මිහින්තලේ රජමහා විහාරස්ථානයේ මහා චෛත්‍යයේ හා සලපතල මළුවේ ඉරි තැලීම් දකින්නට ඇතැයි  ප‍්‍රදේශවාසිහු කියති.

සලතල මළුවේ  ගල් ඈත් වී අඩි 10ක් 15ක් පමණ දිගට ඉරි තැලීම් සිදුව ඇති බව කියති.

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ ‘මං  ඕවා දන්නේ නෑ. පුරාවිද්‍යාවෙන් අහන්න” යනුවෙනි.

මිහින්තලේ කලාපය භාර පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් මෙසේ කියයි.

මීට පෙරත්, සළපතල මළුවේ විශාල සිදුරු කිහිපයක් තිබුණා. එය සිමෙන්ති බදාම දමා පිළිසකර කරා. වසරේ අග භාගයේ දී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සෝදා පාළුවට ලක්වන අතර, එහි පස් හා ජලය ගලා යන්නේ නාග පොකුණ ප‍්‍රදේශයටයි.

මේ වතාවෙත් මෙම සිදුරු සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණා. අපි එහි ගොස් පරික්‍ෂා කළා. චෛත්‍ය ගර්භය ද පුපුරා යෑම් දක්නට ලැබුණා. මෙය පිළිසකර කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලිඛිතව දැනුම් දුන්නා. එය තක්සේරු කර නියෝගය ලද පසු හැකි ඉක්මනින් එය පිළිසකර කිරීමට කටයුතු කරනවා.

01.1.jpg44 01.jpgM 02.jpgLL 03.jpgLLL