( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්දීය තානාපති ආරංචි පවසයි.
ඊයේ(11) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසක් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවී තිබේ.
මෙවැනි සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදී ඇති බව තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද එක්ව ඇති බව සඳහන්ය. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ කලින් හිටපු කළු කොඩි කරුවෝ...
අර වීරවංස මහත්තයාගේ කළු කොඩියත් අරගෙනද ගියේ?
වීරවංස මහත්තයා දැන් ඉන්නෙ කොහේද හැබෑටම .....
ජාත්‍යන්තර වශයෙන් කෙරෙන කටයුත්තක් වගෙයි ....
මේ කුමන දේශපාලනයක්ද?
දැන් ගම්මන්පිල මහතාට මොනවා වෙයිද දන්නේ නැහැ... නේද?
ඉතාමත් හොඳ වැඩක්... මෛත්‍රි ජනපතිතුමනි ඔබතුමාගේ කර්තව්‍යයද ඉතා අගේ කොට සලකමි...
දේශපාලන උපාය උපක්‍රම ගැන හුඟ දෙනෙකුට තේරුමක් නැති බවයි, මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ....
බලාගෙන ගියාම එළියේ ඉන්න මහජනයා පමණයි පක්ෂ වලට ඇනකොටා ගන්නේ.... ඉතින් කොහොමද මේ විදිහට වැඩ කරන්නේ?
අපේ රට ගැන බලන්න කලින් ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න කියල කියන්න ඇති.....
මම හිතන්නේ ඒ රටේ වැසිකිළි හදන්න යෝජනා ක්‍රමයක් ගැන කතා කර ගන්නවා වගේ... මෙහි ගෙවල් එතුමා හදන නිසා....
මොනවද දන්නෑ කතා කළේ නේද?
මහින්ද මහත්තයා එහෙම ඉල්ලීමක් කළා කියල අපිට නම් දැනගන්න ලැබුණේ නැහැ, කොටින්ම අනිත් ප්‍රධාන කිසිම මාධ්‍යයක තිබුණෙත් නැහැ, හැබැයි සාමාන්‍යයෙන් වෙන රටක රාජ්‍ය නායකයෙක් ආවහම ඒ රටේ ප්‍රධාන විපක්ෂේ හමුවෙලා බහුතර ජනතාවකගේ අදහස් උදහස් දැන ගන්නවා, සමහර විට රජය නොදන්නවට මෝඩි මහත්තයා දැනගනද දන්නේ නැහැ... රටේ ප්‍රධාන විපක්ෂය පවතින්නේ මහින්ද මහත්තයා අතේ කියලා...
කළු කොඩි ගැන අදහසක් නම් නැහැ...
මහින්ද මහත්තයා තමයි "මෑන් ඔෆ් ද මැච්"...ඒ හින්දනේ මෝදි මහත්තයත් සාකච්ඡා කළේ...අන්තිමට බලාගෙන ගිහාම යහපාලනය මොකක්ද කරලා තියෙන්නේ...
Dik, ඔබ හරි.... ඉස්සෙල්ලා ආණ්ඩුව කාලෙත් අප රට ණය බරින් වැඩිවුණානේ....
මහින්ද මහත්තයා කරන්නෙ මේවාගෙ දේවල් තමයි, පැරදුණ දවස්වල කිව්වෙ එයාව පැරැද්දුවේ 'රෝ ' එක කියල, දැන් ඉල්ලගෙන ගිහින් කතා කරනවා.
ඕනෙම කෙනෙකුට තවමත් ලංකාවේ නායකයා විදිහට දැනෙන්නේ මහින්ද... ඒ වගේම ඔවුන් දන්නවා ලඟදීම ඔහු බලය අතට ගන්නවා කියලා...ඒ නිසා ඕනෙම කෙනෙක් ඔහු ඉදිරියේ හිස නමනවා. මේක තමයි ඇත්ත.
මේ තරම් කථා කරන්නට දෙයක් මේ අයට ඉතුරු වෙලා තියෙන එකනේ වැඩේ...
මෙවැනි නායකයන් නැවත හරිගස්සවා වත් පෙරළියට ගෙන යා යුතුයි...
සමහර මැති ඇමතිවරුන්ට පාරේ යන්න වෙන්නේ දැන් මුහුණු වසාගෙන...
හරියටම හරි, එතුමා එන්නම ඕන. එතකොට හොරකම් කරපු අය අල්ලා දඬුවම් දෙනවා නොඅනුමානයි..
වැඩකට ගත හැකි, සෙවණක් දිය හැකි, ශක්තිමත් වටිනා ගසක් පිළිල නිසා විනාස වෙනවා නම් කල යුත්තේ ගස කපා දැමීම නෙවෙයි... පිළිල ඉවත් කර ගසෙන් ප්‍රයෝජන ගැනීමයි.. අපි කලේ ගස කපා දැමීමයි..
මේක ඇත්තටම හොඳ දෙයක් .... ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ඒ තැන ලබා දිය යුතුයි...
ජන.8. වැනිදා ඡන්දෙන් පරදවාගත්තේ ඔබතුමාලා කියල කිව්වට එය ඇත්තටම නොවෙයි කියලා මෝදි මහත්තයත් එක්ක කතා කර ගන්ට වෙන්න ඇති ... අයිය මලෝ ගිහින් හම්බ වුනේ නේද? .
සත්‍යපාල..., මම කළු කොඩි සේරම ඉවත් කළා. මහින්ද මහත්තයත් තෙල් ටැංකි දෙනවා. ඒක නම් ගොඩක් හොඳයි.
අනාගතය පිළිබඳව මෝදි මහත්තයාට පෙනෙන නිසයි එතුමා එම හමුවීම පැවැත්වුවේ....
මහින්ද මහත්තයා බුද්ධිමත් නායකයෙක්....එතුමා දන්නවා ඉන්දියාවේ වටිනාකම....
කළුකොඩි වංශට මොකද වෙන්නෙ ?
අනේ මන්දා ඉතිං ඔය ඔක්කොගෙන්ම එකදේමනේ වෙන්නේ...
කොහොමහරි බලයට එන්න හදනවා වගේ පේන්නේ... ඒක අපි හොඳට දන්නවා...
මේ විදියට ඉල්ලද්දී පොඩි හමුවක් නොදී ඉන්න බැරිවෙන්න ඇති. මෝදි මහත්තයලත් දේශපාලකයෝනේ....
ඊනිව්ස් එකේ තිබුනු මේක බොරුද ? "කෙසේ වෙතත් කොටහළු මගුලකට ගියත් ‘වොයිස් කට්‘ දෙන මහින්ද රාජපක්ෂ මෝදිගේ හමුවෙන් පසු කෂාය බිව් ගොලුවා සේ ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත."