පොතුවිල් අතීතයේ විහාරමාහාදේවිය ගොඩබට ස්ථානය ලෙසට සැළකෙන මුහුදු මහා විහාරයේ ඉඩම් ඉපැරණි නටබුන් විනාශ කිරීම සිදුවන බව එහි වැඩසිටින මහා සංඝරත්නය පවසයි.
මෙම අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ ආශිර්වාදයෙන් සිදුවන බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමි කියයි.
මෙහි ඇති වැලි ඉවත් කිරිමෙන් දාගැබට ඉදිරියේදී හානි සිදුවන බවද දාගැබ ඉදිවීමත් සමඟ ඒ අවට පිහිටි වෙරළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන කුඩාරම් තනා පොල්පැල ද සිටුවා ඇත. මහාවිහාර භුමියේ ඇතැම් ගොඩනැගිලි විනාශ වෙමින් පවතින අතර කඩිනමින් විහාරය සතු ඉඩම් නිරවුල් කර නොදුනහොත් විශාල අනතුරක් සිදුවිය හැකි බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමියෝ පවසති .

![DSC05250[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052501.jpg)
![DSC05254[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052541.jpg)
![DSC05261[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052611.jpg)
![DSC05264[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052641.jpg)
![DSC05268[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052681.jpg)
![DSC05272[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052721.jpg)
![DSC05275[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052751.jpg)
![DSC05280[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC052801.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර කැකිරාව,විහාරය නඩත්තු කිරීම ඔබවහන්සේගේ සහ ගම්වැසියන්ගේ වගකීම නම් එතකොට කවුද මේ ගම්වැසියෝ? (නි)
තව පටන් ගත්තා විතරයි (ම)
විහාරමහා දේවිය මුහුදට බිලි දුන්න වෙලාවේ පාවෙලා ගිහින් ගොඩ බැහැල තියෙන්නේ මෙතනට. 2009 වෙද්දී පන්සලට අයිති වෙලා තිබුණු අක්කර 300න් 30ක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒ ඉඩම් ඔක්කොම බලෙන් අල්ලාගෙන. නටබුන් විනාශ කරලා. පැරණි ගල් කණු වලට තියල තාප්ප සහ ගෙවල් හදාගෙන තිබ්බා. හාමුදුරුවන්ට දානයක් දෙන්න දෙන්නේ නෑ. මේක තමා එහේ ඇත්ත. ඓතිහාසික දේවල් අපි අද රැක ගත්තේ නැතිනම් හෙට දවසේ දුක් වෙලා පලක් නෑ. (ර)
බලධාරින්ගේ ඇස් පෙන්නේ නැද්ද? මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න.(හේ)
කෝ මේ සහජීවනකාරයෝ.. (ම)
මංජුලට නම් මේක බළලා අමුතුම ජොලියක් ගිහින් වගේ. මම 2006-2008 ආර්ගම්බේ ව්‍යාපෘතියේ සේවය කළ කෙනෙක්. මේක මහින්දගේවත් මෛත්‍රීගේවත් වරදක් නෙමෙයි. අපේ සිංහලයන්ගේ තියෙන බයගුලුකමේ විපාක. යුද්දෙට බයේ පොතුවිල් වල හිටපු සිංහලයෝ ටික තමන්ගේ ඉඩම් විකුණලා පලා ගියා. එදා මීට වඩා ප්‍රශ්න වලට හිටපු හාමුදුරුවෝ මුහුණ දුන්නා. පාලමේ වැඩ අතරතුර අපිත් ගොඩක් පන්සලට උදව පදව් කලා. මෙවැනි ඉපැරණි සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන රැක ගන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව නිසි වැඩ පිළිවෙලක ක්‍රියාත්මක කළ යුතුයි (නදී)
