හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලමින් සන්ධාන නායකයන් පිරිසක් බදාදා (1) තංගල්ල කාල්ටන් නිවසට රථ පෙළපාළියකින් යාමට නියමිත බව සන්ධාන පක්ෂ නායක කමිටුව කියයි.
වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවක් එකතුවී මෙම තීරණය ගෙන ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොලයක් දෙන්න (නදී)
මහින්ද නැතුව රට පෙරට ගනු බැහැ. (අ)
තව පාරක් මුරුංග අත්තේ තියල වට්ටවන්නද කොහෙද හදන්නේ. (අ)
මේ පෙරහරේ යන්න හදන කසකාරයෝ ටිකට මහින්ද නැත්නම් කුජීත වෙනවා ආයේ හොරාකන්න ලැබෙන්නේ නෑ ජීවිතේට ඒකයි මේ සත්ව කරුණාව ආයෙත් ඇවිත් තව කන්න (බ)
මොලේ තියන සඳුන්ලා සමීරලා ඉන්න මේ රට නුදුරු අනාගතේ දී උතුරු ලංකාව දකුණු ලංකාව කියල කොටස් දෙකකට බෙදෙන දිනය වැඩි අෑතක නැහැ සිංහලයෝ සිංහලයටම වෛර කර කර ඉන්න අතරේ උතුරු නැගෙනහිර අය එකමුතු කමෙන් ඔව්න්ගේ ඉලක්කය කරා ඔව්න් යනවා (බ)
මහින්ද වෙනම ඉල්ලන එක හොදයි අඩුගානෙ රටට විපක්ෂයක්වත් ඕනනෙ. එජාපය ඊලඟ සැරේ ආණ්ඩුවක් පිහිටුවනවා. හැබැයි දුර්වල ආණ්ඩුවක්.එජාපයට සම්පූර්න බලය දෙන එක භයානකයි. මොකද එජාපයෙ ඉන්න බහුතරයක් ලේ කොළ පාට අය. ඒ අන්ධ භක්තිකයො පක්ෂය කරන ඕන දෙයක් අනුමත කරනව. 88/89 ටයර් යුගයක් ඇතිවුනෙත් ඒකයි (බ)
ගෙදර ගිය නායකයෙකු නිසා මේ රට මෙතරම් විහිළුවක් බවට කවදාවත් පත් වෙලා නැහැ. (ම)
ඔය යන්නේ හොර පොදියම එකට. (අ)
ශ්‍රීලනිපය මිනිසුන්ට එපා කළේ මහින්ද සහ නඩයයි. (බ)
රටට නැතිවම බැරි නායකයෙක්. කොහොම හරි මෙතුමා ගෙන්න. (හේ)
බොරු වැඩක්.(හේ)
හිටපු ජනාධිපති තුමනි, දේශපාලන අනාථයන් රකින්න එපා. ඔබ තුමත් අනාථ වෙයි. (ම)
මොනවද මේ බොරු වැඩ. කයිවාරු ගහන්නේ නැතුව ඉල්ලන පක්ෂය මහජනතාවට කියා තමාගේ ජයග්‍රහණයට කටයුතු කරගන්න. නිකම් තෙපර බබා ඉන්නේ නැතුව. (බ)
ඇයි මෙච්චර බයවෙලා (බ)
මහින්ද නැතුව පෙරට ගනු බැහැ මහේෂ් නෝනද කීවේ (බ)
පෙළපාලියේ ඉස්සරහින් මොන බෙරේද ගහන්නේ ? (නදී)
මහින්ද මහතාට කරන්න තිබුනේ මෙම හොර නඩය සමග එකතු නොවී, පන්සල් වලට ගොස් පක්ෂ නායකත්වය විවේචනය නොකර, අගමැති අපේක්ෂක කම ඉල්ලනේ නැතුව පක්ෂයට ආධාර කරමින් අවංකවම පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම. එතකොට නිකම්ම ඡන්දෙට ඉල්ලන්න නාම යෝජනා ලැබේවි. ඊට පස්සේ පාර්ලිමේන්තුවට අාවට පස්සේ අගමැතිකම ගන්න එක සුලුදෙයක්. දැන් වෙලා තිබෙන්නේ මේ හොරුටික නිසා ඔක්කොම අවුල්වෙලා පක්සේත් දෙකඩ වීමයි. එහෙම උනොත් එ.ජ. පෙ දිනාවි. එ.ජා.පෙට දිනන්න බැරි උනොත් ශ්‍රී ල නි පෙ මෛත්‍රී කණ්ඩායම සමග එකතුවී ආණ්ඩුවක් පිහිටුවාවි. එතකොට ජ.වී. පෙ හරි දෙමල පක්ෂ වලට හරි විපක්ෂනායක කම යාවි. මහින්ද මහතාට ඉන්න වෙන්නේ නිකම්ම නිකම් විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේ පාර්ලිමේන්තුවේ. හොරු ටිකත් මෙදා පාරත් මහින්ද මහතාගේ කරපිටින් පාර්ලිමේන්තු යාවි (නදී)
