හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනිම අභියාචනාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.
නිතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබු මෙම පෙත්සමේ සඳහන් කර තිබුණේ මොහොන් පිරීස් මහතා නිතිවරයා ලෙස කටයුතු කරන මෙන් ලබාදුන් නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදුවු බවය.
මේ ගැන තමන් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නිසා එම පැමිණිල්ලේ විමර්ශන අවසන් වන තුරු මොහාන් පිරිස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් එම පෙත්සම අද අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට විරෝධතා ගොනු කරමින් කියා සිටියේ අල්ලස් කොමිසම හමුවේ ගොනු එම පැමිණිල්ල විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි. ඒ බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එම තර්කය පිළීගත් අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාගය ප්‍රතික්ෂේප කිරිමට කිරිමට තිරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය යටතේ පළිගැනීම් නැත. නීතිය සාධාරණය කාටත් පොදුය (නි)
කොහෙද තියෙන්නේ යහ පාලනේ ? මේක ක්රෝධ වෛර පාලනයක් ,කොමිෂන් සංදර්ශන පාලනයක්නේ තියෙන්නේ (නදී)
අධිකරණයේ ස්වාධීනත්වයක් ඇතිවී තිබීම අගය කල යුතුය. වැරදි කරුවන්ට නිවැරදි ක්‍රමයට දඬුවම් දීමේදී කාලය ගතවේ. එමනිසා ජනතාව ඉවසීමෙන් සහ බුද්ධිමත්ව බලාසිටිය යුතුය. (ර)
කරන්න හොඳයි හොයන එක වැරදියි. දේසපාලකයින්ට මේ වගේ වැඩවලට උල්පන්දම් දෙන්නේ අපේම කට්ටියනේද (දිල්)