හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බවත් ඔහු ඉදිරිපත් වන කණ්ඩායමෙන්ම ජාතික නිදහස් පෙරමුණද තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයෙන් තරග කිරීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් වීරවංශ මහතා පවසයි.
අද (28) බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවෙදි තනියෙන් ඉල්ලලා වෙච්චි දේ දැක්කනේ 1%යි. මහින්ද ඇතුලට අරන් මෙයාල සන්ධානෙන් දොට්ට දැම්මොත් තමයි වැඩේ (නදී)
වීරවංශ දේශපාලන අනාතයෙකි. (අ)
තනිව ඉල්ලුවොත් වැලේ වැල් නැතුව පරද වෙන්නේ. (අ)
තනියම ඉල්ලුවොත් ඇප නැති හින්ද වෙන්න ඇති...(අ)
මස්සිනාලට ගෙවල් දීලා අතේ මාට්ට නේද? (අ)
මොනවා කරන්නද ඉතින්, ගිලෙන්න යන වෙලාවේ අල්ලාගෙන ඉන්න පිදුරු ගහ අතහරින්නයේ ඔයාලා කියනේ?(ම)
වැඩ කාරයෙක් නම් තනියෙන් ඉල්ලලා පෙන්වන්න. ඔබතුමාගේ" අධිරාජ්‍යවාධි බිල්ලට " දැන් ඉන්න ඩිජිටල් තාක්ෂණයත් එක්ක හැප්පෙන තරුණ පරම්පරාව නොරැවටෙන බව පමණක් හිතේ තියාගන්න (නදී)
කොහොමටත් මේ ප්‍රධාන පක්‍ෂ දෙකේ ඉන්න අයට වඩා සවිමත් කොන්දක් විමල්ට තියනවා. ඇත්ත ඒක තමයි (නදී)
පිලේ ඉන්න උනත් උලේ ඉන්න උනත් තියෙන්නේ ඔතනම තමයි (නදී)
රට බේරාගත හැකි එකම නායකයා මහින්ද පමණි (නදී)
ප්‍රතිපත්තියක් තිබ්බා නම් ඔහොම වෙන්නේ නැහැ (නදී)
මම මෙතුමාට (විමල් වීරවංශ ) අබියෝග කරනවා පුළුවන් නම් තනිව තරග කර ආසන 10 දිනා පෙන්වන්න ..මේවා පනික්කි බයිලා (නදී)
ප්‍රවේශම් වෙන්න තුම්මුල්ලේ වීරවංශ දේශපාලන අනාථයෙකි. (බ)
මෙන්න අභියෝගය සහ අවශ්ථාව බොරුවට කියවන්නේ නැතුව තනියම ඉල්ලලා එක ආසනයක් හරි අරගෙන පෙන්වන්න චන්ද නැහැ කියලා හිතෙනව නම් කාගේ හරි ඇගේ එල්ලිලා ලැජ්ජාව වහගන්න (නදී)
මේ දෙන්නා හරියට රයිගමයයි ගම්පොලයයි වගේ? (නදී)
අනේ යන්න විමල් මහත්තයෝ යන්න. ඔයාගේ ඔය වාචාල කට නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ. (අ)
විමල්, ඔබ නිසා තමා රනිල් කොර වෙලා ඉන්නේ.. ජයවේවා .. ඔබේ සහය මහින්දට ලබා දෙන්න.(අ)
