IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද කුරුණෑගලින් එයි

මහින්ද මෛත්‍රී පාලනයක් සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බොහෝ දුරට කුරුණෑගලින් අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරග කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් තැබීම සඳහා කොළඹ මහවැලි කේන්ද්‍රයට මීට සුළු මොහොතකට පෙර පැමිණි අවස්ථාවේදී පැවසීය.

නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු සඳහා වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ ඇතුළු හිටපු පාර්ලිමේන්තුවරුන් පිරිසක් එහි පැමිණ සිටිති.

ළඟදීම මෛත්‍රී - මහින්ද පාලනයක් ගෙන එන බවත් එයට එකඟවීමෙන් පසු නාම යෝජනා අත්සන් කරන බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මිරිහාන නිවසේදී පෙරදින නාමයෝජනා අත්සන් කළ බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිස නීතිඥවරුන්ද එහි පැමිණ සිටි බවත් දැනගන්නට ඇත.

DSC_0569 DSC_0595 DSC_0618 DSC_0629 DSC_0642 DSC_0747 DSC_0767

 

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

මහින්ද කුරුණෑගලින් එයි

කුමුදු කුමාර Thursday, 09 July 2015 06:47 AM

ඔබයි රට ඉල්ලන්නේ ඔබ දෙසයි දැය බලා සිටින්නේ රට දැය රැකුමට යලි ආ ඔබට අපේ උත්තමාචාරය ඔබට ජයනියතයි (ම)

:       0       0

ලහිරු Thursday, 09 July 2015 06:52 AM

කුමුදු කුමාර, ඔබ සිහිනයක සුව විඳින බව පෙනේ (ම)

:       0       0

සේන Thursday, 09 July 2015 07:00 AM

ඊයේ විධායක ජනාධිපති හෙට විධායක අගමැති. (බ)

:       0       0

මානි Thursday, 09 July 2015 07:07 AM

කුමුදු ඔබ පිටරට ඉන්න කෙනෙක් නේද, නැතිනම් පහුගිය අවුරුදු දෙක තුනේ මිනිසුන් විදපු දුක අමතක කරාද. යුද්දය ඉවර කරාට, රට කාපු එකට අපි කැමති නැත. රටේ ආරක්ෂාව මෛත්‍රී ජනපති බලාගනී එජාපෙට වතාවක් රටේ ආර්ථිකය හැදීමට දීල බලමු. නිල්,කොළ,රතු වලින් ලංකව දිහා නොබලමු, අපේ දරුවන්ටවත් මේ රටේ ඉතා හොදින් ජීවත් වීමට ඉඩ දෙමු. (බ)

:       0       0

නාමල් Thursday, 09 July 2015 07:06 AM

ලැජ්ජ නැතිකම ජනාධිපති කමටත් වැඩිය ලොකුයි කියනවනේ.. 18 වෙනිද තමයි මතක හිටින්න පාඩමක් ඉගෙන ගන්නේ, ජනාධිපති වරප්‍රසාද මොකුත් නැතිව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පසුපෙල අසුනක ඉදගෙන පත්වෙන යූඑන්පී ආන්ඩුවේ ඇමතියන්ගෙන් කුනු බැනුම් අහගන්න වුනහම..(බ)

:       0       0

සුනිමල් Thursday, 09 July 2015 07:10 AM

බෙලිඅත්ත, හම්බන්තොට එහෙම එපාවෙලා වගේ (බ)

:       0       0

කුමුදු කුමාර Thursday, 09 July 2015 07:12 AM

ලහිරු සොයුර මෙවර ඒ සිහිනය සැබෑවෙනව ෂුවර් ඔබද සැබෑ නොවනා සිහිනවල නොසිට එන්න මහින්ද තුරුලට එවිට ‍රටම දකින සිහිනය ඔබත් දකීවි (බ)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 07:16 AM

මහින්ද රාජපක්ෂ මැතිඳුනි ඔබටයි රටේ අනාගතය විසඳිය හැක්කේ. ඒ නිසා ඇවිත් අපේ දරුවන්ගේ හෙට දවස බාරගන්න. අනාගතය සුරක්ෂිත කරන්න ඔබට ජය පතමි (බ)

:       0       0

මංජු Thursday, 09 July 2015 07:16 AM

ලංකාවේ වැඩිම මනාපය හිටපු ජනපති මහින්ද අගමැති වෙනවාටද ? (ම)

:       0       0

බණ්ඩාර Friday, 10 July 2015 11:45 AM

ලංකාවෙන් වැඩිම මනාප ගන්නවා...... (නි)

:       0       0

සරත් සෞදි Thursday, 09 July 2015 07:27 AM

විරුද්ධවාදීන් සොයනවා විකල්ප දහ අතේ... ඔබ තුමාට ජය සහතික වෙලා. මහින්ද මැතිදුට ජය වේවා.! (ර)

:       0       0

සෙනරත් Thursday, 09 July 2015 03:19 PM

මානි, පසුගිය රජය රට කාපු තැන් මාස 6 ක් තිස්සේ හෙව්වා නේද? කෝ හමුවුණාද? බොරු චෝදනා වලින් මිනිසුන්ව සැමදාම රවටන්න බැහැ. (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 09 July 2015 09:03 AM

රට බේරා ගැනීමට සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමට අපේ ළමයින්ගේ අනාගතය හදන්න මහින්ද එන්නම ඕනේ. එහෙම නැති වුණෙෘත් කොටිය සහ වෙනත් බලවේග මේ රට ගිලගන්න පුළුවන්.(ම)

:       0       0

සුරන් Thursday, 09 July 2015 09:09 AM

ඔබතුමාට ලැබෙන අවසන් අවස්ථාව. (ර)

:       0       0

කැළුම් Thursday, 09 July 2015 06:52 PM

කුමුදු කුමාර, ඔබට කුමක් වෙලාද සොයුර? (නි)

:       0       0

නිල්මිණි Thursday, 09 July 2015 12:18 PM

රට වනසන්න එන්න එපා ගරුත්වය රැකගෙන විශ්‍රාම ගන්න නැත්නම් වලෙන් නැගිටලා ජේආර් එන්න බැරි නැහැ අගමැති වෙන්න (බ)

:       0       0

කුමා Thursday, 09 July 2015 05:22 AM

බලමුකෝ මොනාද වෙන්නේ අන්තිමට (අ)

:       0       0

ශිරන්ති Thursday, 16 July 2015 11:37 PM

මේ අය එක්කද මහින්ද අගමැති වෙන්න ඉල්ලන්නේ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site