කොටි සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ පී ගේ මූල්‍ය සහකරු හා සමීපතමයකු වූ සුබ්‍රමනියම් ජයගනීෂ්ගේ බිරිය පහිරානි මුරුගේසු රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
සිය අට හැවිරිදි දියණිය සමඟ ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටට පැමිණ සිටිය දී පසුගිය මාර්තු දෙවැනි දා ඇය අත්අඩංගුයට ගනු ලැබීය.
බ්‍රහස්පතින්දා වන තුරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි ඇය පවසා ඇත්තේ තමා කොටි සංවිධානයෙන් පුහුණුව ලැබූ බවයි.
යුද්ධය අවසන්වන තුරු මුහුදු කොටි කතක සේ සේවය කළ බව ද ඇය කියා ඇත.
පොලිසිය අධිකරණයට දැන්වූයේ ඇය කොටි සංවිධානය අන්තර්ජාතික වශයෙන් යලි පණගැන්වීමට ක්‍රියා කරන බවයි.
ඇගේ ගුවන් බලපත්‍රය ද තහනම් කැරිණි.
මාර්තු 17 වැනි දා තෙක් පැමිණිල්ල කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාපොරොත්තු උන මෛත්‍රී පාලනය මේක නෙමෙයි. අතීතය අපිට පාඩම් ගොඩක් කියල දීල තියෙනවා. පරිස්සමෙන් ගනු දෙනු කරන්න අපි දැනගන්න ඕනා. (නදී)
මේ රට තුල තිස් වසරක් ජාතිවාදී යුද්ධයක් පැවති බවවත් සමහරුන්ට මතක නෑ. ඒ යුද්ධය අවසන් කළේ කවුරුන් උනත් යළිත් එවැන්නක් ඇතිවීමට ඇති සියළු අවකාශයන් අහුරා දැමීම පාලකයින්ගේ වගකීමක්. කවුරු හරි කියනවා නම් සිංහලයා ජාතිවාදී කියලා ඌ පිස්සෙක්. අනෙකුත් ජාති හා ආගම්වාදීන් සිංහලයාට එරෙහිවීමයි අපේ රටේ ඇති ගැටළුව. ඊට විසඳුම බෙල්ලේ වැල ලා ගැනීම නම් නොවෙයි. සිංහලයා හා බෞද්ධයා මේ රටේ මහ ජාතිය හා මහා ආගමිකයින් බව පිළිගෙන සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තියනවා. වෙනත් රටවල වගේ බෞද්ධයා කවදාවත් කෝප කිරීමකින් තොරව කිසිවෙකුට ආගම්වාදීව හෝ ජාතිවාදීව හිංසා කර නෑ. ජාති හෝ ආගම්වාදී අරගලවල පළමු ගල සිංහලයා හෝ බෞද්ධයා එල්ල කර නැති බව ඉතිහාසය විමසීමෙන් දැනගත හැකියි. (නදී)
යහ පාලනය දෝරේ ගලනවා. (නදී)
බලාගෙන හිටපල්ලා ඊළඟ නඩු වාරෙට එනකම්. මෙලහටත් ප්‍රන්සේට පැනල ඇති. (නදී)
යහපාලනය ගැන කියවන කට්ටිය ඡන්දෙවත් දුන්නද දන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා දැන්. (නදී)
නියම යහපාලනය! කොටින්ට ඇප. ගෝඨාභය රිමාන්ඩ් (උත්සාහය) !! (ම)
ඔන්න යහපාලනය.(හේ)
ගෝඨාභය වණත් ඉතින් වැරදිකරල තියනව නම් ඉතින් නීතිය ක්‍රියාත්‍මක වෙන්‍න ඕනනෙ. මෙයා කොහොමත් අල්‍ලගත්‍ත්‍රස්‍ථ විමර්‍ශන අංශයෙන් මේ ළගදිනේ. ගමන් බලපත්‍රය තහනම් කරල තියන්‍නෙ. මම හිතන්‍නෙ මේ ඇති, (අ)
නිපුන නියම කතාව. එ්ක තම මේ බයිලා ගහන කට්ටිය, කඩේ යන කට්ටිය කරන්න ඕනේ. නීති සහ දේශපාලනේ කියන්නේ දෙකක් මේක පටලවගෙන දගලන්නේ හිටපු ලොක්කට කඩේ යන්න අය.(නදී)
රටේ සිදුවන සමහර සිදුවීම් යහපාලනය හෝ මොනම පාලනයක් යටතේවත් අපි බලාපොරොත්තු නොවූ දේවල් (නදී)
ජනතාව නව රජයක් ගෙනැල්ලා බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි මේ සිද්ධ වෙන්නේ.(හේ)
කොටියට පණ දෙන එකද මේ යහපාලනය කියන්නේ (දිල්)
මොකද මේ වෙන්නේ.(හේ)
වීසා අවලංගු කලාට පස්සේ මෙහෙම ඉඳගෙන රට කයි.(හේ)
සමහර මෝඩ අය හැම එකටම දේශපාලනය ගාවගන්නේ මොකද ? (නදී)
ඇපදුන්නේ අධිකරණයෙන්. ඒකට දේශපාලන සම්බන්ධයක් නැහැ. කාටහරි මෙයාට ඇප ලැබුනු එක ගැන විරෝධයක් තිබෙනවා නම් නීතීඥයෙක් එක්ක ඇවිල්ලා උසාවියේ මෝසමක් දාන්න (නි)