(මනෝප්‍රිය ගුණසේකර) 

පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධිකරණ සේවා කොමිසමට බලකිරීම ඇතුළු යෝජනා පහක් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) විසින් සම්මත කරගනු ලැබ ඇත.

රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කිරීමෙන් යළි පිරිමසාලිය නොහැකි හානියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන අධිකරණ සේවා සංගමය ඒ මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කරනතුරු ඔහු එම තනතුරේ කටයුතු කිරීමෙන්ද ඉවත් කරන ලෙසද  සම්මත කරගන්නා ලද යොජන පහ අතර වේ.

පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිසා අධිකරණයේ පැවැත්වු විශේෂ මහා සභා රැස්වීමට අධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරණ දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාවරුන් 125 දෙනෙක් සහභාගීවූහ.