IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුහුදු මහා විහාරය යළි අනතුරේ

පොතුවිල් අතීතයේ විහාරමාහාදේවිය ගොඩබට ස්ථානය ලෙසට සැළකෙන මුහුදු මහා විහාරයේ ඉඩම් ඉපැරණි නටබුන් විනාශ කිරීම සිදුවන බව එහි වැඩසිටින මහා සංඝරත්නය පවසයි.

මෙම අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ ආශිර්වාදයෙන් සිදුවන බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමි කියයි.

මෙහි ඇති වැලි ඉවත් කිරිමෙන් දාගැබට ඉදිරියේදී හානි සිදුවන බවද දාගැබ ඉදිවීමත් සමඟ ඒ අවට පිහිටි වෙරළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන කුඩාරම් තනා පොල්පැල ද සිටුවා ඇත. මහාවිහාර භුමියේ ඇතැම් ගොඩනැගිලි විනාශ වෙමින් පවතින අතර කඩිනමින් විහාරය සතු ඉඩම් නිරවුල් කර නොදුනහොත් විශාල අනතුරක් සිදුවිය හැකි බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමියෝ පවසති .

DSC05250[1] DSC05254[1] DSC05261[1] DSC05264[1] DSC05268[1] DSC05272[1] DSC05275[1] DSC05280[1]

 



අදහස් (0)

මුහුදු මහා විහාරය යළි අනතුරේ

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්... Sunday, 05 July 2015 03:32 PM

බණ්ඩාර කැකිරාව,විහාරය නඩත්තු කිරීම ඔබවහන්සේගේ සහ ගම්වැසියන්ගේ වගකීම නම් එතකොට කවුද මේ ගම්වැසියෝ? (නි)

:       0       2

මංජුල Sunday, 05 July 2015 08:49 AM

තව පටන් ගත්තා විතරයි (ම)

:       0       1

මධු Monday, 06 July 2015 06:08 AM

විහාරමහා දේවිය මුහුදට බිලි දුන්න වෙලාවේ පාවෙලා ගිහින් ගොඩ බැහැල තියෙන්නේ මෙතනට. 2009 වෙද්දී පන්සලට අයිති වෙලා තිබුණු අක්කර 300න් 30ක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒ ඉඩම් ඔක්කොම බලෙන් අල්ලාගෙන. නටබුන් විනාශ කරලා. පැරණි ගල් කණු වලට තියල තාප්ප සහ ගෙවල් හදාගෙන තිබ්බා. හාමුදුරුවන්ට දානයක් දෙන්න දෙන්නේ නෑ. මේක තමා එහේ ඇත්ත. ඓතිහාසික දේවල් අපි අද රැක ගත්තේ නැතිනම් හෙට දවසේ දුක් වෙලා පලක් නෑ. (ර)

:       0       1

සජිත් Sunday, 05 July 2015 09:18 AM

බලධාරින්ගේ ඇස් පෙන්නේ නැද්ද? මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න.(හේ)

:       0       1

සුමිත් Sunday, 05 July 2015 09:35 AM

කෝ මේ සහජීවනකාරයෝ.. (ම)

:       0       0

මනෝජ් විජේරත්න Sunday, 05 July 2015 11:02 AM

මංජුලට නම් මේක බළලා අමුතුම ජොලියක් ගිහින් වගේ. මම 2006-2008 ආර්ගම්බේ ව්‍යාපෘතියේ සේවය කළ කෙනෙක්. මේක මහින්දගේවත් මෛත්‍රීගේවත් වරදක් නෙමෙයි. අපේ සිංහලයන්ගේ තියෙන බයගුලුකමේ විපාක. යුද්දෙට බයේ පොතුවිල් වල හිටපු සිංහලයෝ ටික තමන්ගේ ඉඩම් විකුණලා පලා ගියා. එදා මීට වඩා ප්‍රශ්න වලට හිටපු හාමුදුරුවෝ මුහුණ දුන්නා. පාලමේ වැඩ අතරතුර අපිත් ගොඩක් පන්සලට උදව පදව් කලා. මෙවැනි ඉපැරණි සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන රැක ගන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව නිසි වැඩ පිළිවෙලක ක්‍රියාත්මක කළ යුතුයි (නදී)

:       0       0

බැද්දගේ Sunday, 05 July 2015 09:46 PM

අපේ හාමුදුරුවරු ‍ටික දේශපාලනය අමතක කරලා වෙහෙර විහාර ටික බලාගත්තා නම් නේද හොඳ (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 05 July 2015 11:41 AM

නීච නින්දිත බල පෙරේත දේශපාලනය වෙනුවෙන් මේ විනාශ වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ අයිතියයි. මෙම බෞද්ධ වස්තූන් රැකීමට බැඳී සිටින බලදාරින් සහ සිංහලේ පාලු කරන දේශපාලකයන් මර නින්දේ. මහා නායක හිමිවරුද මර නින්දේ විය හැක. නැතිනම් මේ ස්වාමින් වහන්සේලා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියා හෝ සොයා බැලිය යුතුය. සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන කෙරුමන් එමට ඇත. එහෙත් වැඩ නැත. (නදී)

:       0       0

සුරේන් Sunday, 05 July 2015 01:03 PM

මේවා වැඩක් නැහැ, හැම දේම අනිත්‍යයි කියලා මේවා විනාශ වෙන්න දීල සහජීවනේ නාමයෙන් බොහොම කාරුණික විදිහට සද්ද නැතුව ඉමු (නදී)

:       0       0

උදය Sunday, 05 July 2015 01:32 PM

කෝ අර උඩ පැන පැන කෑගහන උන්නාන්සේලා? සියල්ලටම කලින් ආගම ගැන සිතන්න (නි)

:       0       0

රණතුංග Sunday, 05 July 2015 01:47 PM

බණ්ඩාර, ජීවත්වීමේ අයිතිය කියලා වනාන්තර එළිකර හෝ වෙරළ ආරක්‍ෂිත තීරය බලෙන් ආක්‍රමණය කර ජනාවාස ඉදිකිරීම හරිද? ඔබ වගේ අය සිටින රටකට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

සුපුන් Monday, 06 July 2015 03:39 AM

බණ්ඩාර මහත්තයෝ,ඔයා නිකන් බබා වෙන්න එපා.නැගෙනහිර පළාතේ තිබෙන සෑම බෞද්ධ විහාරයකටම වෙලා තියෙන්නේ ඕක තමා.ඔබතුමාගේ ඇස් පොට්ටවෙලාද? කැකිරාවේ ඉඳලා සුරංගනා කතා කියන්නේ නැතුව පොඩ්ඩක් නැගෙනහිර පැත්තට ගිහින් බලන්න වෙලා තියෙන්නේ මොනවද කියලා...... (නි)

:       0       0

සේනක Monday, 06 July 2015 03:47 AM

කැකිරාවේ බණ්ඩාර මහත්තයෝ....මොලේ පාවිච්චි කරලා වචන එලියට දානවනම් තමා හොදා.....මමත් කැකිරාවේ මිනිහෙක්....කවදාහරි කැකිරාවත් එක්තරා අන්තවාදී කණ්ඩායමකට යටවෙනවා....එදාට ඔබතුමාගේ පන්සලටත් ඕක තමා වෙන්නේ......ඔබතුමාට අපේ රටට වෙන්න යන විපත තේරෙන්නේ නෑ.... (ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 05 July 2015 07:05 AM

අපේ හාමුදුරුවනේ යහපාලනය කියන්නේ හැමෝටම ජීවත්වීමේ අයිතිය ලබාදීමයි,මෙතන සිදුවෙන්නෙත් ඒ දේම තමයි. විහාරය නඩත්තු කිරීම ඔබ වහන්සේගේ සහ ගම්වැසියන්ගේ වගකීමයි. (බ)

:       0       0

ජයන්ත Sunday, 05 July 2015 07:20 AM

මේ දේශපාලකයෝ කිසිම පියවරක් ගන්නේ නැහැ මේවා බේරගන්න. සේරම දේශපාලන තීරණ. මේ රට අපට නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි. අනේ අපිට යන කල දසාව. (ම)

:       0       0

සේන Sunday, 05 July 2015 07:30 AM

ඡන්ද කීපයක් නිසා වගකිව යුත්තෝ හොර නින්දේ, මෙහෙම ගියොත් අපිට කිසිම උරුමයක් ඉතිරිවෙන්නේ නැහැ.(ම)

:       0       0

නදීක Sunday, 05 July 2015 07:41 AM

මහා ලොකු බෞද්ධ රට , බෞද්ධයාට කුඩම්මාගේ සැලකිලි, අපේ භුමිය ආක්‍රමණය කරනවා.මහා නාහිමිවරු සහ දේශපාලුවෝ සැප නින්දේ. කවද්ද නැගිටින්නේ.සිංහලයනි අපේ ජාතිය,අගම,භුමිය ,ඉතිහාසය,ඇගට නොතේරී ලංකා භමියෙන් මැකී යන ලකුණු පහලවී ඇත.(ම)

:       0       0

නිහාල් Sunday, 05 July 2015 02:27 PM

නදීක මහතාගේ අදහස හරියට හරි. සමහර මහා නාහිමිවරු,දේශපාලුවෝ,සිංහල බෞද්ධ සංගම් සැප නින්දේ! (නි)

:       0       0

ජෝ Sunday, 05 July 2015 07:52 AM

කෝ අපේ සිංහල බෞද්ධයෝ නැඟි සිටිනු (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site