මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙනයාම වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ධීවරයින් ජලය ගෙනයාම සඳහා ස්ථිර භාජනයක් යොදාගත යුතු බවත්, ධීවර වරායන්ගෙන් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් කියති.
මසුන් ඇල්ලීම සඳහා ධීවර යාත‍්‍රා 50,000ක් පමණ දිනපතා මුහුදට යන අතර ඒවායින් ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ මුහුදට බැහැර කරන බවත්, මෙලෙස බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු පතුලේ ඇති කොරල්පර, ජලජ පැලෑටි සහ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට හානි සිදුවන බවත් ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් ක‍්‍රිස්ටි ලාල් ප‍්‍රනාන්දු මහතා අද (24) එම අමාත්‍යාංශයේදී පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇමතිවරයාට දැනුම් දී ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදෙන් ලබාගත් කරදියෙන් පානීය ජලය සකස් කරගැනීමට හිරු එළියෙන් වැඩ කරන උපකරණ මුහුදු යන නැව් ධීවර යාත්‍රා යනාදියට යොදවා ගන්නවා වෙන රටවල්වල. ඇයි ලංකාවේ බෝට්ටු වල මේවා නැත්තේ? (නි)
අපිත් ඒ තීරණයට සම්පූර්ණයෙන් එකඟයි (නි)
ඇමතිවරයෙකුට බුද්ධිමත් ලේකම්වරයෙකු සිටී නම් ඇමතිවරයාගේ අඩුපාඩුද අවම කරගෙන රටට විශාල සේවයක් කළ හැකියි. මේ එඩිතර තීරණයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
හොඳ දෙයක්! (නි)
කරන හොද සහ නරක හැම වැඩකටම , එහෙයි කියන ලේකම්ලා වැඩිය ඉන්නේ . (ම)
හොඳ සත් ක්‍රියාවක්. (බ)
ඉතාමත් හොඳ ක්‍රියාවක්.. ප්‍රයෝගිකව කරන්න පුළුවන් නම්..(හේ)
මෙවැනි ප්‍රතිපත්ති සංචරකයන්ටත් ක්‍රියාත්මක කරන්න. අපේ ගංගාවල්, වැව්, වනාන්තර රැක ගන්න ඕනෑ (ම)