හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (8) ඌව පරණගම ආසන බල මණ්ඩල රැස්වීමේදී කීවේය.
‘පත්තරකාරයන් බොරු ඇද බානවා. ගමේ මිනිස්සු මේවා දැනගත්තොත් පත්තරකාරයන්ගේ කනට ගහාවි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානය වැදගත් නැහැ. අරමුණ තමයි වැදගත් (නි)
නිකන් පවු පුරවා ගන්න එපා මහින්ද මහත්තයට බොරුවට බැනලා (නි)
මෙතුමා කොහෙන් ආවත් නාවත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් එදා හිටන්ම තමාට ඡන්දෙ දීපු ඉහලම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා කියන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ මොකද ? (ර)
සජිත් ට වැඩි ප්‍රවණතාවයක් ඇති නිසාත්.... පුත්‍රයාට හෙටක් සැදිය යුතු නිසාත්. (බ)
මහින්ද අපිට නම් වීරයෙක් නෙමෙයි (නි)
මැදමුලනෙන් හරි හම්බන්තොටින් හෝ තංගල්ලෙන් මොකොද එන්න බය වුනේ ? ඔටුන්න හිමි කුමාරයාට ඒ කොට්ටාස බාර දීලද මේ "පරිත්‍යාගය" මෙයා කළේ ? (බ)
සෑම්ට මෙතුමා කොහෙන් ආවත් නාවත් මට ප්‍රශ්නයක් නැහැයිලු, එ්ත් හම්බන්තොටින් එන්නේ නැත්තේ ඇයි කියලත් ප්‍රශ්නයක්ලු. ඉතින් ප්‍රශ්නයක් නෑ කියන්නේ ඇයි. (බ)
අපි ඔහුට පුද්ගලිකව සුබ පැතුවා! (නි)
සෑම්ට හරි හිතේ අමාරුයි වගේ. රනිල්ගේ මුනත් මේ දවස්වල ඔය වගේ (ම)
ඇයි දකුණින් තරඟ බිමට පැමිණෙන්නේ නැත්තේ.(හේ)
ශ්‍රේෂ්ට රජවරුන් බිහිකළ,ශ්‍රේෂ්ට ලේ ඇති කුරුණෑගල ජනතාවනි,කරුනාකර එවැනි ශ්‍රේෂ්ටයන් පමණක් රජකරවන්න ඡන්දය දෙන්න.(හේ)
ඒ කියන්නේ මේ පාර දිනනවා කියන එකද?(හේ)
වැඩිම මනාප ප්‍රමාණයක් කුරුණෑගලින් ලැබෙන නිසාලු, (හේ)
රටට වැඩක් කරන්න කොහෙන් ඉල්ලුවම මොකොද?(ම)
මේවා මේගොල්ලන්ගේ රැකියා ප්‍රශ්න රටේවත් ජාතික ප්‍රශ්නයක්වත් නෙවේ (බ)
අපේ කාලයේ අපේ ජාතික වීරයාව ඔතරම් පහත කරන්න එපා අපි බලාගෙන එන්නේ එතුමාට චන්දය දී ජනවාරි 8 කළ වරද සදා ගන්න .එ්ත් කොතරම් දුරට සාර්ථක කර ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ මම වගේ සෑම සිංහලයෙක්ම එසේ සිතුවොත් මහින්ද වීරයාව දිනවන්න පුළුවනි (බ)
කුරුණෑගල දිස්ත්‍රික්කයටම දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි.(ම)
මෙතුමා කොහෙන් ඉල්ලුවත් වාර්තාගත ඡන්ද ප්‍රත්ඵලයක් තියනවා.(ම)
කුරුණෑගලින් එන්නේ ඇයි ? කොළඹනේ වැඩිම ඡන්ද තියෙන්නේ . කොළඹින් එන්නේ නැත්තේ ඇයි ? (ම)
මහින්ද කොහෙන් ඉල්ලුවත් දිනුම්......... (ම)
කොහෙන් ඉල්ලුවත් ගිය පාර වුණ දේ තමයි මෙයාට වෙන්නේ...(ම)
කුරුණෑගල ජනතාව මහින්ද සමඟ මුල අමතක නොවන හරි දෙය වැටහෙන පිරසක් ඉන්නේ කුරුණෑගල ඔබට ජය...(ම)
කොහෙන් ආවත් මෙදා පාර ගෙදර ඉතින් (ම)
උලත් -පිලත් දෙක එකක් වගේ (ම)
ඔබ තුමාගේ පරිත්‍යාගයත් උතුම් රටට වැඩදායක පියවරක් වෙනුවෙන් (ම)
රට බේරා ගත් ඔබතුමාට කාලගුණ දන්නා ඕනෑම කෙනෙක් ජන්දේ දෙයි. ඔබතුමාට ගහපු බොරු මඩ වලට නිසි පිළිතුරු ඉදිරියේදී ලැබෙයි.(ම)
දැන් ඒකටත් පළි මාධ්‍යයද? (නි)
සමන්, කලබල වෙන්නේ නැතුව ඉන්න. ඇයි කුරුණෑගලින් එන්නේ? ඇයි කොළඹින් නොඑන්නේ? ඒ හැමටම උත්තර ලැබෙයි.හැබැයි පුතෝ මොකුත් ඒ ගැන ඔබතුමාලට කරගන්න නම් වෙන්නේ නැතිවෙයි (නි)
