IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විසිවෙයි

හිටපු  අගවිනිසුරු   මොහාන්   පිරිස්   මහතාගේ   විදෙස්   ගමන්   තහනම්  කිරිමේ  නියෝගයක්  නිකුත්    කරන   ලෙස  ඉල්ලා    ගොනු    කළ   පෙත්සම   විභාගයට   ගැනිම අභියාචනාධිකරණය  අද (11)  ප්‍රතික්ෂේප   කළේය.

නිතිඥවරයෙකු  වන   නාගානන්ද  කොඩිතුවක්කු    මහතා    විසින්   ගොනු කර   තිබු    මෙම  පෙත්සමේ  සඳහන්    කර   තිබුණේ    මොහොන් පිරීස්  මහතා    නිතිවරයා    ලෙස   කටයුතු    කරන  මෙන්   ලබාදුන්    නියෝගයකින්  රජයට    රුපියල්    මිලියන   619  ක   පාඩුවක්    සිදුවු බවය.

මේ  ගැන  තමන් අල්ලස්    කොමිසම   හමුවේ    පැමිණිල්ලක්   ඉදිරිපත්    කර  ඇති   නිසා    එම  පැමිණිල්ලේ   විමර්ශන අවසන් වන තුරු    මොහාන් පිරිස් මහතාගේ   විදෙස්  ගමන්  තහනම්  කරන  මෙන්   පෙත්සම්කරු   අභියාචනාධිකරණයෙන්   ඉල්ලා  සිටියේය.

කෙසේ වෙතත් එම පෙත්සම අද අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට විරෝධතා ගොනු කරමින් කියා සිටියේ අල්ලස් කොමිසම හමුවේ ගොනු එම පැමිණිල්ල විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි. ඒ බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එම තර්කය  පිළීගත්   අභියාචනාධිකරණය  මෙම  පෙත්සම   විභාගය  ප්‍රතික්ෂේප  කිරිමට කිරිමට  තිරණය  කළේය.     



අදහස් (0)

මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විසිවෙයි

යහම්පත් Wednesday, 11 March 2015 07:38 PM

යහපාලනය යටතේ පළිගැනීම් නැත. නීතිය සාධාරණය කාටත් පොදුය (නි)

:       0       0

දයා Thursday, 12 March 2015 02:44 AM

කොහෙද තියෙන්නේ යහ පාලනේ ? මේක ක්රෝධ වෛර පාලනයක් ,කොමිෂන් සංදර්ශන පාලනයක්නේ තියෙන්නේ (නදී)

:       0       0

පද්මේන් Thursday, 12 March 2015 04:35 AM

අධිකරණයේ ස්වාධීනත්වයක් ඇතිවී තිබීම අගය කල යුතුය. වැරදි කරුවන්ට නිවැරදි ක්‍රමයට දඬුවම් දීමේදී කාලය ගතවේ. එමනිසා ජනතාව ඉවසීමෙන් සහ බුද්ධිමත්ව බලාසිටිය යුතුය. (ර)

:       0       0

බටගල Thursday, 12 March 2015 05:50 AM

කරන්න හොඳයි හොයන එක වැරදියි. දේසපාලකයින්ට මේ වගේ වැඩවලට උල්පන්දම් දෙන්නේ අපේම කට්ටියනේද (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site