කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 6ක් සපිරෙයි.
ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ භාරයේ පැවැති වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් බිම් කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එකම ධජයක් යටතට පත් කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනකදීය.
යුද ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන රාජ්‍ය සැමරුම් උළෙල හෙට මාතරදී පැවැත්වීමට නියමිතය.
මාතෘ භූමි සංවිධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී අද සවස හට පැවැත්වීමට නියමිතය.
මේ සඳහා දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
අඟහරුවාදා ජනපති හා හිටපු ජනපතිද මාතර දිස්ත්‍රික්කයේ සංචාරය කරති.
ජනපති යුද සැමරුම් නිල උත්සවයට මාතරට යයි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ රෝහණ සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම්ලත් ඕමාරේ කස්සප හිමියන් හමුවීමට කඹූරුපිටියට යන රාජපක්ෂ මහතා දෙයියන්දර රැස්වීමකටද සහභාගි වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ එකත් දේශපාලන වාසියට පාවිච්චි කරනවා රණවිරුවන්ට තමා මෙහි පූර්ණ ගෞරවය හිමි වන්නේ .මෙයා රණවිරුවන් හිරේට දක්කපු හැටි රටේ ජනතාවට හොඳට මතක තිබෙනවා . මොලේ ඇති මධ්‍යස්ථ හැමෝම මෙය දන්නවා (බ)
අනේ අජිත් මහත්තයෝ, ඔයා දන්නේ නැති වුනාට මුළු රටම දන්නවා කව්රු නිසාද අර හිරේට ගිය කෙනා ඒ තත්වෙට වැටුනේ කියල. ගෝඨාට පින්සිධ වෙන්න තමයි ඒ තනතුර ඔහුට ලැබුනේ. නමුත් පසුව ඔහු කන්න දීපු අත හපා කෑව. කියන්න තව බොහෝ දේවල් තිබුනත් දැනට ඔය ටික ඇති. (බ)
සැබෑ ලෙසම විරුවන් සමරනුයේ මේ යුග පුරුෂයින් බව තේරුම් ගත යුතුව ඇත. එදා මහින්ද මහත්මා සේනාධි නායකයා ලෙසත් ,ගෝඨාභය මහත්මා ගේ කළමනාකාරිත්වයත් ඇතුව එඩිතරව ගෙන ගිය ක්‍රියාදාමය අමතක නොකරනු. එදා කකුලෙන් ඇදපු අය තමයි අද ලකුණු දා ගන්න දඟලන්නේ ඒ කවුරු කවුරුත් තැන තැන්වල මොනවා කීවත් මහින්ද මහත්මා ,ගෝඨාභය මහත්මා මේ රටේ සැබෑ යුගපුරුෂයන් බවත් ඔවුන්ට අපේ ආශිර්වාධයත් ලැබෙනවා. (ර)
යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරු ඔබයි. මහින්ද මැතිතුමනි අපි ඔබට සදා ණය ගැතියි. (ර)
රට බේරා ගත් අපේ රණවිරුවන්ට අපගේ උත්තමාචාරය (ම)
එකම දේ දෙවිදියකට දෙතැනකදී කරන ලෝකයේ එකම රට (නි)
අතිවිශිෂ්ටයි රට ජාතිය බේරාදුන් හිටපු ජනාධිපතිතුමාට ජය වේවා! ශ්‍රී ලංකාව තුළ ජීවත්වන්නා වූ සියලුම පුරවැසියන් සහ රටවැසියන් ඔබතුමාට සදා ණයගැතිය (නි)
පහන් පත්තු කිරීමට කලින් ආබාධිත රණවිරුවන්ට යුතුකම් ඉෂ්ට කරන්න. (නි)
යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවන් කවුරුද කියා රටට පැහැදිලි වේ (නි)
අපේ රණවිරුවන් අමතක නොකළ දේශයේ වීරයා ඔබයි (නි)
මහින්ද මහතා සදා අමරණීයයි (නි)
අනේ මන්දා මෙතනත් තියෙන්නේ දේශපාලන තරඟයක්. ඇයි මේ අයට බැරි එකම දිනක එකට එකතුවෙලා මේ දේ සමරන්න.මට නම් මේ අයගේ සිතුම් පැතුම් ගැන හිතාගන්නත් අමාරුයි. (නි)
හිටපු ජනපතිතුමනි, අපි සදාකල් ඔබ සමඟයි. ඔබට ජය! (නි)
කොහොම කොහොමහරි අපේ රණවිරුවන්ට ගෞරවයක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)
ඉසුරන්දි, එකට එකතුවෙලා බැරි නම් 10 කට බෙදිලා හරි රණවිරුවෝ සමරනවා නම් ඒක ලොකු දෙයක්. ඒක නොකළා නම් ඒක මහා ආත්මාර්ථකාමී කුහක වැඩක් (නි)
යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරු ඔබයි.ජය වේවා..! (නි)
විජයබාහු, මෙතන රණවිරුවෝ සමරන්නේ තරඟෙටනේ සමහරු. ඒකත් දේශපාලන වාසි තකා. ඒක ඔයාට තේරෙන්නේ නැද්ද? (නි)
මහින්ද මැතිඳුනි, ඔබතුමාට ජාතියේ ගෞරවය! (නි)
මහින්ද මැතිතුමනි අපි ඔබට සදා ණය ගැතියි.(හේ)
තරඟයක් තමයි . නැතිනම් එකම රටේ එකම කාලයේ වෙන වෙනම යුද්ධ කරලා ජය ගත්තා වගේනේ මේ වැඩ.(හේ)
ඉසුරන්දි ඉතින් අපිට මොකෝ, කොහොමහරි රණවිරුවෝ සමරනවා නම් මට ඒ හොඳටම ඇති. හැම තැනම සමරනවානම් ඉතාමත් හොඳයි. මුළු ලංකාවේම සමරනවානම් අනර්ගයි. එයාල අපිට දුන්න නිදහස එට වඩා ගොඩක් වටිනා නිසා මන් මෙහෙම කියන්නේ.(හේ)
අපේ අනාගත පරපුරට හරියටම හිතාගන්න බැරිවයයි මොකක්ද හරි කියලා. (හේ)
හිතට එකඟව හදවතින්ම සමරනවානම් , යුද ජයේ සැබැ හිමිකරුවන් වූ නිර්භීත සෙබළුන් ඇගයීමක් වෙනවනම් හා යුද ජය තම වාසියට පටු ලෙස හරවා ගැනීමක් නොකරනවානම් හොදයි. (බ)
මෙයට කලින් සැවොම මෙය එකට සමරුවේ .දැන් අතන මෙතන හැම තැනම එක එක ආකාරයෙන් සමරනවා. හරිම දුකයි (බ)
ඉසුරන්දි, ඔයා ඕවා ගැන හිතන්න එපා. ඔයාට දේශපාලනයෙන් තොරව කිසිම දෙයක් හිතෙන්නේ නෑ. ඒ නිසා බොරුවට හිතලා හිත කලබල කරගන්න එපා. (බ)
ඔබ ඇතුළු සියලුම විරුවන්ට මගේ ප්‍රණාමය. රට රැකගත් මහා විරුවා ඔබයි. (හේ)
යුද්ධය දිනුවේ 18දා නොව 19දා උදයේ .(හේ)