(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් අනිද්දා (10 වැනිදා) දක්වා ක්‍රියාත්මක වීම නිසා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීම නිසා දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd