මුහුදු කෑමෙන් රත්මලාන වෙරළ අයිනේ පිහිටි නිවාස සියයකට පමණ හානි සිදුව ඇත. රාත්‍රී කාලයේ මුහුදු කෑම දරුණු බැවින් මේ නිවැසියෝ අසළ ඇති ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ බණ මඩුවේ රැය ගත කරති. විපතට පත්ව ඇති තමන්ට ආහාර සාදා ගැනීමටවත් කිසිදු පහසුකමක් නැතැයි ඔවුහු කියති. මැති ඇමැතිවරු වරින් වර පැමිණ හානිවූ නිවාස බලා ආපසු ගිය ද මෙතෙක් ස්ථිර විසඳුමක් නැතැයි ද ඔවුහු මැසිවිලි නගති.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ආපදාවට ලක්ව සිටින මේ අයට නිවාස ලබා දීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝට් සිටියට කලිනුත් මූදු කෑම තිබුණා. වෙරළ හරිත වට විසඳුමක් (බ)
මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ම තමයි මේ විනාශ වලට හේතුවත් (නි)
පේනවා නේද පොර්ට් සිටි රඟ (බ)
පොර්ට් සිටි එකේ බලපෑම තමා මේ, සිරසට කිව්වේ නැත්ද ? දැන් හොඳට කඩේ යනවනේ පොර්ට් සිටි එකට. එගොල්ලගේ ගඩොල් කනුව ගහන්න කියන්න ඕන මේ පැත්තේ. මේ මිනිස්සුන්ට කලිනුත් මේ ප්‍රශ්නේ තිබුනානම් මෙතන ගෙවල් තියෙන්න විදියක් නැහැනේ. දියකඩනයක් දමල බැලුව නම් හරි, මුහුද තව ඇතුලට එන්න කලින්. උමා ඔය නිසා අහල පහල ගම්වලට වතුර නැති වුනා, පොස්ට් සිටි එක නිසා රත්මලාන, ගල්කිස්ස , මොරටුව මුහුදට යන්න පුළුවන්. ඕක තම මිනිස්සුන්ට පෙන්නුව සංවර්ධනේ රජාගේ කාලේ (බ)