වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කිමිදෙමින් ඡායාරූප ගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගල‍යන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී   අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 
 

මෙහිදී ඩිංගි යාත්‍රාවක්, කැමරාවක් (වතුර යට ඡායාරූප ලබා ගන්නා) , ඩිජිටල් කැමරාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 5 ක් සහ මුහුණු ආවරණ 6 ක් සොයා ගැණිනි.

 අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මිරිස්ස වනජීවී නිලධාරී වෙත භාර දෙන ලදී.