අපේ හාමුදුරුවරු ටික දේශපාලනය අමතක කරලා වෙහෙර විහාර ටික බලාගත්තා නම් නේද හොඳ (නි)
නීච නින්දිත බල පෙරේත දේශපාලනය වෙනුවෙන් මේ විනාශ වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ අයිතියයි. මෙම බෞද්ධ වස්තූන් රැකීමට බැඳී සිටින බලදාරින් සහ සිංහලේ පාලු කරන දේශපාලකයන් මර නින්දේ. මහා නායක හිමිවරුද මර නින්දේ විය හැක. නැතිනම් මේ ස්වාමින් වහන්සේලා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියා හෝ සොයා බැලිය යුතුය. සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන කෙරුමන් එමට ඇත. එහෙත් වැඩ නැත. (නදී)
මේවා වැඩක් නැහැ, හැම දේම අනිත්‍යයි කියලා මේවා විනාශ වෙන්න දීල සහජීවනේ නාමයෙන් බොහොම කාරුණික විදිහට සද්ද නැතුව ඉමු (නදී)
කෝ අර උඩ පැන පැන කෑගහන උන්නාන්සේලා? සියල්ලටම කලින් ආගම ගැන සිතන්න (නි)
බණ්ඩාර, ජීවත්වීමේ අයිතිය කියලා වනාන්තර එළිකර හෝ වෙරළ ආරක්‍ෂිත තීරය බලෙන් ආක්‍රමණය කර ජනාවාස ඉදිකිරීම හරිද? ඔබ වගේ අය සිටින රටකට දෙවියන්ගේම පිහිටයි (නි)
බණ්ඩාර මහත්තයෝ,ඔයා නිකන් බබා වෙන්න එපා.නැගෙනහිර පළාතේ තිබෙන සෑම බෞද්ධ විහාරයකටම වෙලා තියෙන්නේ ඕක තමා.ඔබතුමාගේ ඇස් පොට්ටවෙලාද? කැකිරාවේ ඉඳලා සුරංගනා කතා කියන්නේ නැතුව පොඩ්ඩක් නැගෙනහිර පැත්තට ගිහින් බලන්න වෙලා තියෙන්නේ මොනවද කියලා...... (නි)
කැකිරාවේ බණ්ඩාර මහත්තයෝ....මොලේ පාවිච්චි කරලා වචන එලියට දානවනම් තමා හොදා.....මමත් කැකිරාවේ මිනිහෙක්....කවදාහරි කැකිරාවත් එක්තරා අන්තවාදී කණ්ඩායමකට යටවෙනවා....එදාට ඔබතුමාගේ පන්සලටත් ඕක තමා වෙන්නේ......ඔබතුමාට අපේ රටට වෙන්න යන විපත තේරෙන්නේ නෑ.... (ම)
අපේ හාමුදුරුවනේ යහපාලනය කියන්නේ හැමෝටම ජීවත්වීමේ අයිතිය ලබාදීමයි,මෙතන සිදුවෙන්නෙත් ඒ දේම තමයි. විහාරය නඩත්තු කිරීම ඔබ වහන්සේගේ සහ ගම්වැසියන්ගේ වගකීමයි. (බ)
මේ දේශපාලකයෝ කිසිම පියවරක් ගන්නේ නැහැ මේවා බේරගන්න. සේරම දේශපාලන තීරණ. මේ රට අපට නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි. අනේ අපිට යන කල දසාව. (ම)
ඡන්ද කීපයක් නිසා වගකිව යුත්තෝ හොර නින්දේ, මෙහෙම ගියොත් අපිට කිසිම උරුමයක් ඉතිරිවෙන්නේ නැහැ.(ම)
මහා ලොකු බෞද්ධ රට , බෞද්ධයාට කුඩම්මාගේ සැලකිලි, අපේ භුමිය ආක්‍රමණය කරනවා.මහා නාහිමිවරු සහ දේශපාලුවෝ සැප නින්දේ. කවද්ද නැගිටින්නේ.සිංහලයනි අපේ ජාතිය,අගම,භුමිය ,ඉතිහාසය,ඇගට නොතේරී ලංකා භමියෙන් මැකී යන ලකුණු පහලවී ඇත.(ම)
නදීක මහතාගේ අදහස හරියට හරි. සමහර මහා නාහිමිවරු,දේශපාලුවෝ,සිංහල බෞද්ධ සංගම් සැප නින්දේ! (නි)
කෝ අපේ සිංහල බෞද්ධයෝ නැඟි සිටිනු (ම)