අද පස්වරු දෙකේ සිට අඟහරුවාදා පස්වරු දෙක දක්වා  ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයේ  නිරිත දිග මෝසම් සුළං  පැයට කිලෝමීටර් අසුව දක්වා වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

ගැඹුරු හා නොගැඹුරු මුහුදු පෙදෙස් රළු විය හැකි හෙයින් සැලකිලිමත් වන ලෙසත් ධිවරයින්ට උපදෙස් දෙයි.