මහජන මුදලින් රටක ඉදිකෙරෙන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යොදා නොගතයුතු බවත් ජීවත්ව සිටියදී හෝ මළ පසු ඔවුන්ගේ නම් යෙදීම සදාචාරයට එකඟ නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් මතුකරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම් ශ්‍රී ලංකාවේ මාර්ගවලට පමණක් නොව පලස්තීනයේ පාරවලට පවා යොදාගෙන ඇතැයිද එසේ ජීවත්ව සිටින අයගේ නම් යොදා ගැනීම සුදුසුදැයි ප්‍රශ්න කළ ඔහු එය වළක්වන පනතක් සම්මත කළ හැකිදැයි විමසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප නායකයා එහෙම කිවුවට අනෙක් නායකයෝ ඒක අනුමත කරයිද? (නි)
අනේ අනුර මහත්තයෝ, ඔහෙලා මේ රටට කරපු දේවල් මතක් වෙද්දී ඔහේගේ නම ගහන්න හොඳම තැන කෙතෙනද කියා කව්රුත් දන්නවා. නිකන් ඉරිසියා කරන්න එපා වැඩක් කරපු මිනිස්සුන්ට. තමනුත් වැඩක් කරලා නම තියන්න බලන්න (නදී)
තමන්ගේ නම තිබෙන වැඩ කළාම හරිනේ ඉතින් (නි)
ඕවා නොවෙයි වැඩ. දුගී දුප්පතුන් වෙනුවෙන් හඬ නඟන්න මහත්මයා. සුමුදුගෙ අදහස හරි. (නි)
ඔය කෑගහන අයගේ නම් දාන්න මොකද්ද ඒ අය මේ රටට කරලා තියෙන්නේ? (නි)
මහින්ද රාජපක්ෂ නාමය සිංහල අපේ රටේ හැමතැනකම තිබිය යුතුදෙයක්. රට බේරාගත් එකම නායකයා. කරන්න බැරි බොහෝ දේවල් කළ නායකයා මහින්ද. (නි)
ඔය කෑගහන සමහර අයගේ නම් තිබෙනවා. ඒත් හොඳ වැඩ කරලා නම් නෙමෙයි. (නි)
මහින්දගේ නම ඉවත්කළා කියලා එතුමාව මිනිසුන්ගේ හිතෙන් ඉවත්කරන්න බැහැ. ලංකාවේ මෑත කාලයේ සිටි හොඳම නායකයා. රටට වැඩක් කළ කෙනෙක්. (නි)
අනේ මෙහෙමත් විහිළු කිවුවලු! (නි)
සේනානායක සමුද්‍රය, චන්ද්‍රිකා වැව, ශ්‍රී ජයවර්දනපුර, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, වික්‍රමසින්හපුර.. ඔක්කොම වෙනස් කරමු එහෙනම්.. (අ)
ව්‍යාපෘතිවලට දැමූ නම් ගැන කිය කියා ව්‍යාපෘති දෙස කුහකකමින් බලන්න එපා. එම ව්‍යාපෘති වලින් රටට වෙන යහපත ගැන ධනාත්මකව හිතන්න පුරුදුවෙන්න. නම දැම්මත් නැතත් මහින්ද මහතාගේ නම ඉතිහාසයෙන් මකන්න බැරි බව කරුණාවෙන් සළකන්න. (නි)
මොනවද මේ කතාකරන්නේ. රටේ ඉදිරි සංවර්ධනය ගැන කතාකරන්නේ නැහැනේ. අනෙක මහජනයාට කළ සේවය මතක්වෙන්න තමයි මේවා කරන්නේ. ඔබත් සංවර්ධන වැඩසටහන් කරලා නම් දාගත්තට කමක් නැහැ. අපිට ඕනෑ වැඩ. මහින්ද මහත්තයා කළ සෑම වැඩකටම තමන්ගේ නම දාලා නැහැ. ලක්විජය බලාගාරය උදාහරණයකි. (නි)
නම් දාන්නත් මොනවාහරි වැඩක් කරලා තිබෙන්න එපායැ! (නි)
71 සහ 89 සමහරක් කරපු දේවල් සහ 2002 සටන් විරාම ගිවිසුමේත් තියන නම් බෝර්ඩ් වල නැති උනත් මිනිසුන්ගේ හිතෙන් ඉවත්කරන්න බැරි විදිහට ලියවිලා තියනවා. (නදී)