සුදු වෑන් පෙළපාලියක්ද එන්නේ ? (නදී)
මහින්ද ඡන්ද සටනට ඇවිත් එයාට හිමි තැන මොකක්ද කියලා දැන ගන්න අයිතියක් තියෙනවා වගේම අපිටත් රටම දැනුවත් කරලා මහින්දට හිමි තැන ලබා දෙන්න අයිතියක් තිබෙනවා.(ම)
බණ්ඩා.එහෙම කියන්න එපා. අපේ රට නිදහස් කර දුන්නු එතුමාට එහෙම කියන එක හරිද? (ම)
ඒ කියන්නනේ මහින්ද ඉල්ලුවේ නැත්නම් මේ අය අතරමග තමයි.(ම)
යුද්ධය ඉවරකරලා රට බේරපු එකට මිනිස්සු 2010 කළගුණ සැලකුවා. දිනපු යුද්දේ විකුණලා වැරදි කරලත් මිනිස්සු 2015 සැලකුවා. ආයෙත් මොනවටද සලකන්න කියන්නේ ? (බ)
ජනාධිපති කාලේ වැරදි වැඩ කරන්න එපා කියලා පෙරහැර ගියානම් දැන් යන්න වෙන්නේ නෑනේ (ම)
මහින්ද සමග ඉන්න සියලුම දෙනාම දේශපාලන අනාතයෝ. ඔවුන් මහින්දගේ ප්‍රවේනි දාසයෝ වෙලා.නැවත රට චීනන්ට උකස්තියල මතලට ණය අරන් අන්නගතයේ උපදින දරුවනට ණය ගෙවන්න කරන විගඩමක්. මේ මෝඩ රලලාට වහල් සේවයට යන්නම ඕන .මහින්දට රජ වගේ ඉන්න ඕන.නැති වූ වරදාන ගන්න . පුදුම හරක් රැලක් (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට (අ)
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර්බුදයක හිඳිමින් ඒ සැම අමතක කරදමා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සංගීතයට තම ගායන හැකියාව මුසුකර අමන දේශපාලනඥයන්ගෙන් ගහන වූ දේශපාලන ලෝකයේ 'පෙදෙහි රසහව් විදුන' මෙවන් නායකයන් ලෝකයටම ආශිර්වාදයකි.(ම)
අර්ජුන රණවන- "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට" .නැවත බණඩාරනායකල අතට යනවා කියල අහන්නත් සතුටුයි. (බ)
මහින්ද මහත්තය ගේන්න ඕන නැහැ. ජනතාව සුදුසු පියවර ගනීවි. ඔය කට්ට්ය ගියොත් ලැබෙන ඡන්ද ටිකත් නැතිවෙයි (නදී)
මහින්ද මහත්තය ඔය පක්ෂ සලකුණු මත යැපුණු කෙනෙක් නෙමෙයි. එතුමා ජිවත් වුනේ ජනතාවගේ හදවත් තුල යැපුණේ ජනතාවගේ අදහස් තුල. පරාද වුනු එතුමාගේ නමට බයයි කට්ටියට අදටත්. (ර)
ඔය පෝලිමේ යන්න බලාගෙන ඉන්න පලා බබාලා සහ අනිත් ප්‍රා බබාලා නිසා තමයි තව කාලයක් ඉන්න තිබුන නායකත්වය රටට නැතිවුනේ. මේක හිටපු ජනාධිපති තුමා අවබෝධ කරගන්න ඕනි. නැත්නම් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න.(හේ)
මහින්ද මහත්තය ඉන්නේ කොලඹනේ තංගල්ලේ ගියාට වැඩක් නැහැනේ (නදී)
තන්හාව නිසා ලංකාවට වෙච්ච දෙයක් (නදී)
තණ්හාව නැති ඔයගොල්ලෝ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නකෝ එහෙනම්.(ම)
මේවා නම් බොරු වැඩ. පනින රිලවට ඉනිමන් බඳින්න ඕන නෑ. නාම යෝජනා ලබා දෙන්නේ නැත්නම් කෙලින්ම වෙන පක්ෂයකින් හෝ ඉදිරිපත් වී දිනුම හෝ පැරදුම බාර ගන්න. (නදී)
