මහින්ද මෛත්‍රී පාලනයක් සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බොහෝ දුරට කුරුණෑගලින් අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරග කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් තැබීම සඳහා කොළඹ මහවැලි කේන්ද්‍රයට මීට සුළු මොහොතකට පෙර පැමිණි අවස්ථාවේදී පැවසීය.
නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු සඳහා වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ ඇතුළු හිටපු පාර්ලිමේන්තුවරුන් පිරිසක් එහි පැමිණ සිටිති.
ළඟදීම මෛත්‍රී - මහින්ද පාලනයක් ගෙන එන බවත් එයට එකඟවීමෙන් පසු නාම යෝජනා අත්සන් කරන බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මිරිහාන නිවසේදී පෙරදින නාමයෝජනා අත්සන් කළ බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිස නීතිඥවරුන්ද එහි පැමිණ සිටි බවත් දැනගන්නට ඇත.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි රට ඉල්ලන්නේ ඔබ දෙසයි දැය බලා සිටින්නේ රට දැය රැකුමට යලි ආ ඔබට අපේ උත්තමාචාරය ඔබට ජයනියතයි (ම)
කුමුදු කුමාර, ඔබ සිහිනයක සුව විඳින බව පෙනේ (ම)
ඊයේ විධායක ජනාධිපති හෙට විධායක අගමැති. (බ)
කුමුදු ඔබ පිටරට ඉන්න කෙනෙක් නේද, නැතිනම් පහුගිය අවුරුදු දෙක තුනේ මිනිසුන් විදපු දුක අමතක කරාද. යුද්දය ඉවර කරාට, රට කාපු එකට අපි කැමති නැත. රටේ ආරක්ෂාව මෛත්‍රී ජනපති බලාගනී එජාපෙට වතාවක් රටේ ආර්ථිකය හැදීමට දීල බලමු. නිල්,කොළ,රතු වලින් ලංකව දිහා නොබලමු, අපේ දරුවන්ටවත් මේ රටේ ඉතා හොදින් ජීවත් වීමට ඉඩ දෙමු. (බ)
ලැජ්ජ නැතිකම ජනාධිපති කමටත් වැඩිය ලොකුයි කියනවනේ.. 18 වෙනිද තමයි මතක හිටින්න පාඩමක් ඉගෙන ගන්නේ, ජනාධිපති වරප්‍රසාද මොකුත් නැතිව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පසුපෙල අසුනක ඉදගෙන පත්වෙන යූඑන්පී ආන්ඩුවේ ඇමතියන්ගෙන් කුනු බැනුම් අහගන්න වුනහම..(බ)
බෙලිඅත්ත, හම්බන්තොට එහෙම එපාවෙලා වගේ (බ)
ලහිරු සොයුර මෙවර ඒ සිහිනය සැබෑවෙනව ෂුවර් ඔබද සැබෑ නොවනා සිහිනවල නොසිට එන්න මහින්ද තුරුලට එවිට රටම දකින සිහිනය ඔබත් දකීවි (බ)
මහින්ද රාජපක්ෂ මැතිඳුනි ඔබටයි රටේ අනාගතය විසඳිය හැක්කේ. ඒ නිසා ඇවිත් අපේ දරුවන්ගේ හෙට දවස බාරගන්න. අනාගතය සුරක්ෂිත කරන්න ඔබට ජය පතමි (බ)
ලංකාවේ වැඩිම මනාපය හිටපු ජනපති මහින්ද අගමැති වෙනවාටද ? (ම)
ලංකාවෙන් වැඩිම මනාප ගන්නවා...... (නි)
විරුද්ධවාදීන් සොයනවා විකල්ප දහ අතේ... ඔබ තුමාට ජය සහතික වෙලා. මහින්ද මැතිදුට ජය වේවා.! (ර)
මානි, පසුගිය රජය රට කාපු තැන් මාස 6 ක් තිස්සේ හෙව්වා නේද? කෝ හමුවුණාද? බොරු චෝදනා වලින් මිනිසුන්ව සැමදාම රවටන්න බැහැ. (නි)
රට බේරා ගැනීමට සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමට අපේ ළමයින්ගේ අනාගතය හදන්න මහින්ද එන්නම ඕනේ. එහෙම නැති වුණෙෘත් කොටිය සහ වෙනත් බලවේග මේ රට ගිලගන්න පුළුවන්.(ම)
ඔබතුමාට ලැබෙන අවසන් අවස්ථාව. (ර)
කුමුදු කුමාර, ඔබට කුමක් වෙලාද සොයුර? (නි)
රට වනසන්න එන්න එපා ගරුත්වය රැකගෙන විශ්‍රාම ගන්න නැත්නම් වලෙන් නැගිටලා ජේආර් එන්න බැරි නැහැ අගමැති වෙන්න (බ)
බලමුකෝ මොනාද වෙන්නේ අන්තිමට (අ)
මේ අය එක්කද මහින්ද අගමැති වෙන්න ඉල්ලන්නේ ? (නි)