පවතින ශ්‍රීලනිපය යනු මහින්ද රාජපක්ෂගේ නිර්මානයකි. එය සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ රජකු සේ ප්‍රවර්ධනය කළ, ඔහුගේ ඒකාධිපති පාලනය නිහඬව ඉවසා සිටි, රාජපක්ෂ පවුලට පක්ෂයේ බලය පවරා දුන්, රාජපක්ෂ පවුලේ අත පල්ලෙන් වැටෙන දෙයකින් සැනසුණු, මහජන දේපල සොරකමින් ධනවත් වූ, තමන් කළ අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් මුක්තිය අපේක්ෂා කරන බලවේගයකිනි. ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෝ ඊටත් පහළ මට්ටම දක්වා ම තත්වය එයයි. මෙම බලවේගය මහින්ද නැවත බලයට පත් කිරීම සඳහා වෙහෙසෙන්නේ හේතු ඇතිවයි. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ මහින්දගේ පැවැත්ම මත ය. මහින්ද යනු හුදු පුද්ගලයෙක් නො වේ. සමාජ ක්‍රමයකි.(අ)
අපායේදී ඔබ දේපල හමු වේවි. විමල් මහත්තය එන්නකෝ තනියම. ඔය අනුන්ට ගොටු අල්ලනේ නැතුව. (අ)
මුන් සේරටම පිස්සු වැඩි වෙලා. (නදී)
හොර උප්පැන්න මල්ලිට තනියෙන් ඉල්ලුවොත් ගෙදර උන්දෑවත් දෙන එකක් නැහැ (අ)
ප්‍රථිඵල ආවම මහින්දත් නෑ අපිත් නෑ . හරිම ෂෝක් නේද? (අ)
සදුන් ඔබ හරි. කවුරු මොනවා කීවත් විමල් කියන්නෙ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන වීරයෙක්. එතුමා අපිට ජීවිතය දීපු මහින්ද මහත්තයාව රැක ගන්න හැම විටම වැඩ කලා. මහින්ද මහත්තයාගෙන් ඵලප්‍රයෝජන ගත්ත අය එතුමට ද්‍රෝහි වෙද්දි විමල් නොසැලි එතුමත් එක්ක හිටියා. මහින්ද මහත්තයා ජන්දේ ඉල්ලුවත් නැතත් එතුමා වෙනුවෙන් සහ විමල් මැතිතුමා රට වෙනුවෙන් කල අවංක සේවය ගැන හිතලා අපි විමල් මැතිතුමාට සලකනවා. අපිත් නිල් පාට හැමදාම ජන්දෙ දුන්නේ රටගැන හිතලා. ඒක නිසා අපි ශ්‍රී.ල.නි.ප ඉන්න සමහර බඩගෝස්තර වාදීන්ට වඩා විමල් අපිට හොදයි. ඒ නිසා හදවතින්ම අපි විමල්ට සලකනවා.(නදී)
විමල් කොතනද ? මහින්දට ආයෙත් යන එන මන් නැති වෙනවා (නදී)
වීරයෙක් ? පව් නේද එහෙම හිතන අය. මම දන්නා තරමට ලංකාවේ 95% ක් මෙයාට කැමති නැහැ. අර පිළියන්දලදී කරපු කතාව නිසා මහින්දගේ චන්ද 5% විතර අඩු උනා. දේශපාලන අනාථයෙක් වගේ (නදී)
2005 දී රටක් වෙනුවෙන් වෙනසක් කළ කටක් (ම)
අනේ විමල් වීරවංශ මොනවද කෑවේ (බ)
2005 දී කළ වෙනසේ පව් අද අපි ගෙවමු. (ම)
ජාතික වීරයන් තමන්ගේ වයස හංගලා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර සහ ලියකියවිලි වලට ඉදරිපත් කළ එකම රට මේක. මේගොල්ලන් ජාතික වීරයන් නම් අපි සරදියෙල්ට මොනවා කියන්නද කියලා මේ කල්පනා කලේ (ම).
