ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළාරක්ෂ බළකායට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික භටයන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත්ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔයවිදියට ආපු කට්ටිය තමා උතුර අපේ අපේ කියල කැගහන්නේ. අද මෙහෙමනම්. කිසිම පාලනයක් හෝ සන්නිවේදන ක්‍රමයක් නැති එදා කොපමනිකින් ලංකාවට හොරෙන් එන්න ඇත්ද?
සෙබළුනි,බොරුවට මහන්සි වෙන්න එපා. ඔයගොල්ලෝ අල්ලනවා. යමපල්ලෝ අපහු දෙනවා. මෙතෙක් කල් වුනේ ඕකනේ. ඒවුනත් ඉතින් ඔබලාට මෙහෙම කරන්න වෙනවනේ ,මොකද ඔබලාගේ ලොක්ක හරි චන්ඩියෙක්නේ. අපි ඒ බව හම්බන්තොටදී දැක්ක.