සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා පෑමේ සිද්ධියක් විය හැකියි කියන වීරගුල පොලීසිය රාත්‍රී මුර සේවා තර කැර තිබේ. මෙය මිනිසුන් අස්ථානයේ බිය ගැන්වීම සඳහා කරන ක්‍රියාවක් විය හැකි බැවින් ඒ ගැන සොයා බලන්නැයි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතා පසුගියදා වාරණ පන්සලේදී පැවැති සාකච්ඡාවකදී වීරගුල පොලීසියට උපදෙස් දී ඇත. පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙතියි කියන මේ ගැහැණියට බිය වූ අය සිටිතියි කටකතා ලැව් ගින්නක් මෙන් පැතිර යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය අහනකොටම බය හිතෙනවා.
හොරු මංකොල්ලා කන්න පොටක් හදා ගන්නවා ඇති.
ග්‍රීස් යකාගේ බිරිදද දන්නේ නෑ..
මේ 21 වැනි සියවස
ජීනා මැඩම්ගේ ජාතියේ කෙනෙක්ද දන්නේ නෑ.
සිද්දිය සම්පුර්ණ ඈත්ත. මම අවුරුදු නිවාඩුවට රෑවෙලා ගෙදර යද්දි මේසිද්දියට මුහුණ දුන්නා. මම හිතන්නේ මේක කවුරු හරි කරන දෙයක් නෙවේ. යම් සත්‍යයක් තියෙන්නත් පුලුවන්. මගේ වාහනයට අතදෑම්මෙ නෑ. ඒත් මමයි මගෙ ආදරවන්තියයි මෙහෙම කෙනෙක් දෑක්කා. රෑ 11ට විතර. අදයි මම හොල්මන් කතාවක් කියලා දන්නේ.
මෙවැනි බියජනක සිදුවිමිවලට මුහුණදුන් අය අනෙකුත් රටවලත් ඉන්නවා. නමුත් මෙමසිදුවිම ඇත්ත වෙන්නත් පුලුවන් බොරැවෙන්නත් පුලුවන්.
මෝහිනී නම් වෙන්න බැහැ. ඒ උනාට කුඩු අදින රෝහිනී වෙන්න පුළුවන්. නැත්නම් ඇග විකුණන රාගිනි වෙන්න පුළුවන්. හරියට දැල එලුවොත් අල්ලා ගන්න පුළුවන්.
රගපෑමක් වුණත් අතුරුදන් වෙන්නේ කොහොමද? එක්කෝ බය වුණා කියන අයම කියන්නේ බොරු වෙන්න ඇති. නැත්නම් ඇත්තටම මොහිනී ඉන්නව ඇති.
කොච්චර බය නැති වුණත් තනියම ගමනක් යනකොට මේ වගේ දෙයක් වුණොත් බය වෙනවා.
එයාටත් සන්තෝසම් මොනව හරි ඕන වෙලා ඇති.
ළමය අල්ලගන්න කියන්නේ නැද්ද?
හොල්මන් යනු මිනිසුන් හිතින් මවා ගන්නා දෙයකි.
මොහිනී අල්ලන්න පොලීසියේ කට්ටඩි නැහැනේ.
මේක සම්පූර්ණ ඇත්ත කතාවක්. මම ඩුබායි එන්න අවුරුදු දෙකකට පෙර ඔය වගේ සිද්ධියක් අපේ පුතෙකුට සිද්ධ වුනා. හැබැයි ඒ උස්වැටකෙයියාවෙදි. එයා මොටර් බයික් එක දාලා දුවලා තියෙනවා. ඉන් පසු ලග ගෙදරකට ගිහිල්ලා සිද්ධිය කිව්වාම ඒ ගෙදරින් ළමයෙක් මෙයාගෙ තනියට ඇවිල්ල තියනවා. මෝටර් බයික් එකට කිසි දෙයක් වෙලා තිබුනේ නැහැ. මේ වගේ සිද්ධි වීමට ප්‍රධාන හේතුව තමයි කාන්තාවන් දූෂණය කර මරා දමන දැමීම.
මට හිතෙන්නේ මේ කාන්තාවක් විදිහට හැදගත් පිරිමියෙකු අනිත් අයව බය කරන්න කරන දෙයක් වෙන්න පුළුවන්.
ඒතක් උපක්‍රමශීලී වැඩක් වෙන්න පුළුවන්
අනුරාධ මොහිනී බබෙක් වඩාගෙනද හිටියේ? බබා වඩාගන්න කියල දුන්නේ නැද්ද?
සමහර මහත්වරු නම් මෝහිනී අල්ලන්න කෙලින්ම යයි
මිනිසුන් හැමදේම විද්‍යාවට දානවා. විද්‍යාවට අහු නොඋනු කොතරම් දේ තියෙනවද මේ ලෝකෙ.
අපේ දේශපාලනඥයකුගෙ කවුරු හරිද දන්නේ නෑ. කප්පම් ගන්න එනව ඇති.
අමනුශ්‍ය අවතාර නැහැ කියන්න බැහැ. වෙනත් රටවල පවා තිබුණු අවස්ථා තියෙනවා. සමහර විට ඇත්ත වෙන්න ඇති.
සුදු ඇදගත් මෝහිනී අල්ලන්න සුදු වෑන් එකක් යවමු.
නෑ හොල්මන් කියන්නේ ඇත්ත දෙයක්, එක පාරක් මමයි මගේ යාලුවෝ කට්ටියක් ම එක පාර ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න. හිතින් මවා ගත්ත දෙයක් එක පාර හැමෝටම පේන්න විදියක් නෑනේ.
සත්‍ය මතුවෙන්න කල් යනවා.
පොලීසියෙ සී සී ටී වී ජංගම රථය යැව්වනම් හරි.
මේක ‘හිනා ඉනා‘ වැඩසටහනේ වැඩක්ද දන්නේ නෑ.
මමත් මේ මොහිනී දැක්කා. කතාව ඇත්ත. මගේ වෑන් එකට නැගල ටික දුරක් යද්දි මෙයා අතුරුදන් වුණා. පොලීසියට පුළුවන්ද හොල්මන් අල්ලන්න?
අනේ පව්
මේ අවට නීති විරෝධී වැඩකට ලෑස්ති වෙනව වගෙයි පේන්නේ.....
බය හිතෙනවා
කොහේද ඉන්නේ
මමත් දැක්කා.මගේ පස්සෙනුත් ආවා.මටත් බය හිතුණා