වීරකම කටේ විතරයි . මහින්ද මහතා ගේ සාටකය නැතිනම් මෙයාට එල්ලෙන්න වැල් නැහැ. (ම)
දිනුමෙදී සහ පරාජයේදී ඔබ මහින්ද සමගයි. ඔබට නැවත ජය නියතයි (නදී)
උගත්කමක් පිළිගත් වෘත්තියක් ආදායම් මාර්ගයක් නැති නම් දේශපාලන නායකයෙකුගේ සපත්තු පොලිෂ් කරන රස්සාව හරි ඉල්ලා ගනීවි සමහරු. ලැජ්ජාවේ බැහැ (නදී)
කියන්නත් දෙයක්ද ? (නදී)
පුලුවන් නම් කඩුවෙලට ඉල්ලන්න. බුද්දදාස මහත්තයා බලන් ඉන්නේ(නදී) බලන් ඉන්නේ
රට වෙනුවෙන් සේවය කලාලු. දෙකොනින් හිනා යනවා. තමන්ගේ හතර වරිගය දේශපාලනයේ පිහිටෙන් ගොඩ දමා ගත්තු අයට අවංකව රටට සේවය කළා කියන කට්ටියත් මෙතන ඉන්නවනේ. (නදී)
ආ දැන් එතකොට මේ මහින්ද මහතාගේ තනියට ඉඳල එතුමාගේ පාලු කපපු අයද මේ රටේ ජාතික වීරයන්ගේ ලැයිස්තුවට දමල තියෙන්නේ . අනේ රටකට ගිය කලක් (නදී)
කොච්චර හොඳ සමාජ සේවකයෙක්ද ? තමන්ගේ නෝනාගේ සොයා ගන්න බැරි ලෙඩත් පැත්තකට දමල නේ මේ මෙච්චර අඩු වයසකින් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් තියෙන්නේ. (නදී)
බත්තරමුල්ල නිවාස සංකිරන්යේ පොකුණ විවුර්ත කරන්න ඇවිත් මගින් හැරිලා ගියේ වෙනත් දේශපාලකයෙක් උත්සව භුමිය ඉන්නවා කියල ආරංචි වෙලා. බොරු නම් ඒ මිනිස්සුන්ගෙන් අහල බලන්න. මෙයාගේ වීරකම් කටේ විතරක් තමයි අර කවුද කිව්වා වගේ. ඔය බියට හේතු වූ අනෙක් දේශපාලකයා කවුද කියල හැමෝම දන්නවා. (නදී)
ගෙවල් දෙන්න තව මස්සිනාල ඉන්නවද (නදී)
මම නම් කියන්නේ පුද්ගලික ජීවිතයේදී විශ්වාස කරන්න බැරි කිසිම දේශපාලකයකු ආයෙමත් බලයට ගේන්න එපා. තමන්ගේ හිතවතෙකුට විශ්වාස කරන්න බැරි මිනිහෙක්ව කොහොමද මේ පිටස්තර ඡන්ද දායකයන්ට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. (නදී)
වයස අඩු පුතාට වැඩි වයසක් දමල ජාත්‍යන්තර තරුණ සමුළුවට යැව්වේ කවුද කියල මම මේ කල්පනා කරන්නේ. සමහරුන්ගේ වයස අර මොන මීටරයද වගේ . කැමති විදියට කරකවන්න පුළුවන්. (නදී)
තනිව ඉල්ලුවොත් වැලේ වැල් නැතුව පරද වෙන්නේ. මහින්ද නෙවෙයි කවුරුහරි කමක්නෑ දිනන්න පුලුවන් කෙනෙක් හා කරපු වැරදි යට ගහන්න පුලුවන් ඕන කෙනෙක්ට සහයෝගය දීලා දිනන්න හදනවා (අ)
තනියම ඉල්ලන්න බයද? ඉල්ලුවොත් ගෙදර බව දන්නවා (නදී)
කඩුවෙල ට ඇවිත් බොරු වීරකම් පෙන්වන්නේ නැහැ. අසවලාගේ හෙවනැල්ලටත් බය බව ඔක්කොම දන්නවා. (නදී)
ජනතාවනි අවදි වන්න, නුගතුන් දේශපාලනයෙන් අයින් කරන්න (නදී)
ඔවු ඒකනම් ඇත්ත.(හේ)
