(රෝහණ චන්ද්‍රදාස)
මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කළේය.
සිසුවකුගේ උපන්දිනය නිමිත්තෙන් අද උදෑසන 8ට පමණ සිසුන් 7 දෙනකු සාදයක් සංවිධානය කර ඇති අතර පසුව එම සිසුන් මත්ගතියකින් පෙළෙන බව ගුරුවරයකු දැනගෙන ඔවුන් විදුහල්පති වෙත යොමුකරනු ලැබ ඇත.
පසුව ඒ පිළිබඳ වාර්තාවක් ගැනීමට අදාළ සිසුන් 7 දෙනා මිහින්තලේ රජයේ රෝහලට යොමු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින්තලේද කොළඹද කියල කියන එක අදාළ නෑ....වරද වරදමයි...
අද වන විට මේ බිග් මැච් පිස්සුව ලොකු කියන පාසැල් වල ගොන්නු නිසා සිසු පරපුර නොයෙක් වැරදී වැඩ වලට පෙලඹිලා වහාම මේක නතර කරේ නැතිනම් රටත් දරුවොත් ඉවරයි.
අපරාදේ 8 දෙනෙක් විතරක් , අනිත් අයත් හිටියනම් තමයි හොඳ , මේක දැන් සුළු දෙයක් වෙලා මේ කලේ දැන් ඉස්කෝල වල බිග් මැච් කියන්නේ ජංගම බාර් දාගන්න එක තමයි දැන් වැඩි හරියක් ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න වට වඩා මේ බහුබූත කරන්න තමයි මේ ගොල්ලොද රටේ අනාගතය බාරගන්නා ඉන්නේ , දැන් ඉතින් පාසල් වල සම හර ක් ගුරුවරුත් ඔය වගේ ආදර්ශ දෙනවනේ
මේ අය අපෙ ඉස්කෝලෙ නම කනවා