එතුමා පලස්තීනය වෙනුවෙන් දැක්වූ යහපත් ප්‍රතිචාරය වෙනුවෙන් එම රාජ්‍යය විසින් හිටපු ජනාධිපතිතුමාගේ නමින් පාරක් නම් කිරීමත් ජවිපයට වරදක්ද.? 2020 දී තමන්ගේ රජයක් පිහිටුවන්නට සිහින දකින ජවිපයට සිහිපත් කල යුතු දෙයක් ඇත. කියුබාවේ ෆිදල් කස්ත්‍රෝ මහතා එවකට බලයේ සිට ඉවත් කරනු ලැබූ ජොසෙයි මාටින් මැතිතුමාගේ නම අකා මකා නො දැමු නිසා ජනතා ප්‍රසාදය දිනා ගෙන දිගු කාලයක් පාලනයේ යෙදුනු බව මතක් කර දිය යුතුයි. මහින්ද රාජපක්ෂ යන නම ජනතාවගේ සිතින් අමතක කරන්නට උවමනා නම් මෙවැනි සත දෙකේ බාල වැඩ නවතා ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන කටයුතු කළ යුතු බව කට මැත දොඩන කාටත් මතක් කර දෙමි. (නදී)
මහින්ද හිතෙන් ඉවත්කරන්න (නදී)
බොරැල්ලේ කනත්තට තවම නමක් නැහැ. (නදී)
කව්රු උනත් කමක් නැහැ වෙන රටක අපේ කෙනෙක්ගේ නමක් තියෙනවා නම් හොඳයි නේ (නදී)
තමන්ගේ පෞද්ගලික වියමින් තර ගත්තා නම් කමක් නෑ මේවා (දිල්)
හිටපු ජනාධිපති වරයාගේ නමක් පලස්තීන පාරකට යොදා ඇත්නම්, ලාංකිකයින් වශයෙන් අපි කවුරුත් සතුටු විය යුතුයි. (ර)
මිනිස්සුන්ට මහින්දගේ නම පාරේ දකින්න තියෙන එකද දැවෙන ප්‍රශ්න? කලින් හිතුවට වඩා විකාර අදහස් දරන අය ඔවු නොවුන්ගේ අදහස් ඉස්මතු කරන්න දගලනවා මිසක් රටේ ඉදිරිගමන ගැන ක්‍රමවත් විද්‍යාත්මක ක්‍රමවේදයක් තවම නැහැ. (නදී)
පලස්තීනය අපේ ජනාධිපති කෙනෙක්ගේ නමක් පාරකට දැම්ම නම් අපි ඒ ගැන ආඩම්බර වෙන්න එපැයි.(දිල්)
කිසිම වැඩක් කළේ නැත්නම් නමක් දාන්නත් බෑනේ. ඒකයි කෑ ගහන්නේ (බ)
තමන්ගේ පුද්ගලික වියදමින් කළානම් නම දැම්මට කමක්නෑ. මහජන මුදලින් කරන දේවල් වලට නම් දාගන්න ලැජ්ජා නැද්ද? (බ)
මෙය බොහොම හොඳ අදහසක්. මෙම නම් වෙනස් කළයුතුයි. සමහරු නිහඬව සමාජයට සේවය කළ අය. නිහඬවම මැකීයනවා. (නි)
පලස්තීනයේ මාර්ගයකට ජනපතිවරයාගේ නම යොදා තිබෙන්නේ පලස්තීනුවන් මිස හිටපු ජනපතිවරයා නොවේ. (නි)
වැදගත් වන්නේ නම නොව එම සංවර්ධන ව්‍යාපෘතිය හෝ අලුතින් ඉදිකළ ස්ථානයෙන් හෝ මාර්ගයෙන් සිදුවන සේවවායි. මේ අද කෑගහන සමහරුන් ගේ නම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ රටේ දියුණුවට කල දේවලින් නොව රටේ පොදු දේපල විනාශ කිරීම් වලටයි. (නදී)
කොහෙන් පටන් ගත්තත් කතාව කෙළවර වෙන්නේ මහින්ද භීතිකාවෙන්. (නි)
තමන්ගේ නම දමා ගැනීමට නම් පරක්‍රම සමුද්‍රය, සේනානායක සමුද්‍රය වැනි පවතින යමක් කළ යුතුයි.. රටට වැඩක් කළ නායකයින්ටත්, අනාගත පරපුරටත් ඉරිසියා කරනු හැර මොහු වෙන කුමක් කරන්නද?(දිල්)
අනේ අම්මපා! මොකද මෙහෙම දොඩවන්නේ? (නි)
ජනතා විමුක්ති පෙරමුණට නම දාන්න තැනක් තිබෙනවද? (නි)
පසුගිය ආණ්ඩු කාලයේ හදපු පාරවල් හැම එකකම ඒ ඒ අයගේ නම් දමා වියදමට වඩා මුදලක් ප්‍රදර්ශනය කර ජනතාව රවටන්න බෝඩ් තහඩු ගැසුවා. කළ වැඩ සියල්ලක්ම බාල වැඩ. වැස්සක් ආ ගමන් කොන්ක්‍රීට් සේදී ගල් මතුවෙනවා. කාර්පට් ගැළවී වළවල් මතුවෙනවා. (නි)
එහනම් හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ නම් එහෙමත් ඔය තියන තැන් වලින් ඉවත් කරන්න. කිසිදෙයක් කරලා නැති අයට මේක අදාළ නැහැ (නි)
තමාගේ මුදලින් ඉදිකළ දෙයක් මිස මහජන මුදලින් ඉදිකළ කිසිම දෙයකට මේ අයගේ නම් දැමීම තහනම් කළයුතුය. (නි)
