හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කරගෙන යතියි දේශපාලන ආරංචි  කියයි.

හිටපු ජනපතිගේ හා වත්මන් ජනපතිගේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා බිඳ වැටී ඇතැයි රාජපක්ෂ පිළේ ප්‍රකාශකයෙක් කියයි.

එකම ලැයිස්තුවකින් තරග කරන්නේ නම් හිටපු ඇමැති විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් ජනපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත්, ඊට හිටපු ජනපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ප්‍රකාශකයා පවසයි.

ඒ අනුව වෙනම ලැයිස්තුවකින් තරඟ කිරීමට සියයට 80කම ඉඩක් ඇතැයි ඔහු කීවේය.