හැබෑටම ඔයාලගේ පවුලේ සේරගේම අර බහු හැදුනුම් පත්, නඩු වලට මොකද වුනේ?(නදී)
කාට හරි ගොට්ටක් අල්ලාගෙන ඔය වගේ දේශපාලනයේ රැදිලා ඉන්නවා ඇරෙන්න කොන්දක් ඇතිව තමුන්නාන්සේට කෙලින් හිටගන්න බැරි බව ජනතාව දන්නවා. (නදී)
ඉතින් වෙන තැනක් නෑනේ (අ)
බලමුකෝ මොකද වෙන්නේ කියල ..ජනතාව බුද්ධිමත් ද නැද්ද කියල (අ)
මොවුන් දේශපාලන පරපෝෂිතයන්ය. (බ)
ඔව් ඉතින් මෙයාලට වෙන යන්න තැනක් තියෙනවද?මහින්ද මහත්තයාගේ පිහිටෙන්වත් ගොඩ ඇවිත් ඔය චෝදනා වලින් ගැලවෙන්න බලනවා මිසක්. (බ)
වයස අඩුනම් තරුණ පෙරමුණෙන් ඉල්ලන්න පුළුවන්. (අ)
විමල් කියන්නෙ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන වීරයෙක් (අ)
මෙතන සඳුන් නමින් "විමල් කියන්නෙ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන වීරයෙක්" කියා ලියල තියෙන්න වෙනත් "සඳුන්" කෙනෙක්. අනේ මම කියල හිතාගෙන "මූටත් පිස්සු" කියලා දෝෂාරෝපණය කරන්න එපා. ඔහුට, නම් එසේ වීමටත්, අදහස් දැරීමටත් අයිතියක් තියෙනවනේ. සියලුම සඳුන්ලා එක් කෙනෙක් නොවෙයි.(නදී)
හිතවත් කමට මොනවා හරි වටිනා දෙයක් භාර දීලා මම ටිකක් දුර ගමනක් ගිහින් එනකන් ප්‍රවේශම් කර දෙන්න කියලා තියලා යන්න අද කාලයේ විශ්වාස කරන්න බැරි අයත් ඉන්නවා. (නදී)
ඔබ හරි රනිල් මැතිතුමා හොර දුෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නැතිලු සමහර විට. අනුර කුමාර එ්ත් මුලින් කාරනාව එලියට එනවා ඒ නිසා විශ්‍රාම යන්න කඩේ නොයන්න (බ)
මුනේ පාට ගාගෙන ඉන්නේ මහින්ද වගේ තිරිහන් වෙන්න කියල වෙන්න ඇති! (අ)
ජාතිවාදී දුෂිතයන් නැත්තේ කොතනද බුද්ධිමත් ජනතාවත් එතැනය. කාගේ හරි වල්ගයක එල්ලීම දේශපාලන අනාථයන්ගේ ලක්ෂණයකි. හිටපු ජනාධිපතිතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළොත් එහි සභාපති වර්තමාන ජනාධිපතිතුමාට අනුව කියන්න සිදුවන්නේ දුෂිත ඒකාධිපතියකුට ඔබේ වටිනා ඡන්දය දෙන්න කියා නොවේද? තරඟ කිරීමට ඉඩ නුදුන්නොත් මහින්ද මහතා විසින් එ.ජා. පක්ෂයේ ජය තහවුරු කර දෙනු ඇත. බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමඟ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ට කාගේ පිහිටද? (බ)
බොහොයක් දේශපාලකයන් නුගත් වෙනවට වැඩිය භයානක නුගත්කම ඉහවහා ගිය බොරු පෙන්නුම්කාර හාමිනේලා ඒ අයගේ දේශපාලන ජීවිතය පාලනය කරන කොට. (ම)
ඉදිරියට තව අහුවෙන්න එළිවෙන්න තියෙන දේවල්වත් වහගන්න පුළුවන් වේවි නේ මෙහෙම උනොත්. (නදී)
ඉඳිකට්ට කොතැනද නූලත් එතැන (බ)
