ලන්ඩනයේ වොට්ෆඊඩ් පුරවරයේ ගාස්ටන්හි ප්‍රජා ශාලාවක ඉඩමේ පසෙක මනරම් තොරණක බුදුරැස් මාලාව නරඹන්නන්ගේ සිත් පැහැර ගැනීමට සමත් විය.
තොරණින් කියැවුණේ උපතේ සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් පෙළයි. තවත් පසෙක මැවුණේ මිහින්‍තලාවයි. මිස්සක පව්ව මත මිහිදු හිමියන් ඇතුළු පිරිස කුළුණු නෙතින් වැඩ සිටි අතර දේවානම්පියතිස්ස රජුද දුනු හී පසෙක ලා දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් සිටියේය.
මරණයෙන් ගැලැවුණු අහිංසක මුව පොව්වාද තණ කමින් ඒ අසලම නැවැතී සිටියේය. ශාලාව ඉදිරිපිටම මනරම් කූඩුවකි. ඉතා සියුම්ව එහි සැරසිලි කැටයම් නිම කැර තිබිණි. පරිවාර කූඩු එහි ලස්සන වැඩි කළේය. ඒ අතර තවත් නා නා විදියේ පහන් කූඩුද මද සුළඟේ ලෙළ දුන්නේය. කොඩි වැල්ද හමා ගිය සුළං රැල්ලේ එතී සිලි සිලි හඬ නඟමින් ශාන්ත දාන්ත පරිසරයක් ඇති කළේය.
ශාලාවට ඇතුළුවන දොරටුව අබියස අලුත වියූ පොල්අතු වලින් සෑදූ ආකාරයට නිමවූ මඩුවක් දක්නට ලැබුණා. එහි මුදුනින් ප්‍රදර්ශනය වූයේ "මහා බත් සහ තේ පැන් දන්සල" යන නාමයයි. කලා ශිල්පී ජයරත්න බණ්ඩාරයන් ගේ සුරතින් නිමැවුණු පුරාණ රජ මහා විහාරයක තාප්පය, ඝණ්ඨා කුළුණ හා බුද්ධ ප්‍රතිමාව එහි විය. ශාලාවේ සිවිලිමත් ඉතා මනරම් කොඩිවැල් වලින් සරසා තිබූ අතර සිරිලක පුරාණ පංසලකට සැවොම රැගෙන ගිය අයුරුයි සෑම ඉසව්වකම දිස් වූයේ. වේදිකාවේ පසුබිමෙහි විශාල අකුරින් "මිහිඳු සඳ" පොසොන් කලාපය යැයි ලියා තිබිණි.
කිංස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන නේපාලයේ සුමන හා විල්බාගෙදර ඤාණසාර යන හිමිවරු පිරිස පංච ශිලයේ පිහිට වීමන් අනතුරුව ධර්ම දේශනා පැවැත්වුහ.
රම්‍යා රූපසිංහ, ජානකී රොද්‍රිගු, අනූ විමලරත්න, අනූ සේනාධීර, පවිත්‍රා දිල්‍රුක්‍ෂි, කාන්ති සුදුසිංහ, අංජලී රණවක, ටීලා රංජනී, විමුක්ති මහින්දරත්න, අනිල් මුදලිගේ, රූපස් පෙරේරා, රංජිත් ධර්මදාස, ගාමිණී සුදුසිංහ බොදු බැති ගී ගායනයෙන් දායක වු අතර ශබ්ද පරිපාලනයෙන් දයන්‍ත සේනානායක මහතා සහාය වීය.
ඒ පී අත්තනායක හා රසිකා අත්තනායක යන නිහතමානී කළා යුවළ විසින් පුහුණු කරන ලද සිසු සිසුවියන් පිරිසක් විසින් දළදා වහන්සේ වඩම්මවාගෙන ආ පෙරහර ඉතාමත්ම මනරම්ව පැවැත්විණි
නිශාන්ත සහ ඕලු සුරවීර, ධම්මික සේනාධීර, ඩිලූ රණසිංහ, අරුණ පෙරේරා, ලක්සිරි ප්‍රනානාන්දු, කමල් පූරගේ විමල් මද්දුමආරච්චි,රේණුකා විමලරත්න,ප්‍රශාන් දීප්ති කුමාර,ඉෂාන් සුරියගේ,ජගත් රණසිංහ,ආසිරි බණ්ඩාර,අනු තෙන්නකෝන් ඇතුළු පිරිසගේ දැඩි කැපවීම මෙහි සාර්ථකත්වයට විශාල පිටිවහලක් විය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති විශිෂ්ටයි (දී)
බෞද්ධයින් හැටියට අපි කොහේ ජීවත්වුනත් මේ වගේ බෞද්ධ උත්සවයක් පවත්වන්න පන්සලේම ඕනකමක් නැහ. මම හිතන්නෙ හොඳම දේ අපි ඉන්න පරිසරය තුලම මෙවනි දේ කිරීමයි. මීට සම්භන්ධ වූ හැම දෙනාටම ස්තුති පුදකල යුතුයි. (දී)
අසිරි ඔබහරි (දී)
ඉතාම හොඳයි (දී)
ලන්ඩනයේ පන්සල් තියෙද්දී ඉන් පිටත කිරීම අනුමත කරන්නේ නැහැ. පන්සලක් ආශ්‍රයෙන් කරන්න තිබුනේ. (දී)
ඇයි මේ ළමයින් සම්බන්ධ කර ගන්නේ නැත්තේ? භක්ති ගීත වගේ ඒවා ළමයින්ට දෙන්න තිබුනේ. මේ රටවල ඉන්න ළමයින්ටයි ලංකාවේ සංකෘතියේ වටිනාකම කියල දෙන්න ඕනේ. (දී)