IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද ගේන යෝජනාව විසිවේ

හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට ගෙන ඒමට හා එම පක්ෂයන්ම අගමැති වශයෙන් ඉදිරිපත් කිරිම සඳහා උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී සරත් පාලිත සමරවික්‍රම මහතා ගෙන ආ යෝජනාව සභාපති බන්දුල සෙනවිරත්න මහතා ඉවත දැමීය.

එම අවස්ථාවේදි යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයා හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර විවාදාත්මක අවස්ථාවක් උදාවිය.

ඔහුගේ තවත් යෝජනාවක්  වූයේ මධ්‍යම පළාත් මහ ඇමැතිට සහය පළ කරමින් ඔහු ප්‍රධාන අමාත්‍ය ධූරයේ  එලෙසම තබා ගන්නා ලෙසය.

උඩුනුවර ප්‍රාදේශිය සභා සභාපති බන්දුල සෙනවිරත්න මහතා එම පළමුවැනි යෝජනාව සභාවට ඉදිරිපත් නොකරන ලෙසත් එසේ වුවහොත් උඩුනුවර ප්‍රදේශිය සභාවේ විපක්ෂයේ එය පරාජය කිරීමේ සුදානමක් පවතින බවත් වත්මන් රජයට සහාය පළකිරීමට පළාත් සභාවේ සංධානයේ සංවිධායක ඇතුළු සියලුම දෙනා සහාය දක්වන අවස්ථාවේදි මෙවන් යෝජනාවක් ගෙන ඒම මගින් ගැටළුකාරි තත්වයක් ඇතිවිය හැකි බවත් පැවසිය.

යෝජනාව ගෙන ආ සරත් පාලිත සමරවික්‍රම මහතා හිටපු ජනපති  වසර 30 ක යුද්ධය නැති කළ බවත් එතුමා නැත්තම් මේ ප්‍රදේශිය සභාවත් නැති බවත් මෙම යෝජනාව සභාවට නොගන්නේනම් මා හට දින 7 ට කලින්වත් නොදැන්වුයේ මන්දැයි යනුවෙන්ද සභාපති වරයාගෙන් විමසීය. එක්සත් ඡාතික පක්ෂයේ සංඛ මන්ත්‍රිවරයා නැගිට සභාපති වරයා විසින් සභාවට නොගෙනෙන්නට ගෙන ආ යෝජනාව නොතකා මෙම මන්ත්‍රිවරයා කතා කරන්නේනම් සභාවේ ගරුත්වයක් නැති බවද ප්‍රකාශ කළේය.

තමාගේ යෝජනාව ඉවත දැමු නිසා එයට හේතුව ලිඛිතව තමාට දැනුම් දෙන ලෙස සභාපතිවරයාගෙන් එම මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

L-1 L-2-sarath-palitha-samaravikrama L-4



අදහස් (0)

මහින්ද ගේන යෝජනාව විසිවේ

අබේරත්න - ටෝකියෝ Tuesday, 31 March 2015 03:46 PM

උඩුනුවර සභාපති උඩබලාගෙන කෙළගහලා වගේ. (ත)

:       0       0

ලාල් Tuesday, 31 March 2015 04:23 PM

සභාපතිතුමාගේ තීරනය නිවැරදියි.රටකාපු අය මොකටද? අායෙමත් ඉතුරු ටිකත් කන්නද? (බ)

:       0       0

ලාල් Tuesday, 31 March 2015 04:24 PM

සභාපතිතුමාගේ තීරණය නිවැරදියි. (නි)

:       0       0

කැළුම් Wednesday, 01 April 2015 09:21 PM

මම නම් මොකුත්ම කියන්නේ නැහැ මේවට (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 04:41 PM

හරියට හරි ඉන්දික. මහින්ද භීතිකාවෙන් පෙළෙන කට්ටියට මේ ආරංචිය බොහොම මිහිරි ඇති. හැබැයි රටේ වාසනාවට අවසාන තීරණය එයාලගේ නෙමෙයි. (නි)

:       0       0

වරුණ Tuesday, 31 March 2015 04:43 PM

කවුරු මොනවා කිවුවත් එතුමා දිනනවාමයි (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 04:53 PM

අනේ වාසනා, ඔයා ඔය අදහන දෙවියන් කවුද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 04:57 PM

වාසනා, මොකද මේ ඔයත් අපිව බයකරන්න හදන්නේ? රටේ ජනතාව වඩා බලවත් නිසා එයාලා වෙලාවට නියම තීන්දුව ගනීවි. කලබල නොවී ඉන්නකෝ. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 04:59 PM

අපේ රටට නැවතත් මහින්ද ඕනෑ රට රැකගන්නයි. මිනිස්සු බොරු ප්‍රචාර වලට නොරැවටී මෙවර නිවැරදි තීන්දුවක් ගන්නා බව සහතිකයි. ජයෙන් ජය වේවා වීරයාණෙනි! (නි)

:       0       0

දිසානායක Tuesday, 31 March 2015 10:48 AM

දැන් හම්බ කලා ඇති නේද? පරණ කට්ටියම ගෙදර ඇරලා අලුත් ,විනය ගරුක මහත්වරු පත් කර ගනිමු.(හේ)

:       0       0

සිරිනිමල් Tuesday, 31 March 2015 10:53 AM

වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 31 March 2015 10:55 AM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 31 March 2015 12:09 PM

ප්‍රාදේශිය සභාවලට වෙන වැඩ නැද්ද අ ගම් පළාත් වල ? (ත)

:       0       0

ඉන්දික Tuesday, 31 March 2015 01:19 PM

ඔන්න ඉතින් දැන් කාලෙකට පස්සේ සමහරුන්ට සතුටුවෙන්න පුළුවන් පුවතක්. යෝජනා සම්මත වුනාද නැද්ද කියලා වැඩක් නෑ. ඡන්දෙ දෙන්නේ අපිනේ. දෙන්නම්කො අවස්ථාවාදී එවුන්ට මේ පාර.බලමුකෝ මහා මැතිවරණෙ ආවම.(බ)

:       0       0

වාසනා Tuesday, 31 March 2015 01:21 PM

මහින්දව ගෙදර ඇරියේ. අප අදහන දෙවියන් විසින්. ඉතින් ඔබ දෙවියන්ටත් වැඩිය ඉහලින් කටයුතු කෙරුවොත් ඔබටත් දෙවියන්ගේ පිහිටයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site