උතුරේ ජනයා මහින්ද චින්තනය ප්‍රතික්ෂේප කළ බව පසුගිය ජනවාරි අට වැනිදා එළිපිට ප්‍රකාශ කර ඇතැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා යාපනයේදී පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මහ ඇමැති එසේ කීවේය.
නව පාලනය කෙරෙහි උතුරේ ජනයා බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත් ඔහු කීවේය.
රැස්විම පැවැති දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට පෙදෙස ජාතික කොඩි හා පලාත් කොඩිවලින් අලංකිර කැර තිබිණි.තොරණ දක්නට නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තනය නම් හරි, කෙරුවාවයි වැරදි (නි)
මුළු රටම බෙදුම් වාදය සහ ත්‍රස්තවාදය එපා කිව්වේ හුඟක් කලින් (නදී)
ඒකද විග්නේෂ්වරන් මහත්තයො ඔබතුමාලා පහුගිය දවසේ "දෙමළ ජනතාව සමූල ඝාතනය කර ඇත" වගේ යහපාලන යෝජනාවක් පළාත් සභාවෙ සම්මත කර ගත්තෙ?(නදී)
ඊළාම් චින්තනය එපාද කට ඇරලා ඒක කියන්න වැදගත්දේ ඒක. (නදී)
ඒක නම් ඇත්ත දුමින්ද (නදී)
මහින්ද නැවත අවොත් , අපි ලෝකේ තනිවෙනවා (බ)
උතුරට විතරක් නෙමෙයි,2010න් පස්සේ මහින්ද චින්තනය මුලු රටටම එපාවුණා (නි)
අපිට එම චින්තනය සතර දිශාවටම එපා. (නි)
යහ පාලන චින්තනය යනවිදිය බලනකොට කාටකාටත් මහින්ද චින්තනයේ අගය තේරෙන්න වැඩිකල් යන්නේ නැ. (ර)
මතබේද වලට තුඩුදෙන, තරමට වඩා බලතල ඉල්ලමින් කාලය නාස්ති නොකර පළාත දියුණු කරගෙන ජනතාවට සතුටින් ඉන්න පුළුවන් වාතාවරණයක් උදා කරන්න. (ර)
මහින්ද චින්තනය ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ අප්‍රසාදයකි (නි)
උතුරට එපා වුන හේතුව කොටින්ව විනාශ කරපු නිසා. (බ)
තමන්ගේ ජාතියේ සමහර අයටත් එපාවුණානේ ඉතින්... (නි)
ඇයි උතුරට විතරක්? අපිටත් එපාවෙලයි තියෙන්නේ (නි)