයා වුනත් හැව අරිනවා. ඔය හදන්නේ පරණ හැව ඇගේ ඔතා ගන්නද ලංකිකයිනේ? (බ)
රටේ ජනතාවට මොලේ අමාරුවක් තියේ නම් මෙතුමාව තෝරාවි...62 දෙලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කළ මෙතුමා නීතියට බයෙන් තමා නැවත එන්න උත්සහ ගන්නේ...පසුගිය කාලයේ රටේ සිදුවූ අපරාධ වලට මෙතුමාගේ පාලනය වගකිව යුතුයි ..හරියට පාතාල පාලනයක් මෙතුමයි ගෝඨාභයයි ගෙන ගියේ...දැන් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ... (නදී)
‘රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘ ] මේ මනුස්සයා කියන්න හදන්නේ එයා නැත්නම්, රට ඉවරයි කියලද ? මේ උතුම් ඇසළ පෝය දවසේදී කියපු කට කැඩිච්ච කතාවක මහත (නදී) මෙයාව හැකි ඉක්මනින් මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් නරකද රෝගය උත්සන්න වෙන්න ඉස්සර වෙලා ?
අනේ මන්ද මෙතුමාට මේකට කෙලින් තීරණයක් ගන්න බැරුව දඟලන හැටි (නදී)
වහලුන් එදා මෙන්ම අදත් කැමති එදා සිටි වහල් භාවයෙන් ඉන්නයි. එයින් මිදෙන්නට අවශ්‍ය කමක් නැහැ. රජ තුමත් කැමති තමන් යටත් වැසි වහලුන් සමග එකට සිටීමටයි (නදී)
මහින්ද උන්නැහේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට පත්වුනොත් එතුමාට හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවෙලා තියෙන මහා ආරක්ෂක බලඇණිය , මහා මෝටර් රථ කන්දරාව , නිලනිවාස, කාර්ය මණ්ඩල, වෙඩි නොවදින නිල රථ, ආදී එකී, මෙකී, නොකී, සියලු වරප්‍රසාද අහිමි වෙනවා නම් රටට ලැබෙන මුදල් ඉතිරිය ගැන හිතල මමත් එතුමාට ඡන්දෙ දෙනවා. (නදී)
අම්මපා අැයි මහින්ද එනවට මෙච්චරම බය (නදී)
ඇත්තම කතාව නම් මහින්දට අපේ රටේ දුටුගැමුණු රජතුමා වගේ වෙන්ඩ තිබුණා එතුමා සහ,එතුමා වටා සිටි පවුල, කල්ලි ඒ තත්වය නැති කලා. දැන් පමා වැඩියි කරුණාකර වැඩි ජනමතයට ගරු කර, අලුත් නායකයන්ට/තරුණ නායකයන්ට රට කරන්න ඉඩ දී ගෙදරට වෙලා ඉන්න.(නදී)
රටේම සම්පත් තනතුරු හතර වරිගයටම තමයි ඔන්න. (නදී)
ජය වේවා ! (බ)
ජයවේවා අපේ අප්පච්චි. අපි ඔබ සමගයි (නදී)