මට තියන ප්‍රශ්නය දැන් මෙතුමා හිටපු ජනාධිපති කෙනෙකු හැටියට දැනට බුක්ති විඳින මහා පොලිස් ආරක්ෂාව, මහා හමුදා ආරක්ෂාව, කප්පරක් වාහන, වෙඩි නොවදින නිල රථ, කාර්ය මණ්ඩල ආදී මෙකී නොකී වරප්‍රසාද සමුදාය එක්කද මැතිවරණයට තරඟ කරන්නේ ? එතනම අනිත් අපේක්ෂකන්ට ලොකු අසාධාරණයක් වෙනවා නේද ? මොහුට හිමි ඒ වරප්‍රසාද ඡන්දය ඉවරවෙන තුරු අත්හිටවීමටවත් ජනාධිපතිතුමාට බැරි ඇයි කියල දැනගන්න මම කැමතියි. දේශපාලනයේදී හෝ වෙනත් ඕනෑම තරඟයකදී තරඟකාරයෝ කව්රුත් තරඟ කලයුත්තේ සම තැනක ඉඳල නේද ? එහෙම නම් මෙතුමාගේ සියලුම වරප්‍රසාද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත් හිටවිය යුතුමයි (නදී)
මහින්ද දින්නත් අගමැති වෙන්නේ නැහැ. ඉමල්කටත් ගොඩක් පරක්කු වෙනවා තේරෙන්න නේද ? (නදී)
වයඹට සාදරයෙන් පිලිගන්නවා (නදී)
හිටපු ජනාධිපතිතුමා හම්බන්තොටට කරපු සේවය එහේ ජනතාව දන්නවා. (හේ)
හම්බන්තොටින් නාමල් බේබි එන්න එපැයි. එකයි මහින්ද වෙන පැත්තකින් ඉල්ලන්නේ. (හේ)
ජයවේවා.මහින්දට ජය.(හේ)
කොහෙන් ඉල්ලුවත් දිනුම් ..(හේ)
මෙයට ඕන තවමත් එයාට තමයි වැඩිම මනාපේ තියෙන්නේ කියලා රටටත් ලෝකෙටත් පෙන්නන්න.(හේ)
ඔබතුමා ඇවිත් පරණ විදිහටම වැඩ කලොත් අපිට හොඳා. (ර)
කුරුණෑගල අපි හැමෝම ඔබතුමා සමඟයි (නි)
සිරිපාල මහත්තයෝ පත්තරකාරයෝ බොරු දාන්නේ ඔබල බොරු වපුරන නිසා එනිසා කනට ගහන්න ඕනේ අහිංසක පත්තරකාරයන්ගේ නෙවෙයි ඔබලාගේ, මහින්දට කුරුණෑගල උගත් ජනතාවගෙන් පිළිතුරු ලැබීවේ. (බ)
කුරුණෑගලින් එන්නේ හම්බන්තොට නාමල්ගේ ඡන්ද මගින් උපරිම ප්‍රතිශතය ලබාගත හැකි වීමත්, කුරුණෑගල ඡන්ද දායකයන් සාතිශය බහුතරය මහිද හිතවාදීන් වීම සහ විශාල ඡන්ද හා ආසන ප්‍රමාණයක් සතු දිස්ත්‍රික්කයක් වීමත් කියන කරුණු නිසා විය හැකියි. (බ)
සමන්, ලංකාවේ වැඩිම ඡන්දේ තියෙන්නේ කොළඹනම් නෙවෙයි. (ර)
කොහෙන් ආවත් පරාදයි. (ර)
කලගුණ දන්නා මිනිසුන් මහින්ද සමගයි. (ර)
මම කුරුණෑගල. ඒත් අපේ අප්පච්චි කියලා දීලා තියෙන්නේ බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා කියලා. (නි)
දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවද?(හේ)
කොහෙන් ආවත් වාර්ථාගත විදිහට හොඳ පරිප්පුවක් තෙම්පරාදු කරලාම කනවා....ඉල්ලන් කනවා ...කියන්නේ ඕවා තමයි...(හේ)
හරි හරි ඡන්දෙන් දිනලම පෙන්නුවම හරිනේ. බොරුවට කාගෙවත් කතා අහන්නේ නැතුව. මේ පාර නම් වරද්දන් ඡන්දය දෙන්න එපා. එහෙම උනොත් දුකම තමයි ඉතින්. (ර)
බලන්නකෝ වෙන්නේ මොකද කියලා. (ර)
කොළඹින් ඉල්ලුවා නම් විජිත් කිව්වා වගේ හොඳ පරිප්පුවක් තෙම්පරාදු කරලාම කනවා(නදී)
සමින්ද මහතා පාර්ලිමෙන්ට් එකට අනිවාර්යෙන් එනවා (නදී)
දැන් මහින්දගේ පැත්තේද ආයෙත්?නමුත් බදුල්ලෙන් ඇවිල්ලා දිනනවා බොරු හොඳේ (නි)
කිර්ති,අවුරුදු 12 කට රට බාරදීලත් ඉල්ලන් කෑවට අපි මොනවා කරන්නද? (නි)
තවම කිවේ නැහැනේ කොහෙන්ද එන්නේ කියලා. ලංකාවේ මිනිස්සු දැන් බුද්දිමත්. (නදී)
අර මැදමුලනට ගියදා ඉඳලා හඬපු අය දැන් අඩුවෙලා ඇති. දකුණින් ඉස්සර වගේ මෝඩ අය නැති වග තේරෙනවාත් ඇති. (නි)
නැහැ. මේ පාර දිනන්න ලැබෙන්නේ නැහැ (නි)
අපිට නම් මහින්ද වීරයෙක් (නි)
"...මම වගේ සෑම මෝඩ සිංහලයෙක්ම එසේ සිතුවොත් මහින්ද වීරයාව දිනවන්න පුළුවනි..." (නදී)