“කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එවු ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕනෑ.වාද විවාද වලට සහභාගී වෙන්න ඕනෑ.ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ.එසේ නොකරන්නේ නම් ඔවුන්ට දෙන වැටුප් දීමනා වාහන බලපත්‍ර ගමන් දීමනා ගැනීම වැරදියි.ඒවා ඔහුට හිමි නැහැ.“විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පෙතිගමුවේ පැවති රැස්වීමකදී මේ බව කීය.
“අයවැය විවාදයට ඔහු ආවේත් නැහැ.එහෙව් කෙනෙකුට මන්ත්‍රී දීමනා වැටුප් ආදිය ගැනීමේ අයිතියක් නැහැ.එවැනි මන්ත්‍රීන් කළ යුත්තේ ඉල්ලා අස්වී ඊළඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට යාමට ඉඩ දීමයි“යැයි ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ කාලේ රටේ මහා සංවර්ධනයක් වුණා, පාරවල් වරායවල් බස් නැවතුම් වැනි පොදු පහසුකම්, ජල විදුලි සහ අනිත් විදුලි බලාගාර, ඇතුළු රටේ සියලු යටිතල පහසුකම් විශාල වශයෙන් දියුණු වුණා. (ම)
අැත්ත දන්නෝ දනිති (හේ)
අසේවනාච බාලානං එතුමා කලයුතුදේ කලා අපි අදටත් භය නැතුව කොළබට එනවා හෙටට අපිට රටක් ඉතුරුකළ එතුමාට ජය.(ර)
ගුටිකෙළියෙන් මගහැරිලා ගියාට වරාය ඉඩම් චීනෙට අවුරුදු 200කට විකුණලා බව මතක තියාගන්න. (ර)
මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා කරන දේ හරි, (ර)
එතුමා පාර්ලිමේන්තු ආවත් නාවත් ජනපති විශ්‍රාම වැටුපට ඔහු හිමිකම් කියනවා. කලින් ඔබතුමා පාර්ලිමේන්තු එවපු ජනතාව බලාපොරොත්තු වුණ දේ කරලා ඉන්නකෝ. එදා හොරකම් ගැන ෆයිල් පෙන්නලා කෑගැහුවේ. කෝ ඒවා? තවමත් පරීක්ෂණ කරනවද? (නි)
ඔවු ඔවු. අපිත් මේ කියනකන් තමා හිටියේ. (නි)
එතුමාට ඔවදන් දෙන්න කලින් එතුමා රටට කළ දේවලින් දශමයක්වත් කරලා හිටියොත් නරකද? (නි)
එයා කියනකන්නේ අපි මේ හිටියේ (නි)
එතුමා විසින් කළයුතු දේ එතුමා කාටවත් දෙකට නොනැමී කළා. නමුත් ගුණමකුවන්ට දැන් සියල්ල අමතක වී ඇත (නි)
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී, මැදමුලන ගමේ ගියොත් තියෙන මන්ත්‍රී වරප්‍රසාද ටිකත් ඉවර වෙලා, රට උළු ගෙදර කූරු ගණන් කරන්න වෙයි කියන බයට මෙහෙමහරි කල්මරන එක හොඳ නැද්ද? (නි)
මෙතුමා හදන්නේ පටු දේශපාලන වාසියක් ලබාගන්න කියායි මට නම් හිතෙන්නේ (නි)
එහෙනම් අපි දැන් එයා කියන විදිහට කරමු (නි)
තමන්ගේ ආසනයවත් දිනාගන්න පුලුවන් කෙනෙක් මේ කතා කිවුවා නම් අපිට දුක නැහැ (නි)
