අග විනිසුරු ලෙස වැඩ කළ ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන් වන තුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්නැයි රේගු නියෝජ්‍ය අධිකාරී සී ආර් රත්නසිරි හා නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු මහත්වරු අද අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.
ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීම සඳහා මැන්ඩාමුස් ආඥාවක් පනවන ලෙස ද ඔවුහු ඉල්ලති.
රුපියල් හැට කෝටියක් සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද, එම දෙදෙනා කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අන්තිමට මාද්‍ය සංදර්ශන විතරක් වෙයිද ? වෙනස අර්ථවත් කලා මදි නේද ? (නදී)
ඒ වැඩේ හොදයි.(හේ)
ඇයි අල්ලස් කොමිසම තවම නිදිද?(හේ)
පෙනෙන හැටියට මොලෙන් විතරක් නොවේ ගහලා තියෙන්නේ - මුදලිනුත් දීලා වගේ. (හේ)
මෙතුමා තවමත් අගවිනිසුරු බව ප්‍රකාශ කරනවා. මෙය ඉතාමත් අශෝබන ක්‍රියාවක් මෙන්ම නරක පුර්වාදර්ශයක්. තමන්ට විරුද්ධව අපරාධ චෝදනා නැගෙන විට තමන් දරන තනතුරේ මෙන්ම තමන්ගේ ගෞරවයද රැක ගනිමින් තනතුරින් ඉල්ලා අස්විය යුතුව තිබු අතර එසේ නොකර දිගින් දිගටම දුරයේ රැදීමට උත්සහා දැරීම මගින් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට බාධාවක් බැවින් මෙතුමන්ව තනතුරින් පහ කිරීමට වර්තමාන රජයට සිදුවූ අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එමගින් හැකිවනු ඇත. (නදී)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)