ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් මාතෘභූමියේ නිදහස යහපාලන ආණ්ඩුව මගින් නැවත බෙදුම්වාදීන්ට දීමට කටයුතු කරන බවත් එවන් පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට ගෙන ආ යුතුයැයි ඉතාලි එකාබද්ධ සිංහල සංවිධානය පවසයි. ඉතාලි ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම අරබයා පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී වූ සම්මන්ත්‍රණයක් පසුගියදා නාපොලි නගරයේදී පැවැත්විණි. ඉතාලි එකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් ලේකම් ලාල් ගමගේ භාණ්ඩාගාරික කෙනඩි කොස්තා මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ආ යුතුයි (නි)
රට බේරගත්තා කියා වරම් ලැබෙන්නේ නැහැනේ රට විනාශ කරන්න. (නි)
ඔය ලංකාවේ ඉඳගෙන දේශපාලකයන්නේ පස්සෙන් යන අය දැන් මේවට කෑගැහුවට, ප්‍රභාව මරපු වෙලාවේ කොඩි දාගෙන කෑගැහුවට ලංකාවේ ඉන්න අය දන්නේ නැහැ හමුදාව ඔහේ යුද්ධ කරනකොට ඒ වෙනුවෙන් ඉතාලියේ ඉන්න අපි කළදේවල්. අපේ රට වෙනුවෙන්, යුරෝපයෙන්, ඉතාලියෙන් විතරයි කොටින්ට දඟලන්න දුන්නේ නැත්තේ. ඒ විතරද අපි ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නට නොදී එවපු සල්ලි කන්දරාව! ඒවා අපි කළේ දේශපාලන වාසි බලාගෙන නොවේ. අතීතය අමතක කරන්න එපා. (නි)
දේශපාලනය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි.මිනිසුන්ට හොඳයි කියන්නත් නරකයි කියන්නත් පුළුවන්.පසුගිය කාලය පුරාම විපක්ෂය මොරදුන්නේ මහින්දට එන්න දෙන්න එපා කියලයි."ඕනෑ කෙනෙක් ආදෙන්, අපි වැඩි ඡන්දෙන් මහජනතාව පෙළගස්සලා නරක මිනිහාව පරාජය කරමු" ඒ කතාව මේ අය අතර නැහැ. පක්ෂ සේරම බයයි මහින්දට. ඇයි? එයාලා බස් වලින් සෙනඟ අදිනවා නම් ඔයාලත් කරන්නකෝ ඉතින්.අපේ රටේ ජනතාව ඔය භාෂාව දන්නවා. (නි)
මහින්ද නැති තැන ශ්‍රී ලංකාවක් නැත. (නි)
රට ඉදන් ලංකාවට කරන්න පුළුවන් සේවය මොකක්ද අහනවා මේ ලිදේ ඉන්න ගෙම්බෝටික 2013 මුළු වෙළද ආනයන වලින් 23% තෙල් මේකට සල්ලි දුන්නේ මැදපෙරදිග වැඩකරන අයයි, කියවන්න පත්තරයක් පොතක්. (ර)
මෙච්චර බයයිද මහින්දට? මේකෙන්ම තෙරෙනේව මහින්ද හොල්ලන්න කාටවත් බැරි බව. රට බේර ගත් යුග පුරුෂයා. ඒ ගැන විවාදයක් නැහැ. නිකන් හිතලා බලන්නකෝ සංසන්දනය කරලා. (ර)
රට බේරගත්තා කියා රට විනාශ කරන්න වරම් දී නැත. (නි)
පැරදුන මහින්ද ආයෙත් මොකටද? (නි)
මොනවා නැතත් හිනාව වටිනවා. (නි)
රට බේර ගත් යුග පුරුෂ මහින්ද තුමා එන්න ඕන, ජයගත හෙකි එඩිතර මිනිසෙක්. රටේ ඉන්න අය කරන්නේ රජයේ දේවල් කන එක, දේශපාලකයොත් එහෙමයි, විදෙස රටවල ඉන්න අය කරන්නේ විදෙස විනිමය අපේ රටට එවන එකයි, එය නරකද ? (ර)
නිකම් ජාතිවාදය අවුස්සන්න එපා. බලය ගන්න ජාතිවාදය අවුස්සන එක වැරදියි. වර්තමාන ජනතාව වැඩිදෙනා බුද්ධිමත්. (ර)
අද හැමදෙනාම නිදහසේ ඡන්දයක් හරි කරන්නේ මහින්ද නිසා බව මතකතබා ගත්තොත් හොඳයි (නි)
ඇත්ත ඇති සැටියෙන් දකින්න. ජනතාව ගොනාට නොඅන්දවන්න. රට ගැන, රට තුළ සිටින මධ්‍යස්ථ අයගෙන් කරුණු දැනගන්න. (නි)
ශ්‍රීලනිපයට අනාගතයක් ඇත්තේ නියාමක බලවේග වන මේ සොර මුලෙන් ගැලවුණොත් පමණි.(හේ)
ජපානයේ අපේ පැතුම මහින්ද! (නි)
සම්පුර්ණ ඇත්ත. (ර)
සිංහල ජනතාවගේ හදගැස්ම මහින්දයි (නි)
මිනිසුන්ට එපා නිසානේ ගෙදර යැව්වේ. අනේ ඔය ඉතාලියේ ඉන්න අය ඔය තරමට ලංකාවට ආදරේ නම් එන්නකෝ අනේ ඔහේ ඉන්නේ නැතිව. (ර)
මහින්ද මැතිදුනි ජයවේවා.! (ර)
ලන්ඩන් අපිත් ඔබ සමඟයි. (ම)
දැන් එතකොට මහින්ද මහත්තයා නැති දවසකට මොකද කරන්නේ? එකට අපි සුදානම් ද? (ම)
මාගලි රටට ආදරේ කරන්න ලංකාවටම එන්න ඕනේ නැහැ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් පිට රටක ඉදගෙන වුණත් කරන්න පුළුවන් (ම)
මේ ඉතාලියේ ඉන්න අයද දන්නේ නැ මේ අය පහුගිය යුගයේ කොහෙද ඉදලා පාත් වුණාද මන්දා (ම)
අපිට මහින්ද ඕනෑ. ඔහුව ආපසු ගෙනෙන්න (නි)
බෙදුම්වාදීන්ගේ සෙල්ලම් කොහොමද කියල හොඳට දන්නේ බටහිර රටවල ඉන්න ලාංකිකයෝ (ම).
