‘මහින්ද අද ගෙවලයෙක්, ගෙවලයා පයින් ගසා එළියට දැම්මාම හැරෙන්නේ ගේ පැත්තටමයි. ජනතාව ජනවාරි 8 වැනිදා පයින් ගසා එළියට දැමූ මහින්ද රාජපක්ෂ පාර්ලිමෙන්තුව පැත්ත බලාගෙනයි වැටෙන්නේ. හරියට හිටියා නම් අදත් ජනාධිපති මහින්ද. ආරක්ෂක ලේකම් ගෝඨාභය‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (9) අම්බලන්ගොඩ නගර ශාලාවේදී පැවසීය.
‘හොරුන් දූෂිතයන් එළවන්න ප්‍රධාන පක්ෂ දෙකටම ඕන කමක් නෑ. ඒ පක්ෂ දෙකේම ඒවගේ අය සිටිනවා. රජය හොරකම්වල ලොකු තෝරුන් මෝරුන් අල්ලන්නේ නෑ. එක යහපාලනයට විරුද්ධයි. එදා මහින්දලා හිටියේ හුඟක් උඩින්. ඔවුන් මිනිසුන්ට සැලකුවේ කූඹින්ට වගේ. අද මහින්දලා කූඹින් වගේ. මිනිස්සු උඩින් ඉන්නවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට මහින්දට එරෙහිව කතා කරන්න සාධාරණ හේතු තියෙනවා. මොකද කිසිම වරදක් නොකර බොරු චෝදනා දාල හිරේ දැම්ම එකම මදිද ? (නදී)
මහත්මයෙකු ලෙස පිරිසිදු සිංහල භාෂාවෙන් කතාකරන්න (නි)
මහින්ද මහතා ගැන කියපු කතාව ඇත්ත නමුත් ගත්තු උදාහරණය නම් හොද නැහැ. වැටුණු කෙනාට ගහන එක මිනිස් කම නෙවෙයි. මහින්ද මහත්තය මේ කතා නොඅසා වැදගත් විදියට ඔබේ සැඳෑසමය ගත කරනවා නම් අපි කැමතියි. (බ)
මහින්දලා හිටියේ එක්කෙනයි. සරත් ෆොන්සේකාට වැඩිය හොඳ අය කලිනුත් හිටිය කොබ්බෑකඩුව වගේ. යුද්දේ දිනා ගන්න බැරි වුනේ එ් වෙලාවේ මහින්ද කෙනෙක් නොහිටිය නිසා කියල මේ මෝඩයට නොතේරුනාට ලක්ෂ 58 (ජන 8 හැබැයි 65 ත් පන්නල 9 උදේ වෙනකොට) කට තෙරුනේ (බ)
මෙයත් ඉතින් ඒ වාගේ පැරදිලානේ ඉන්නේ, ඉස්සෙල්ලම ඔබතුමා පැරදුනු නිසා දේශපාලනයෙන් ඉවත්වෙලා අනිත් යටත් ආදර්ශයක් දෙන්ඩකෝ. (අ)
කව්ද මේ සත්‍ය මෙය ලංකාවේ වෙන්න්න බෑ
ඔබතුමා යහපත් විදිහට වචන හසුරවන්න දැනගෙන හිටියා නම් ගිය පාර මහින්ද නෙවෙයි ඔබයි ජනපති..(හේ)
මෙතුමාව හිරේට දාල මෙතුමාට කරපු නින්දා අපහස කටත් අමතක වෙලා වගේ. මෙතුමාගේ වෛරය සදරනෛ. මෙතන කමෙන්ට්ස් දාන නෝනලා මහත්තයල හිර බත් කෑවේ නැහැනේ. (කේ)
වෙල්ගම මහත්තයෝ, මහින්ද රාජපක්ෂ කපටි කමට හරි 2015 දී ලස්සන වචන කතා කරලා රටේ මහජනතාවගේ සල්ලි වලින් දොළ පිදේනි දීලත් ජනාධිපති වරණය දිනා ගන්න බැරි උනේ ඇයි?. 2010 අයියට හොර ඡන්ද දාන්න බැසිල් වගේ මල්ලිලා යොදා නොගන්න සරත් ෆොන්සේකා මහත්තය දැනටත් ජනාධිපති.(නදී)
ඔන්න ඔන්න ආයෙත් කට... (නි)
ඔබටත්, මහින්දටත්, ගෝඨාභයටත් කෙනෙකු මෙසේ කියනවාට අප කැමති නැහැ. ඔබ තිදෙනාම අපේ වීරයෝ. දේශපාලනය කරන්න අනුන්ට පරිභව නොකර (බ)
ගෙවලය හොදයි කන්න දුන්නු අත හපා කන අයට වඩා. (බ)
කලවැද්දෙක් නෙමෙයිද? (බ)
සත්‍යයා -මෝඩකම තිබුන පලියට පෙන්වන්න එපා.මෝඩ කතා නොකිය ඔලුව (තියෙනවනම්) ටිකක් පාවිච්චි කරන්න බලන්න.(බ)