තවමත් බැරි වුණා නේ අපේ රටේ දේශපාලකයන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම අඩු වශයෙන් උසස් පෙළ වත් කියලා නියම කරන්න. ඊළඟට එහෙම ආපු උදවිය කරන්නේ රටේ උගතුන්ගේ ඔලුව උඩ වාඩි වෙලා ජහ ජහ කියල දක්කන එක. රටේ උගත්තුත් ඉවරයි රටත් ඉවරයි. (නදී)
තනියම ඉල්ලුවොත් ඇප නැති හින්ද වෙන්න ඇති...(බ)
ජාතික නිදහස් පෙරමුණ කියල ලේබලයක් පමණක් අලවාගෙන එන්නේ නැතුව මහින්දගේ පක්ෂයෙන්ම ඡන්දෙ ඉල්ලුවානම් ඉවරයිනේ. විමලේ, දිනේෂ්, ගම්මන්පිල වාසු, බාහු ලාගේ පක්ෂ අද බෝර්ඩ් ලෑලි වලට පමණයි (නදී)
අපි සන්තෝසෙන් ඉන්නේ - දුක ශෝකය නැහැ දන්නේ (නදී)
මහින්ද වටේ හිඳන් වැඩියෙන්ම බෙරිහන් දෙන්නේ මේ රටේ ඉන්න නුගත්ම දේශපාලකයන් ටික. හත් මුතු පරම්පරාවකට හම්බ කරගෙන ඉස්සරහට ජීවත් වෙන්න තියන එකම මාර්ගය මේ කට විතරයි. (ම)
ඉල්ලනවද? නැගිටිනවද ?(ම)
මහින්ද කොහෙද අපිත් එතන.. ව්දුර සමග හොරණ අපි..(නදී)
කරපු හොර වංචා මගඩි වලට මෙයා දැන් ඉන්න ඕන හිරේ ....(අ)
තනියම දිනාගන්න බැරි අය තමයි මහින්ද වටේ ඉන්නේ! (අ)
කොහොම ආවත් ඔබ දිනනවා. ඔබට ජය නියතයි (නදී)
වෙන කොහේ යන්නද? එලන පැදුරේ වැටෙනවා මිසක් නේද?. බෙරේ හඬ එන්න නම් ගහන්ඩම ඕනේ. (නදී)
මොකා බලයට ගෙනාවත් අපිට කමක් නැහැ. ඒත් කරපු දුෂණ වංචා සියල්ලම හෙළි කරන්න ඕනේ. අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දෙන්නම ඕනේ. ඒක මෛතිරිටත් එකයි, රනිල්ටත් එකයි, අනික් අයටත් එකයි. (නදී)
ඒක නොකර විමල් සහෝදරයා වෙන මොනවා කරන්නද? මෙයා "මාරාන්තික උපවාසයක්" රඟපෑ දවසේ මහින්ද මාමා ඇවිල්ලා නේ වතුර වීදුරුවක් පොවලා අකාල මරණින් බේරා ගත්තේ !! ඒකටත් විමල් මහින්දට කෘතගුණ සලකන්න ඕන නේ. විමල් දන්නවා එයාගේ පක්ෂෙන් තරඟ කරොත් ඇපෙත් රාජසන්තක වෙන බවත්. කගේ හරි වලිගෙක එල්ලිලා ආයෙත් මැතිසබයට ගිහින් ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්න වගෙයි මෙයා ආයෙමත් වළි කන්නේ. විමල්ගෙත් එයාගේ බිරිඳගේත් (බහු) ජාතික හැඳුනුම්පත්, (බහු) විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නත් මේ මගින් යට යවන්නත් හැකි වෙයි කියලත් මේගොල්ලෝ හිතනවා ඇති (නදී)
මෙයාට ඉතින් කොහමත් මහින්ද සරණන් ගච්චාමි තමයි (නදී)
මේ සැරෙත් මහින්ද මහත්තයාව අනාථ කරලා තමා මෙයා පස්ස බලන්නේ... රටම දන්නා ලෙමන් පෆ් වීරයිනේ (ම)
සමන්ති ,වයස අඩු කර ගන්න පුලුවන් විමල් හරි හපනා (අ)