ලෙස්ලි ජයවර්දන මහතාණනි,පාර්ලිමේන්තුවට සැළකුවේ නැහැ කියන්නේ බෙදාගෙන කන්න ලැබුනේ නැතුව බදාගෙන කෑවයි කියලද? ඔයත් ඔය තැනට ගියොත් හොඳට බදාගෙනම කාවි (නි)
මෙහි අදහස් දක්වන සමහර අය මහින්දත් සමඟ ජනතා මුදල් මංකොල්ල කෑ අය බවයි හැඟෙන්නේ. බුදු දහමට අනුව ඔවුනට කිසිදා ගැළවිමක් නැත. (නි)
කතා ඇති හොඳටම (නි)
මමත් සමන්ගේ කතාවට හරි කියනවා. ඒ වගේම ඔය කටින් එක දවසකවත් කොටියාට විරුද්ධව කතාකළාද කියලා අජිත් පෙරේරාගෙන් අහන්න කැමතියි. මහින්දට පින්සිද්ධ වෙන්න දැන් එළියට ඇවිල්ලා කෑගහනවා. (නි)
එයා බලයේ ඉන්න කාලෙත් පාර්ලිමේන්තුවට සැළකුවේ නැහැනේ (නි)
දැන්නම් මේ කතා ඇතිවෙලා (නි)
මිනිස්සු ආදරේ මහින්දටයි. (නි)
මහින්දගේ මවිලක්වත් වටින්නේ නැති අය කියන කතා අහනකොට අැඟේ මවිල් කෙළින් වෙනවා. මහින්දට පින් සිද්ධවෙන්න තමයි අපි පාරේ බැහැලා අද බය නැතුව යන්නේ. බලමු ඊළඟ ඡන්දය එනකම්. (නි)
අපි නම් මහින්දට තවමත් රටේ ජනාධිපති ලෙසටයි ගරු කරන්නේ. මිනිස්සු ආදරේ මහින්දටයි. (නි)
ලෙස්ලි ජයවර්ධන, පාර්ලිමේන්තුවට සළක සළකා සිටියානම් තාමත් අපි යුද්ධ කරනවා. නැත්නම් ඊළම දෙනවා. කිලිනොච්චි මැදවච්චි කොහෙද කියා නොදැන සිටි අය කියාවි මිස්ටර් ප්‍රභාකරන්ට, ප්‍රබාකරන් මැතිතුමාට අත තියන්න එපා කියලා. (නි)
දහම්, එහෙනම් රටෙන් 2/5 දීලම ඉමු නේද. (නි)
වත්මන් ආණ්ඩුව තමන් බලයට පත්කළ ජනතාව වෙනුවෙන් මොනවද ඉටුකළේ..?? දවසින් දවස ජනතාවට බදු පටවනවා, දඩ පටවනවා. දැන් ඡන්දෙ දුන්න අය අසරණ වෙලා ඉන්නේ. ඡන්දයක් නොතියා ඉන්නකන් බලයේ හිටියත් ආයෙත් ඡන්දයක් තිබ්බදාට බලාගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට කළ සේවය මිලකළ නොහැකියි. එදා රටේ හැමතැනම සංවර්ධනයක් තිබුනා. අද රට විකුණන සංවර්ධනයක් තියෙන්නේ (නි)
දේශපාලන මඩවගුර කෙසේවෙතත් අදටත් අපි භයක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ මහින්ද මහත්තයට පින්සිද්ධ වෙන්න. (ම)
මෙය අපේ ගම වුණාට කට විතරයි. කරපු වැඩක් නෑ. (ම)
ආයිත් නම් ඡන්දෙන් දිනනවා බොරු.,(හේ)
මහින්ද රාජපක්ෂ ඔහේ එන්නේ නැතුවට පන්සල් වල එහෙම නම් හරියට යනවා (නි)
ඒ කතාවනම් සහතික ඇත්ත. මිනිස්සු ඡන්දෙ දීල පාර්ලිමේන්තු ඇරියේ ගෙදරට වෙලා ඉදන් ඉන්න නෙවෙයිනේ. (ර)
කතාව ඇත්ත නේන්නම්. .තනතුර ගත්තනම් එහි රාජකාරි කල යුතුයි. රාජකාරිත් පැහැර හරිනවානම් අන් අයෙකුගේ අවස්තාවක් තමා අහිමි කරන්නේ.ඉදිරි දේශපාලන අනාගතයක් නිර්මාණය වන්නට මග ඇහිරීම තමා මෙයින් වෙන්නේ. (ර)
සිංහයෙකුට ගොරවන්න හදන කෙනෙක් (බ)