(විනීතා එම් ගමගේ)
ගිනි ගැනීමෙන් පසු මුහුදු බත්ව ඇති එකස්ප්‍රස් පර්ල් නෞකාව කපා ගොඩ ගැනීමට චීන සමාගමකටත්, එහි තිබී අවට විසිර ඇති හා නෞකාව තුළ ඇති බහළුම් ගොඩ ගැනීමට ඇමරිකානු සමාගමකටත් භාර දුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා) සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පැවැසුවාය.
ඒ අනුව බහළුම් ඉවත්කිරීම භාර ගෙන ඇති රිසෝල්ව් මැරයින් නමැති ඇමරිකානු සමාගම මේ වනවිටත් එම කටයුත්ත අරඹා ඇතැයි ද නැව කපා ඉවත් කර ගැනීම භාර ගත් චීනයේ ෂැංහයි සමාගම අද හෙට වැඩ ආරම්භ කරනු ඇතැයි ද ඇය කීවාය.
මීපා සභාපතිනිය මේ අදහස් පල කළේ සිමාසහිත පාරිසරික යුක්ති කේන්ද්‍රය සංවිධානය කර තිබු මාර්ගත සම්මන්ත්‍රණයක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඇය, වෙරළේ තිබු ප්ලාස්ටික් කැටිති හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මේ වනවිට මිනිස් දින 45000 ක් වැය කර ඇතැයි කීවාය.
මේ වනවිට ටොන් 1600 කට වැඩි ප්‍රඹාණයක් අපද්‍රව්‍ය ඉවත් කරගෙන ඇතැයි ද ඒවා අන්තරායකර රසායනික අපද්‍රව්‍ය ලෙස ප්‍රකාශයට පත් කර ආරක්ෂිත ගබඩාවන්හි ගබඩා කර ඇතැයි ද පැවැසුවාය.
කෙසේ වෙතත් තවමත් එම අපද්‍රව්‍ය ඉවත් කිරීම් සිදුකෙරන බවත්, දූෂණ මට්ටම බලා අවශ්‍ය ප්‍රදේශවලට වැඩි අවධානය ලබා දී ඇතිබවත් ඇය කියා සිටියාය.
කැස්බෑවුන් 370 ක්, ඩොල්ෆින් 36 දෙනෙක් සහ තල්මසුන් හත්දෙනෙක් මේ අනතුරෙන් මිය ගිය බවට වාර්තා වෙතත් ඊට වඩා මුහුදු සත්වයින්ට හා පැලෑටිවලට හානියක් සිදුවන්නට ඇති බව මීපා අදහස යැයි ද එම නෞකාවෙන් සිදුවූ හානිය විශාල එකක් බව ද ඇය කීවාය.
මෙහි දී වන්දි ලබා ගැනීම එකම අරමුණ ලෙසින් තම අධිකාරිය නොසිතන බවත්, පරිසර හානිය ඇතුළු සියලු හානි ඉදිරියේ දී විද්‍යාත්මකව තක්සේරු කරන බවත් කී ලහඳුපුර මහත්මිය මේ වනවිට ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව ද පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉන්දියාවට මුකුත් නැද්ද?
පැහැදිලි නෑ. එතකොට වියදම. මේ හිඟන රටට. අපූරුයි නෝනෝ. කන්දක් තටමලා දාපු බිත්තරේ කුනුවෙලා වගේ....