‘ජන වරමට ගරු කරමු - මහින්දට යළි ඉඩ නොතබමු‘ යන තේමාවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (3) පස්වරු 3ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට යයි.
පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන එම උද්ඝෝෂණයට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් හා සාමාන්‍ය ජනතාව සහභාගීවන බව පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
29 වරක් පැරදුනු අපේ සමහරුත් ඉල්ලනවනේ! (නි)
අනේ විජිත්, ඔයා චන්ද්‍රිකාට ඡන්දෙ දෙන්නේ මොනවා කළාටද? (නි)
අතපත්තු අතේ පත්තු කරන්.. කොහෙද මහත්තයෝ ඔය කියන චෝදනා තියෙන්නේ. එතුමාට ඡන්දෙ දීපු ලක්ෂ 58ක් එතුමාගෙන් සාධාරණය පතනවානම් ඔහේ කවුද මහත්තයෝ ඒ මිනිස්සුන්ට අපහාස කරන්න. තමුන්ගේ පැත්ත බලාගෙන එතුමාගේ අභියෝගයට ඡන්දයෙන් මුණ දෙන්න පිරිමියෙක් වගේ ..(බ)
මහින්දට එපා කියන්නේ කොටි හා කොටි කණ්ඩායම් වලට ආධාර දෙන දේශීය හා ජාත්‍යන්තර බලවේග පමණි. මහින්ද රටට නරකක් කළ බව ඇත්තකි. එය ඔහුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා දැමීමට තරම් නොවේ. අනෙක් අතට 1988/90 කාලයේ තරගෙට මිනිමැරූ අයට වඩා වැඩි ඡන්දෙ ඉල්ලන්න ශුද්ධ අයිතියක් මහින්දට ඇතිබව පිළිගත යුතුයි. (නි)
එජාපයට සම්පූර්ණ බලය දීම භයානකයි. ෆොන්සේකගෙ පක්ෂෙට ජවිපෙට මහින්ද විරෝධී ඡන්ද බෙදෙන්න ඕනා. නැත්නම් වෙන්නෙ ආයෙ රට අමු සොහොනක් වෙන එක. එක තැනක යූඇන්පී කාරයෙක් ප්‍රතිචාර දාලා තිබුනා 77 වාගෙ රටේ ප්‍රචන්ඩ ක්‍රියා නොකළ එක වැරදියි කියලා. (නදී)
අනේ අර හොර තක්කඩියෝ නම් ලංකාවට එපා (නදී)
රනිල් මහතාගේ දුර දක්නා නුවන. මහින්ද එනවා කියන්නේ එජාපය ඉහලින්ම දිනනවා. (නදී)
මහින්ද එනවට හැමෝම බය වෙලා වගේනේ. එයා පරදිනවලු. කුණු බක්කියට වැටෙනවලු. ඉතින් දෙයියනේ මේ අය කියන්න ඕනේ අනේ කොහොමහරි මහින්ද එන්න කියලනේ. (බ)
වංචා දුෂණ පැමිණිළි 7000 කට වැඩි දුෂිත පුද්ගලයෙක් බලයට ගේන්න දගලන්නේ මන්ද බුද්ධික නුතන වහල්ලු. කෙසේ හෝ මහින්දව පරදවා නව පාර්ලිමේන්තුවේදී වත් රටේ මහජන මුදල් කොල්ල කාපු සියලූම දුෂිතයන්ට දඩුවම් දී එම සම්පත් රටේ සංවර්ධනයට ලබා ගත යුතුයි (නදී)
කොහෙන් හරි කුට්ටියක් ලැබිල වගේ (බ)
ජයවේවා! (නි)
කට්ටිය බයවෙලා මහින්ද එයි කියලා. (නි)
ජනවරමට ගරු කරනවා නම් ඇයි මහින්ද එපා කියන්නේ.මහින්ද එන්න හදන්නේ කුමන්ත්‍රණයක් කරලා නෙමෙයි. ජනතාවගෙන් වරමක් අරගෙන එන්න හදන්නේ. බයවෙන්න එපා.ඒක ජනතාව තීන්දු කරාවි (නි)
මහින්ද භීතිකා රෝගයේ රෝග ලක්ෂණ දැන් එළිපිටම පහළවෙන්න පටන් අරගෙන වගෙයි (නි)
සමහරුන්ට ඕනෑවෙලා තියෙන්නෙ රට කොටියට යනකොට ඒ දිහාවත් නොබලන,හැමතැනම බෝම්බ පුපුරණකොට ඒ ගැන තැකීමක් නැතුව ඉන්න, හමුදාවෙ කොල්ලො බුරුතු පිටින් මැරෙනකොට ඒ ගැන නොදන්නවා වගේ ඉන්න කෙනෙක් වෙන්න ඇති. පසුගිය වසර 25 කාලය තුළ මේ අය හිටියෙ ලංකාවෙද කියලා අහන්න හිතෙනවා. එදාට වැඩිය අපිට දැන් බය නැතුව ඉන්න පුළුවන්. මහින්ද නැතුව වෙන නායකයෙක් 2005 ඉඳලා හිටියා නම් රටින් බාගයක් දැන් කොටියා අල්ලගෙන. (නි)
