හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට ගෙන ඒමට හා එම පක්ෂයන්ම අගමැති වශයෙන් ඉදිරිපත් කිරිම සඳහා උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී සරත් පාලිත සමරවික්‍රම මහතා ගෙන ආ යෝජනාව සභාපති බන්දුල සෙනවිරත්න මහතා ඉවත දැමීය.

එම අවස්ථාවේදි යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයා හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර විවාදාත්මක අවස්ථාවක් උදාවිය.

ඔහුගේ තවත් යෝජනාවක්  වූයේ මධ්‍යම පළාත් මහ ඇමැතිට සහය පළ කරමින් ඔහු ප්‍රධාන අමාත්‍ය ධූරයේ  එලෙසම තබා ගන්නා ලෙසය.

උඩුනුවර ප්‍රාදේශිය සභා සභාපති බන්දුල සෙනවිරත්න මහතා එම පළමුවැනි යෝජනාව සභාවට ඉදිරිපත් නොකරන ලෙසත් එසේ වුවහොත් උඩුනුවර ප්‍රදේශිය සභාවේ විපක්ෂයේ එය පරාජය කිරීමේ සුදානමක් පවතින බවත් වත්මන් රජයට සහාය පළකිරීමට පළාත් සභාවේ සංධානයේ සංවිධායක ඇතුළු සියලුම දෙනා සහාය දක්වන අවස්ථාවේදි මෙවන් යෝජනාවක් ගෙන ඒම මගින් ගැටළුකාරි තත්වයක් ඇතිවිය හැකි බවත් පැවසිය.

යෝජනාව ගෙන ආ සරත් පාලිත සමරවික්‍රම මහතා හිටපු ජනපති  වසර 30 ක යුද්ධය නැති කළ බවත් එතුමා නැත්තම් මේ ප්‍රදේශිය සභාවත් නැති බවත් මෙම යෝජනාව සභාවට නොගන්නේනම් මා හට දින 7 ට කලින්වත් නොදැන්වුයේ මන්දැයි යනුවෙන්ද සභාපති වරයාගෙන් විමසීය. එක්සත් ඡාතික පක්ෂයේ සංඛ මන්ත්‍රිවරයා නැගිට සභාපති වරයා විසින් සභාවට නොගෙනෙන්නට ගෙන ආ යෝජනාව නොතකා මෙම මන්ත්‍රිවරයා කතා කරන්නේනම් සභාවේ ගරුත්වයක් නැති බවද ප්‍රකාශ කළේය.

තමාගේ යෝජනාව ඉවත දැමු නිසා එයට හේතුව ලිඛිතව තමාට දැනුම් දෙන ලෙස සභාපතිවරයාගෙන් එම මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

L-1 L-2-sarath-palitha-samaravikrama L-4