ඇත්තම කතාවනම් සරත් ෆොන්සේකා කියන්නේ රට ගැන හිතන කෙනෙක්ද බලය ගැන හිතන කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන් නේ කාට කාටත් මේක බැලුවම..යුද්දේ ඉවර වුන ගමන් කිව්ව යුද්දේ දිනුවේ මහින්ද නිසා කියලා. ඡන්දේ ඉල්ලන කොට කිව්වේ මහින්ද මොනවද කළේ යුද්දේ දිනෙව්වේ මම කියලා..ඡන්ද කෑලි ටිකක් වෙනුවෙන් මොන තරම්නම් පහත් දේවල් කළාද. සුදු කොඩි කතාවක් කියලා හමුදාව බල්ලටම දැම්මනේ.. එහෙව් කෙනාට ෆීල්ඩ් මාෂල් පට්ටමකුත් එල්ලුවා..(බ)
එදා ඇත්ත කියපු හමුදාපති. මෙදා වෛරී දේශපාලනයෙන් මුසාබස් දෝඩන හිටපු හමුදාපති. කාලය මැව් වෙනසක කරුමේ....(බ)
මුඛයෙන්ද කතා කරන්නෙ (බ)
මසුරන් කතාවක්...(බ)
අනේ මේ වගේ ගෙවලයෙක් . තමාගේ තන තුරේ නම්බුවවත් තියන්න දන්නේ නැහැ . මම හිතුව මර්වින් සිල්වා , එස් . බි , රාජිත වගේ අයට විතරයි මේ වගේ කටවල් තියෙන්නේ කියල .(බ)
උගත්කම දෙපැත්තෙන් බේරෙනවා ........ (ම)
ජනතාවගෙන් ලක්ෂ 62 දුන්නේ දැන් ජනාධිපතිට, ඉතිරි 58ට මහින්ද මහතාය අගමැති වෙනවා බලන ඕනි. යහපාලන කට්ටියගෙම වෛරය බොහොම පැහැදිලි. (හේ)
සත්‍ය අසත්‍ය විදියටයි අසත්‍ය සත්‍ය විදියටයි පෙනෙන ඔයාගේ නම සත්‍යයා වුනේ කොහොමද කියලයි මම කල්පනා කළේ (නදී)
වෙල්ගම, ඔබ හරියටම හරි. (නි)
අපිට නම් එහෙම හිතෙන්නෙ නැහැ කවදාවත්. එතුමා නියම රජෙක් (නි)
ඔබ තුමා දන්නවද ගෙවලයෙක් වගේ කියන කතාවේ තේරුම.අර ඔබතුමත් මන්ත්‍රීකම ඉල්ලගෙන ආසනේ ඉල්ලගෙන නොදී ඉන්නකොට යන්නේ නැතිව දැන් අර නඩුකියල හරි ගන්න හදන්නේ,ආන්න එ්කත් ගෙවල කමක් තමා (බ)
මේ කතා කරන්නේ කලවැද්දානේ (බ)
වාචාල කටක් ඇතුව ඔබ හමුදාපති කිරීමට කෙළෙහිගුණ සැලකීම (බ)
මහින්ද ගැන අපි අහන්නවත් කැමති නැහැ. කරුණාකරලා ඔබගේ ඉදිරි දැක්ම ගැන අපට කියන්න. ඔබට ජය ! (බ)
අද ලක්බිමේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමු නායකයන්ට අවමන් කරමින් ගෙන යන මේ සිදුවීම් දිහා බලාගෙන ඉන්නේ බලවත් සිත් තැවුලකින්.මෙයාටත් කියන්න තියෙන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කීයලයි (බ)
අනේ අහෝ! ෆීල්ඩ් මාර්ෂල් මර්වින් ගේ ගොඩට වැටුනනේ (බ)
කට හින්දාලු මාලුව නහින්නේ (බ)
කාලෙකට පස්සේ වේදිකාවේ ඇහුන ඇත්ත කතාවක්.(හේ)
හරිම කණගාටුදායක වචන මාලාවක්...(හේ)
බල ලෝබයෙන් මත්වෙලා .(හේ)
මේ කියපු දේ ඇහුවහම මට මතක් වුනේ කොට්ටෙයි පනුවගෙයි කතාව.(හේ)
ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ.(හේ)
මාළුවා නහින්නේ කට නිසා (ම)
තමාගේ තත්වය තියාගෙන කතා කරන්න ඉගෙන ගන්න. මොන ලොක්ක වුනත් කමක් නෑ.(හේ)
අප්පෝ අපි හිතුවේ මෙයා හොඳ කෙනෙක් කියලා (හේ)
කට නිසා තමයි මාළුවත් නහින්නේ.(හේ)
මේවට මෙතුමාට බනින්න එපා .(හේ)