ඔය කැඳවුම්කරු ගැන අපි ගොඩක් ඉස්සර ඉඳලා දන්නවා.එදා කළෙත් දේශපාලනය. හොඳයි අපි බලමු කවුරු මොනවා කිව්වත් ජනතාවගේ තීන්දුව මොකක්ද කියලා. (නි)
මෙම පෙරමුණේ මෙම තේමාවම ප්‍රජාතන්ත්‍ර විරෝධිනේ. ජනවරම කුමක්ද බලන්න මහින්දට ඉඩදීලා බලන්න කියලා බලමු. තීරණය ජනතාවගේනේ. (නි)
ෂා කැසිනෝ ලොක්කගේ මුණ ඉපිලෙනවා. කුඩු ලොක්කටත් පුල් චුන් එකක් ගිහිල්ලා. එතනෝල් කාරයා ගෙදර පාටියක් දාලා. මොකද මේ? මහින්ද ආයිත් ඡන්දෙට එනවා කියලා. (නදී)
යම් සත්‍යක් තියෙනවා. එතකොට මහින්ද වටේ ඉන්න ඉහඳ පනුවෝ ටික කොහොමද එලවන්නේ. (නදී)
මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක් ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක් නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.(නදී)
ජනවරමට ගරු කරනවා නම් කොහොමද යු.එන්.පී ආණ්ඩුවක් අාවේ. (නදී)
සමන් රත්නප්‍රිය රාජිතට කඩේ යනවද ? (නදී)
අනේ මෙහෙමත් කතා (නදී)
රටට මහින්ද හැර වෙන විකල්පයක් තියනවද ? (නදී)
අනේ මෙහෙමත් දේශපාලනයක්.(නදී)
මහින්දව ඕනේ කියලා බලයට නැවත ගේන්න මේ වගේ අය ඉන්න රටකට දෙයියෝවත් බලන්නේ නැහැ. ඔලු ගෙඩි වලට හෙන ගහලද මේ හරකුන්ගේ (නදී)
මහින්දට අපේක්ෂකකම දුන්නොත් අනිවාර්යෙන්ම චන්ද්‍රිකා ගම්පහින් ඡන්දයට එනවා. චන්ද්‍රිකා අනිවාර්යෙන්ම මහින්දට වඩා විශාල මනාප ප්‍රමාණයක් ගන්නවා. එතකොට එතුමිය අගමැති වෙනවා. ඊට පස්සේ කට්ටිය එකතුවෙලා මහින්දට තියෙන 7000 ට වැඩි චෝදනා විභාග කරනවා. මේක මහින්ද ගේ තියෙන බල තණ්හාව නිසා ඔහු විසින්ම ඉල්ලන් කෑමකි. මේක තමයි අද වෙන්න යන්නේ.(නදී)
මහින්ද මෙතරම් බලයට කෑදර ඇයි? (නදී)
අති විශිෂ්ට නායකයෙක් වශයෙන් විශ්‍රාම ගන්න තිබිච්ච එතුමා අන්ත බල ලෝබි පරාජිතයෙක් වශයෙන් ඉතිහාසයේ කුනු කුඩයට වැටෙන එක ගැන දුකයි.(නදී)
මහින්දට ඔය තරම් බය මොකද කට්ටිය. මනුස්සයෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරිද? මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයිද? (නදී)
අනේ එන්න නම් දෙන්න එපා අයේ. අපිට දැන් නිදහසේ ඉන්න පුළුවන්, නීතියේ සරණ පතන්න පුළුවන්,අපට අනාගතයක් ගැන සිතන්න පුළුවන්. (බ)
එන්න දෙන එක නොදෙන එක ජනතාව තීරණය කරයි. එ්කට ඔයාලගේ උපදෙස් ඕනේ නෑ. ඔයාල කරුණාකරලා මෙතන කාලේ කන්නේ නැතුව ගිහින් රට වෙනුවෙන් ඔයාලගේ රාජකාරී වලට වාර්තා කරන්න. (නදී)
ඉමල්කා මෝඩ රාජපාක්ෂිකකම පෙන්වන්න එපා.. යුද්ධෙ කරන්න වැඩිපුරම උදව් කළේ ඔය බටහිර රටවල් හා ඉන්දියාව තමා...රාජපක්ෂ කියන බලලෝභියා ඡන්දෙට ආවත් නාවත් එජාපය දිනනවා..(බ)
මහින්ද එනවට එජාපෙ කැමතියි. ශ්‍රී ල නි පෙන් ඉල්ලුවොත් පරණ මඩ පොස්ටර්ම නැවත ගහල, පරණ තැටියම නැවත වාදනය කරන්න පුළුවන්. වෙන පක්ෂේකින් ඉල්ලුවොත් ශ්‍රී ල නි පෙ බෙලහීන වෙනවා. එතකොට දිනන්න පුළුවන්. උෟරෝ කැකුණ තලනකොට වැලි කුකුලන්ට මගුල් කියන්නේ මෙහෙම දේවලට (නදී)
ජනතාවට අතීතය මතකයේ ඇති. (නදී)