මහින්ද රාජපක්ෂ හිටපු ජනපති චීනයේ නිල සංචාරයක් සඳහා අද (23)උදේ 7:30ට ශ්‍රි ලංකන් යානයකින් පිටත්ව ගියේය
ඔහු සමග පස්දෙනෙක් ගමනට එක් වූහ යානය චීනයේ ග්වැන්ෂෝ ගුවන්තොටුපොළට ලඟා වීමට නියමිතය.
චීන රජයේ ආරාධනයෙන් චීනයට යන හිටපු ජනපතිට රාජතාන්ත්‍රික වරප්‍රසාද ශ්‍රි ලංකා රජයෙන් ලබා දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අසත්පුරුෂයෝ රැල මහින්ද මහත්තයා වටේ නොහිටියා නම්, ඔවුන්ගේ අමනෝඥ උපදෙස් නොපිළිගත්තා නම්... තවමත් මහින්ද මහත්තයා රටේ ජනාධිපති..! (නි)
සුභ ගමන් මහා රජාණනි. යහතින් සැපත් වන්න අපි සුභ පතමු. (ම)
අපේ රටේ ජීවය ඔබයි. ඔබට ජය ! (නි)
බුදුසරණයි සර්! (නි)
මෙය නිල සංචාරයක්ද? පුද්ගලික සංචාරයක්ද? (නි)
සුබ ගමන් මහා රජාණෙනි ඔබට සංචාරය හොඳින් නිමා කර එන්න (ම)
ඔබතුමා ලොකයේ ත්‍රස්තවාදය නැති කරපු පලමු රාජ්‍ය නායකයෙක් හැටියට ලෝක නායකයින් පිළිගෙන මේවගේ අාරාධනාවක් ලැබිම ගැන රටෙි පුරවැසියන් හැටියට මහත් අාඩමිබරයක්,ඔබතුමාට ගොඩක් පින්,සුබ ගමනක් වෙිවා! (ම)
සුබ ගමන් ඔබට විරුද්ධව ලියන හැම කෙනෙක්ම අද පොළොවේ පය ගහල ජිවත් වෙන්නේ ඒ උත්තම පුරුෂය නිසා කියල මතක නැහැ. (ම)
තෙරුවන් සරනය් මහින්ද මැතිතුමනි (ම)
අපේ සිංහල මිනිස්සුන්ට 30 වසරක යුද්ධය මෙච්චර ඉක්මනට අමතක වුනාද? (බ)
ජයවේවා ! රටේ අනාගතේට ඔබ මිස වෙන කවුරුත් නැත (ම)
මොනවද අප්පා මේ ආමන්ත්‍රණ කරන වචන? මහා රජාණෙනි...? අපේ මිනිසුන්ගේ මොළය කොලොප්පන් වෙලාද? (නි)
මේක ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් වාගෙයි. (හේ)
පහයිද ගියේ?
ඔබතුමාට දළදා සමිදු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා (ම)
මහින්ද චීන විනෝද චාරිකාව අරඹයි කියලා කිවුවා නම් මීටවැඩිය ගැළපෙනවා කියලා හිතෙනවා (නි)
සතුටුයි. තාමත් ලෝකය පිළිගන්න නායකයෙක්. (නි)
මේවට තමයි අපි නම් කියන්නේ නිදහස වල්බූරු නිදහසක් කරගෙන කියලා (නි)
සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (නි)
සුබ ගමන්! (නි)
චීනයේ සල්ලි මහින්ද ළඟ තිබෙනවා - මහින්දගේ සල්ලි චීන්නු ළඟ තිබෙනවා කියා උපකල්පනය කළොත් මුළු ඒකාබද්ධ විරුද්ධ පක්ෂය මටත් විරුද්ධ වේවි. හැබැයි මම කිව්වේ නැහැනේ ගාණ කීයද කියල. ඒ නිසා කවුරුත් තරහ වෙන්නෙත් නැහැ. (නි)
ශ්රී ලංකාවේ රජු අනෙක් රටවල නායකයන්ටත් වඩා අපිට අභිමානවත් (නි)
මහරජාණෙනි අපේ රටට ආයෝජන රැගෙන එන්න. ඔබට ජය සිකුරුයි (ම)
රාජතාන්ත්‍රික වරප්‍රසාද නැතුව අද රට යන අය බොහොම අඩුයි. එදත් එහෙමයි අදත් එහෙමයි. (නි)
කුමාර හරියට හරි. මෙතන සමහර උදවිය පිස්සුවෙන් වගේ ලියන්නේ. එතුමා නිසා තමා අපි නිදහසේ ඉන්නේ තාම. ඔබතුමාට දළදා සමිදු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා (බ)
රට නිදහස් කරපු කෙනා නිල සංචාරයක් යනකොට එක වල්බූරු නිදහස්කලු. එතුමා බලයේ ඉන්නකොට නම් විපක්ෂේ අයවත් එක්කගෙන ගියා. පුදුම වෛරයක්නේ දිලාන්ලගේ තියෙන්නේ. (නි)
සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (නි)
පස් දෙනාද අරගෙන ගියේ ? මදි මදි මහින්දගේ තත්වෙට හොඳටම මදි. සීයක් එකසිය පනහක්වත් අරගෙන යන්න එපැයි ඉස්සර වගේ. (බ)
සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (බ)
සුබ ගමන් ඔබට (ම)
මෙවන් නායකයෙක් ලැබීමත් අපට සතුටක්. නැවත ඔහුගේ පැමිණීමත් අප බලාගෙනයි ඉන්නේ. ඔබට සුබ ගමන්....!! ජයශ්‍රී....!! (නි)
විරුද්ධව ලියන හැම කෙනෙක්ම අද පොලවේ පය ගහල ජිවත් වෙන්නේ ඒ උත්තම පුරුෂය නිසා කියල මතක නැහැ. නැත්තම් අදටත් කොටිත් එක්ක සාකච්ඡා කර කර මිනි පෙට්ටි වළලන එක තමයි කරන්නේ. (බ)
සුබ ගමන්! දළදා සමිඳු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා! (නි)
මේ යහපාලනය නමැති පිළිකාවෙන් රට බේරගන්න පිලියමකට විදේශ නායකයන් බිලිබාගන්න යන ගමනක් වෙන්න පුළුවන්. යුද්ධය දිනුවට වඩා අපේ රට දියුණුව අඩාල කරවන යහපලකයින් ගෙන් රට බේරගන්න ටිකක් අමාරු වැඩක්. මොකද ඒකට කත් අදින බුද්ධිමත් විදිහට රට ගැන හිතන්න බැරි ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්නනිසා (බ)
මෙයාට දැන් දෙවරක් ජනාධිපතිකමත් අගමැතිකමත් දුන්නනේ. බල තණ්හාව නැතුව විශ්‍රාම සුවයෙන් හිටියා නම් ඉවරනේ (නි)
සුභ ගමන් මහ රජාණෙනි. (බ)
මොනවාහරි වෙන වැඩකට යනවා ඇති. මේවට තමයි අපි වල්බූරු නිදහස කියන්නේ (නි)