ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

කැබ්රිය ජනවාරි අට වැනි දා සවස ද, මෝටර් රථය ඊට දෙසතියකට පෙර ද එහි ගෙන ආ බවත් රැගෙන යෑමට නොපැමිණි බවත් එහි සේවකයන් පොලිසියට කියා ඇත.

පිට කොට්ටේ වාහන ගාලකට වෙඩි නොවදින රියක් ඇතුළු වාහන 53ක් ගාල් කිරීමට ගෙන ආ බව කියන රංජිත් නම් පුද්ගලයා එම වාහන දෙක ද සේවා මධ්‍යස්ථානයට ගෙනවුත් ඇතැයි පොලිසිය අනුමාන කරයි.

DSC02306 DSC02313