අනේ මගේ රටට ගිය කලක්,මිලියන 22 ක ජනග්‍රහණයක්,95% වැඩි සාක්ෂරතාවක් ඇති රටේ නායකයෙක් හොයා ගන්න දෙන්නේ නැති හැටි.තරුණයන්ට ඉඩ දී 70 පැනපු අය විවේක ගත්තොත් හොදයි. (ම)
පිට රට ඉදන් කරන්න පුළුවන් දෙයක් තියනවද.? (ර)
මහින්ද රාජපක්ෂ මුළු ලංකාවටම ඔනෑ, මේ වගේ නායකයෝ හැමදාම ලැබෙන්නේ නෑ. පේනවනේ වෙනසක් බලාපොරොත්තුවෙන් මහින්දව අයින් කරලා කරගත්තු දේ. අපුරුවට තිබුන දේ හදන්න ගිහිල්ල කඩා ගත්තා. (ර)
මෙතන "මහින්ද ඕනැ" කියලා අදහස් දාන අය පදිංචි ලංකාවෙන් පිට වෙන්න ඇති (නි)
ඉතාලියේ ඉන්න ලාංකිකයෝ හැමදාම නිවැරදි අදහස් ඉදිරිපත් කළ බව මගේ හැගීමයි.(ම)
මොවුන් කෙසේ කොහොම කොහේ දේශන තියලා තම දේශපාලන නිරුවත වහගන්න හැදුවත් බුද්ධිමත් ජනතාව නියම පිළිතුරු දෙනවා .... (නි)
මේ එන්නේ මොකටද කියලා කාටවත් තේරෙන්නේ නැද්ද? (නි)
රට - ජාතිය ගැන විශිෂ්ට හදගැස්මක් ඇති ලංකාවට බිහිවු නායකයෙක්...!! අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා..! (ම)
"මම ජාතිවාදියෙක් නොවෙමි " එක පැත්තකින් අසන්නට ඇත. ඒ පැත්තෙම්ම ඊට වෙනස් කථාවකි. කිසිවෙක් වචනයෙන් හෝ ක්‍රියාවෙන් ජාතිවාදී වියයුතු නැත. තව කිසිවෙක් බෙදුම්වාදීන්ට ඉඩ දිය යුතුද නැත. නිදහස කියන එක ශ්‍රී ලංකාවේ ජිවත් වෙන අයට වඩා විදේශ රටවල ජිවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට හොදින් තේරුම් යායුතුය.දේශපාන වාසියක් හෝ වෙනත් පුද්ගලික වාසියක් නොතකන සිවිල් සංවිධාන නම් බලාපොරොත්තු වියයුත්තේ මෙවැන්නක් නම් නොවේ. දේශපාලකයන්ට බල කළ යුත්තේ වංචාවෙන් දුෂණයෙන් තොර සහෝදරත්වයෙන් ජිවත් විය හැකි රටක් ගොඩ නඟා දීමටය. එය රටක සැකයෙන් බියෙන් ජිවත් නොවීමට හේතු වීම කල්පයක සාමයකි. රටේ දියුණුවද එයම වේ. (නදී)
දේශපාලන අනාතයෙකුගේ කතා (නදී)
මහින්ද එනවා කියලා ඇයි මේ තරම්ම විවේචන? තමන් කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න රට වැසියාට අයිතියක් නැතිද? දැන් පැරදුනා නම් මහින්ද ගෙදර ඉන්න කියන්නේ හැම මැතිවරණයකින්ම දිනපු අය වෙන්න ඇති. (ර)
මෙන්ඩිස් මහත්තයෝ, රටට ආදරේ හින්ද රටේ දේවල් නැති වෙන නිසා හොරෙන් හරි ඒවා ආරක්ෂා කරන්න හොරකම් කලේ නේද ? (නදී)
මහින්ද අවශ්‍ය යුගයක් දැන් (ම)
අපිත් මහින්දට! (නි)
අපේ ඉතිහාසේ දිහා බැලුවත් රටට වැඩක් කරපු නායකයෝ හිටියේ කීප දෙනෙක් පමණි ,එවන් නායකයෙක් රටට වුවමනායි දැන් අපිට,(ම)
අපිත් ඔබ තුමා සමඟ ජය වේවා (ම)
නැතුව නැතුව, මහින්ද නැතුව කොහොමද? (නි)
අපේ රට ප්‍රජතාන්ත්‍රික නිදහස් රටක්.තමන් කැමති කෙනෙකුට ඡන්දය දීමටත්,පත්කර ගැනීමටත් නිදහස තිබෙනවා. (නි)
මහින්ද නැතුව බැහැ තමයි (නි)
කරන්න යන්නේ මොකක්ද කියලා තේරෙනවා අපිට (නි)