(අජන්ත කුමාර අගලකඩ)
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා හොඳින් හිතා බලා ගත් තීන්දුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවේ අද (26) ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් තමා සම්පුර්ණ වගකීම බාරගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ අද (26) රාතී‍්‍රයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම අමතමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ගත් තීන්දුව කලින් සාකච්ඡා කර ගත්තේ නම් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් පක්ෂයේ වැඩ නොකර අනෙක් අයට චෝදනා කිරීමෙන් පළක් නැති බවද සඳහන් කර ඇත.
හිටපු අගමැති දී.මු. ජයරත්න මහතාද 15 කණ්ඩායම නියෝජනය කරන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ ලක්ෂමන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට වැරදුනා..
එතකොට ඉස්සෙල්ලා කලේ?
ඔබ තුමාට අතීතය අමතක වීමේ ලෙඩක් තියනවා වගේ .
ඊළඟ පාර එන ජනාධිපතිවරණයට ඔබ තුමාට නාම යෝජනා දෙනවයි කිව්වද, මහින්ද ?
ඔය ටික තේරුම් ගන්න ඔබට අවුරුදු 4 ගිය එකයි රටේ අවාසනාව. අපි ඕක තේරුම් ගත්තේ 2005 දී. එදා ඉදන් අද වෙනතුරු අපි නිවැරදී. ඔබ තේරුම් ගන්න විට රට නැති වෙලා ඉවරයි.
හිතන්න මොළයක් තියෙන්න එපායැ.
දරු, සහෝදර පරම්පරා දෙකක අනාගතය ගැන හොඳට හිතල බලලා. බොහොම ස්තූතියි. ඔබලාට ජය වේවා.
හිතට එන ඒවාට තීන්දු තීරණ ගන්න බෑ. ව්‍යවස්ථානුකුලව තමයි තීන්දු ගන්න ඕන.
ඔබ ගත්ත තීරණය ඉතා නිවැරදියි. රට අගාදයකට යන්න ගිය වෙලාවක රට නිවැරදි මාවතකට ගත්ත ඔබට අපි හදවතින්ම ස්තුති කරනවා....
තමන්ගේ අනගත ජනපති සිහිනය සැබෑ කරගැනීමට හැකි එකම හා පහසුම මග ලෙස අනුමාන කර මහින්ද ජනපති ලෙස පත්කළ බව ලොවම දනී තවත් පච ලෝකෙට ඇද නොබා පාඩුවේ ඉන්න ලෙස දන්වමි ලංකාවේ පළමු වතාවට තමන්ගේ අභිවෘද්ධිය පතා රටේ ජනපති විසින් රටම අස්ථාවර කල පුද්ගලයා බවට ඔබ දැන් පත් වී හමාරයි
ලබන ඡන්දෙදි පොදු අපේක්ෂකයෙක් වෙන්නත් බැහැ. පක්ෂෙන් ඉල්ලලා දිනන්නත් බැහැ. මහින්දට තරග කරන්නත් බැහැ. පොහොට්ටුවේ සරණ හැර වෙන මොන පිහිටක්ද?
මහින්ද අගමැති කරපු එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබටයි ප්‍රශ්නේ තිබුනේ. රටේ මුදල් කාලය නිරපරාදේ නාස්ති කලා. රටේ සංවර්ධන වැඩ අඩපන කලා. හැබැයි ඔබට නැවත වරක් ජනපති වෙන්න නම් බැහැ.
ඔබතුමාට බැරිවුණාද කේවට්ටයාගේ රාජකාරිය කරලා මෙතුමා ඒ කාලයේ බේරා ගන්න ?
බොරු කියනවා අහලා තියෙනවා. නමුත් මෙහෙමත් බොරු කියන කෙනෙක් අහලම නැහැ.
චේතිය රජ්ජුරුවන්ගේ මල්ලිද කොහෙද?
ඔන්න ඕකයි තත්ත්වේ....
හිතලා බලලා ගත්ත එකක් නම් කොහොමටවත් ඔහොම වෙන්නේ නැහැ.
වෙන්න යන දේ අපිට දැනෙනවා, කියලා වැඩක් නැහැ. අපියි අමාරුවේ. රැවටුන තරමක්.