ජනාධිපතිවරයා කුමරන් පද්මනාදන් වැළඳ ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපය ව්‍යාජ එකක් බවත්,  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ ගත් ඡායාරූපයක් වෙනස් කර එය නිර්මාණය කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

ජනපතිවරයා කුමරන් පද්මනාදන් කිසි දිනක සිප වැළඳගෙන නැතැයි ද ඔහු කීවේය.