කතා කරන විදිහ හරි නැහැ ...නමුත් හරි කියන දේ හරි.(හේ)
අදහස් නම් ගොඩක් වටිනවා. එත් ඔබගැන තියෙන තක්සේරුවනම් බොහොම වැඩි අඩු කරගන්න ෆිඑල්ඩ් මර්ශේල් (කේ)
ඔහු කියන්නේ ඇත්ත නොවේ.(හේ)
හික්මීමක් නැති මිනිහෙක් වීරයෙක් උනේ කොමද කියල හිතාගන්න බැ (ම)
කන්න දීපු අත හපා කනවා.(හේ)
සතුරෙකුටවත් වෛර කරන්න එපා.(හේ)
දැන් තමයි හොදම යුද්ධය පටන් ගන්නේ.(හේ)
මෙයා පුදුම වෛරයකින් නේද හැම වෙලාවෙම මිනිසුන්ට කථා කරන්නේ ? (හේ)
මොනා වුනත් ෆොන්සේකයි මහින්දයි නිසායි යුද්දේ ඉවර වුනේ.(හේ)
අනේ ඇත්තද?(හේ)
අහෝ! මෙච්චරකල් මෙරටේ සිට බණ පදයක් අහලා නැද්ද? බුරා බුරා ඇවිළෙන ක්‍රෝධ ගිනි ඔබ දවන හැටි ඔබට නොපෙනේද? (නි)
දන්නෝ දනිති.(හේ)
ටෙලි නාට්‍ය රංගනයක් වගේ.(හේ)
තමාගේ තනතුරේ නම්බුවවත් තියන්න දන්නේ නැහැ .(හේ)
මොන දේ වුනත් ඔය වගේ වචන වලින් තිරිසන් සතෙකුටවත් බනින්න හොඳ නෑ.(හේ)
චතු සමග මම එකගයි....ඇත්ත පණිවිඩය ඒකයි.(හේ)
මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා.(හේ)
මෙතුමා ප්‍රධාන ප්‍රවාහයට ප්‍රවේශ වී පාර්ලිමේන්තුවේ අසුන් ගත යුතුයි.අන්ධ මන්ද වී ඇති යහපාලනයට නිවැරදි දිශාව පෙන්විය හැක්කේ මෙතුමාට පමණයි.(හේ)
ඇත්ත තමයි කියන්නේ .(හේ)
දැන් ඉතින් හොද හොද කතා ටිකක් අහන්න පුළුවන්.(හේ)
මෙහෙම කියන එක වැරැදියි නේද?(හේ)
අපිට හරි වේදනාවක්.(හේ)
මහින්දට විතරක් නෙමේ හැමෝටම කියන්න ඕනේ තණ්හාය ජායති සෝකෝ කියලා (නදී)
මහින්ද ගොඨාභය සරත් පොන්සේකා කියන ත්‍රිත්වයම රටට ලොකු සේවයක් කළා. ජනතාව නිසි තැන ඒ හැමෝටම දුන්නා. එතනින් පහලට වැටීම හෝ නොවැටී සිටීම තම තමන්ගේ වගකීමක්. මොනවා උනත් රටේ මිනිස්සු හරි වෙලාවට හරි තීරණ ගන්නවා. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. තේරුම් ගන්න මහින්ද හොඳ ජන නායකයෙක්. ගොඨාභය හොඳ ලේකම් කෙනෙක්. ෆොන්සේකා හොඳ හමුදාපති කෙනෙක් මේක මාරු උනාම අායෙත් මුලටම යන්න ඕනේ. අනුන්ගේ ලනු කාල දේශපාලනේ කරන්න බැහැ. ලංකාවේ මිනිස්සු යම් තැනකට යන්න දක්ෂයි. එතන රැඳෙන්න දක්ෂ නැහැ (නදී)
මොනවද මේ කතා? (නි)
කන්නාඩියක් ඉස්සරහ ඉදන් කියන්න ඕන දෙයක් ඕක.(හේ)
මහින්දට කියන්න ඕන තණ්හාය ජායති සෝකෝ කියලා .(හේ)
නියම ප්‍රතිචාරය සදුනි (නදී)
හරියට දැනගෙන කතා කරන්න ලංකා. ෆොන්සේකා යුද්දෙදි කළ හොඳ වැඩට සම්මාන දුන් ගිය ආණ්ඩුවම ද්‍රෝහී සුදුකොඩි කතාවට හිර දඬුවම් දුන්නා. එවැනි දේශද්‍රෝහී වැඩකදී කොයි රටෙත් නීතිය එකයි. එහෙමදේට දඬුවම් නොකර කිසිදු රටකට පවතින්නත් බැහැ. ඒ හින්දා ඔහු හිරේ දැමීම මහින්ද මහතා කළ වරදක් හැටියට පෙන්වන්න හැදීම සාධාරණ නැහැ. (නි)
ඇත්ත තිත්තයි කියනවනේ.(හේ)
බණ්ඩා මහත්මයෝ මහින්දට විතරක් නෙමේ හැමෝටම කියන්න ඕනේ තණ්හා ජායති සෝකෝ කියලා...(බ)