(ශ්රීනාත් ප්රසන්න ජයසූරිය)
හලාවත මැදවත්ත මුහුදු වෙරළේ සාදයක් අතර තුර දිය නෑමට ගිය නව දෙනකුගෙන් දෙදෙනකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
මුහුදේ ගිලි සිටියදි ඒ අවට සිටි ධීවරයන් පරිසක් බේරාගත් අයකු හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
නානුඔය පදිංචි මරුදෙයි රාමාසාමි නැමති සිවු දරු පියකු සහ විශ්ව නාදන් නමැති සිවු දරු පියකු මෙසේ මියගොස් ඇත.
මෙම පිරිස දුම්මලසූරිය කාර්මාන්ත පුරයේ සිට මෙම ප්රදේශයට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම සතියකට වරක් මෙන් අසන්නට ලැබෙන තවත් හුරුපුරුදු ඛේදනීය ප්රවෘත්තියක් තමයි... දියේ ගිලි ජීවිත නැතිවීම.. සාද පවත්වා ඒ අතරතුර වෙරි මතින් මුහුදට යන්නේ, දක්ෂ පිහිනුම්කරුවන් සේ.. අනුකම්පා ලැබිය යුත්තේ, ඒ අසරණ වුණු අහිංසක දරුවන් 8 දෙනාත් සමග මව්වරු දෙදෙනාටත්ය..
අද කාලේ බොහෝ දෙනා තොලකට පොඩ්ඩක් මත්වතුරෙන් තෙමාගත්ත ගමන් ඔවුන් මහලොකු වීරයෝ බවට පත්වෙනවා. අපරාදෙ අර අහිංසක දරුවන් 8 දෙනා සහ බිරින්දෑවරු දෙදෙනා.. වැරැදි අය ආශ්රය කරන්න සහ ඔවුන් එක්ක ගමන් බිමන් ගියාම වෙන දේවල් තමයි ඔය.