ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට සූදානම්ව සිටින ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා ඇතුළු එම පාර්ශවය සිය නාමයෝජනා අද (02) ඉවත් කර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එල්ලවී ඇතැයි කියන දේශපාලන බලපෑම් මත එම පාර්ශවය එසේ නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් වන බවත් වැඩි දුරටත් වාර්තා වේ. නාමයෝජනා ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මොහාන් ද සිල්වා පාර්ශවයේ මාධ්‍ය හමුවක් අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (3) ටොරින්ටන් පෙදෙස ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය. මොහාන් ද සිල්වා පාර්ශවය නියෝජනය කරමින් ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට තරග වැදීමට සූදානමින් සිටිය ද, පසුව පෞද්ගලික හේතු දක්වමින් ඒ මහතා නාමයෝජනා ඉදිරිපත් නොකළේය. මෙම නිලවරණයේදී මොහාන් ද සිල්වා පාර්ශවයෙන් උප සභාපති ධූර දෙකට, ලේකම්, උප ලේකම්, උප භාණ්ඩාගාරික ධූරයට, විනිසුරු කමිටුවට (5), තරගාවලි කමිටුවට (5), සංචාර සංවිධාන කමිටුවට (7) සහ අනුග‍්‍රාහක කමිටුවට (8) වන පරිදි නිලධාරිහූ 21 ක් නාමයෝජනා ඉදිරිපත්කර සිටිති. මොහාන් ද සිල්වා සහ ජයන්ත පරණාතල (උප සභාපති), මයිකල් ද සොයිසා (ලේකම්), අර්වින් ජයවර්ධන (උප ලේකම්), ගිහාන් වීරසිංහ (උප භාණ්ඩාගාරික) යන මහත්වරු ප‍්‍රධාන තනතුරු සඳහා එම පාර්ශවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර සිටිති. එම පාර්ශවයෙන් හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ද, විනිසුරු කමිටුවට නාමයෝජනා බාර දුන්නේය. සභාපති ධූරය සඳහා උපාලි ධර්මදාස සහ සුමිත් පෙරේරා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර නුස්කි මොහොමඞ් මහතා භාණ්ඩාගාරික ධූරයට මේ වන විටත් නිතරගයෙන් පත්ව සිටියි. මෙම නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිත තිබූ ක‍්‍රීඩා සමාජ නියෝජතයන්ගේ ලැයිස්තුව මේ වන විට වෙනස් වී ඇති බව ද වාර්තා වේ. බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට දේශපාලනඥයන් පැමිණීමේ සූදානමක් පවතින බවත් සබරගමුව පළාතට සම්බන්ධ සංගමයක ඇතුළු බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව සිටි නියෝජිතයන් වෙනස් කර ඇති බවට ද මේ වන විට චෝදනා එල්ල වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ විමසුමකදී මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරියකු පැවසුවේ තමන් ඡුන්දයට ඉදිපත් වූයේ නම් අනිවාර්යෙන්ම ජය ගන්නා බවයි. ‘‘අපේ ඇතැම් නිලධාරීන්ට ඡුන්ද 118 ක් පමණ ලැබෙන බවට ස්ථිර වී තිබෙනවා. එම තත්ත්වය යටතේ ප‍්‍රතිවාදීන්ට ජය ලැබිය නොහැකි නිසා අපට දැන් වෙනත් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා, ඒ නිසා අපි නිලවරණයෙන් ඉවත් වෙනවා’’ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. පළාත් හා නියෝජිත සංගම් පහක් බැගින් ද, දිස්ති‍්‍රක් සංගම් 22 කට පාලක කී‍්‍රඩා සමාජ 28 කට සහ අනුබද්ධිත කී‍්‍රඩා සමාජ 23 ක් සඳහා මෙවර කි‍්‍රකට් නිලවරණයේදී ඡන්ද බලය හිමිව තිබේ. මුළු ඡුන්ද එකතුව 147ක් වන අතර අනුබද්ධිත කී‍්‍රඩා සමාජ සඳහා නිලවරණයේදී හිමිවන්නේ එක ඡන්දයක් පමණි. සෙසු සියලූම සංගම් හා කී‍්‍රඩා සමාජ සඳහා ඡන්ද දෙක බැගින් පාවිච්චි කිරීමේ අවස්ථාව තිබේ. වසර 2004 මාර්තු 24 වැනිදා අවසන් වරට කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පවත්වා තිබේ. ඒ අනුව වසර හතකට පසු පැවැත්වෙන බැවින් මෙවර කි‍්‍රකට් නිලවරණය රටේ වඩාත්ම අවධානයට යොමුව තිබේ. ඇතැම් නිලධාරීන් නාමයෝජනා ඉවත් කර ගැනීම තුළ මෙවර නිලවරණයේදී තුනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමේ වැඩි අවස්ථාවක් මේ වන විට උදාවෙමින් පවතී.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරීන් නාමයෝජනා ඉවත්කර ගැනීමේ සූදානමක