මිනිසුනේ තමන්ගේ තිබෙන වෛරය සහ නිවට ද්‍රෝහී බව පෙන්වීම සුදුසු නැත.ඔබලා කුමන නම්වලින් ප්‍රතිචාර දැම්මත් මෙරට කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගත් යුග පුරුෂයාට අපහාස කිරීම සුදුසු නැත.එතුමා ඉවත් කළේ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණවල ප්‍රතිපලය.එනිසා එතුමාගේ ප්‍රති රුපය විනාශ කරන්න වැඩ කටයුතු නොකරන්න.එය රටට කරන ලොකුම විනාශයකි.දනා මේ තියෙන අභියෝග ජයගන්න මහින්ද මහත්මා මිස සුදුසු අන් කවරෙක්ද? (බ)
යූ එන් පී සහ මෛත්‍රී ගැත්තෝ හිත සතුටු කර ගන්න මෙතන බයිලා ගහනවා. ,ලබන 18 වැනිදා උදේ වෙනකොට බලාගන්න ජනතාව දීල තියෙන්නේ මොන තීන්දුවද කියල. (බ)
අපේ බුද්ධිමතුන් දැනගත යුතුයි මේ විසි කරන්නේ අපෙන්ම උපයාගත් මුදල් බව. මේ කරන්නේ ආයෝජනයක්. "මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි" කියලා කියනවනේ.(නදී)
ලංකාවේ මෝඩ මිනිසුනේ දැන්වත් ඇස අරපල්ලා දේශපාලනය කියන්නේ හොදින් අත මිට උපයා ගැනීමක්, අපේ වටින ඡන්දය දීලා මෙයාලාට උපයගන්න තවත් උදව් කරනවද ???? (ම)
මේ හැම දෙනාටම ඡන්දෙ නොදිය යුතුයි. මේ අය තමා මහින්ද මහතයාව විකුණලා රට කෑවේ, (අ)
ප්‍රකාශ් ඔබ නිවැරදියි ජාතියක් ජම්මයක් නැති එවුන් කොහොම කතා කළත් ඒ දුෂ්ටකම තමයි ප්‍රදර්ශනය වෙන්නෙ (බ)
මෙහෙමත් රටක්! (අ)
ප්‍රකාශ් නිකම් බණ කියන්නේ නැතිව ඉන්නවාද ? යුග පුරුෂයෙකු නම් ඒ විදියට ඉන්න ඕන. රටට වැඩක් නැති සහචරයන් ටිකක් වටේට තියාගෙන තමන්ගේ තත්වේ නැති කරගත්තා . දැන් මෙතන ලියන මිනිස්සුන්ට බැනලා මේ නරි නාටක වහ ගන්න පුලුවන්ද ? (බ)
තමන්ගේ ගෙදරටම කුලී ගත්තේ ජනතා සේවයට ඇති කැමැත්ත අනුව?
මහින්ද රාජපක්ෂ නම් ආපහු මේ රටේ අගමැති වීම බොරුවක් , එසේ වන්නට කොහෙත්ම ඉඩක් නැත , මේ නිසා පහසුවෙන් එජාපය ජය ලබනවා සිකුරුය (අ)
හිටපු ජනපති මහින්ද නැත්නම් මෙයාලට යන එන මගක් නැති බවයි පෙනෙන්න තියෙන්නේ (අ)
අනේ් මොකද කොහොම ගියත් අපිට (ම)
හානිය අවම විකල්පය තෝරා ගැනීම හැර අවදානම් සහගත වත්මන් පාලනය තුළින් අනාගතයේ සිදු වන්නට නියමිත මහා විනාශය වැළක්විය නොහැක.(ම)
මහින්ද කියනවා "අපේ හාමුදුරුවනේ ඉස්සරනම් නඩු අහල වැරදිකාරයො වුණාම හිරේ දානවා , දැන්නම් ඉස්සරවෙලාම හිරේ දානවා පස්සේ තමයි නඩු දාන්නේ . මේක යහපාලනය නෙමෙයි යමපලනය" මොලේ අබ ඇටයක් තරම් තියන කෙනෙකුට මහින්දගේ මේ කතාව ඇති මහින්ද කව්ද කියල හිතාගන්න. (ම)
සිංහලයට සතියක් ගෙවෙනකොට සියල්ල අමතක වෙනවා මේ මිනිස්සු මැරිලා ඉපදුනාද දන්නෑ අද බිය සැක නැතිව නිදහසේ ඉන්නේ කාට පින් සිද්ද වෙන්නද කියල අමතකද (බ)
මෙතන ඉන්න අය තණ්හාව නැති 'රහත්' වෙච්ච අයවගේනේ කතා කරන්නේ. මම නම් මගේ රටට පණට වඩා ආදරෙයි. මෙතන ඉන්න, 'රහත්' වෙච්ච අය මේ පාර ඡන්දෙ දාන්න එපා. 'චන්ද රාගය' මතුවෙයි. (නදී)