සමහරුන්ට නම් තියෙන්නේ කොහොමවත් හොඳ කරන්න බැරි රෝගයක්. මේ ළගදි ඇමෙරිකාවේ පාරකටත් ලංකාවේ කෙනෙකුගේ නමක් දාලා තිබුනා. මැදපෙරදිග පාරවල් සියල්ල තියෙන්නේ රජ පරපුරේ කුමාරවරුන්ගේ නම් වලින්. (නි)
වැඩක් කරන්නෙත් නෑ. තව කියවන්නත් එනව. ඉස්සරවෙලා තමන්ගෙ ආණ්ඩුවෙන් වැඩ කරල පෙන්නල ඉන්න. අනිත් අය කරපුව හොද නෑ කිය කියා ඉන්නෙ නැතිව. (බ)
මහින්දගේ නම් නොගැසූවත් අද පාරවල්වල යනවිට මහින්ද මතක් වෙනවා. හැබැයි ඒවා නියමානුකූලව නඩත්තු නොකොළොත් අනාගතයේදී ඉවරටෙම ඉවරයි(නදී)
අනුර මහත්තයාගේ නමනම් දාන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා..එකක් පොදු වැසිකිලියට..අනෙක මෝචරියට..(බ)
මෙම ප්‍රකාශය ඇත්තටම අගය කළ යුතුය. එමෙන්ම ඔහු එය ක්‍රියාවෙන්මත් පෙන්වාදී තියෙනවා. ඔහු කළ වැඩ වලට බෝඩ් ගැහුවනම් මිනිස්සු මෙතරම් ඔහුට බනින්නේ නැත ඔහුව අගයනු ඇත. (බ)
කොච්චර එකක්ද? පලස්තීනයේත් පාරවල් වලට නම දාලා ඇත්තේ ගෞරවයක් හැටියටනේ. අපි අපේ නායකයෙක්ගේ නම පිටරටක පාරකට දැමීම ගැන පක්ෂ පාට නොබලා සතුටුවෙන්න ඕනෑනේ. (නි)
රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී මොනවද මේ කතාකරන්නේ? ඇමතිලාගේ විශ්‍රාම වැටුප නැතිකරන්න පනතක් ගෙනෙන්නකෝ. (නි)
රටට අමරණීය සේවයක් කළ දේශප්‍රේමීන්ගේ නම් යෙදීම උචිතය. ජේ.ආර්.ජයවර්ධනගෙන් පසු එවැන්නෙක් තවම පහළ වී නැතිබවයි මගේ නම් හැඟීම වෙන්නේ. (නි)
කතාව ඇත්ත . පහුගිය කාලේ වැඩේ කරන්න ගිය මුදලට වැඩි වියදමක් දේශපාලකයන්ගේ මුස්පේන්තු මුනත් තහඩු සහිත වැඩබිම් දැන්වීම් සවිකිරීම් වලට වැයකළා (බ)
දැන් ඔය කියන අයගෙන් රටට වූ සේවය කුමක්ද? (නි)
ඔබතුමාලගේ හිත් වේදනාව අපිටත් තේරෙනවා. (නි)
අයියෝ! මිනිස්සු මහින්දට ගොඩක් කැමතියි ඔයාලා කෑගැහුවට. (නි)
මූහුණත් තහඩුව ගහගන්න තරමට වැඩක් කරලා තිබුනා නම් මෙහෙම කණගාටු වෙන්න වෙන්නේ නැහැනේ! (නි)
ඔන්න දින සියයේ තව එක පොරොන්දුවක් (නදී)
ලංකාවෙත් තියෙන්නේ ඕනෑතරම් පාරවල් එහෙම... (නි)
එහෙනම් ශ්‍රී ජයවර්ධනපුර, වික්‍රමසිංහපුර, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය වගේ ඒවායෙත් නම් වෙනස් කරන්න වෙනවනේ! (නි)
මේ අභූත චෝදනා ඉදිරිපත් කිරීම් පසුපස අපි දන්නවා තියෙන්නේ මොනවගේ අරමුණක්‌ද කියලා.පසුගිය වකවානුවේදී සමහරුන්ට මාතෘකාවක් සොයාගන්න බැරිවුණ නිසා පසුගිය ආණ්‌ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු කරගෙන ගියා. අනුන්ගේ මුහුණත් තහඩුවල හැඩ බලන්න කලින් තමන්ගේ තහඩුව කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලාගත්තොත් හොඳයි කියලා මම හිතනවා (නි)
රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න ගැන කතානොකර වෙනත් දේවල් ගැන කතාකිරීම අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)
මියගිය දේශපාලකයන්ට සුදුසු විදිහට ගරුකිරීම බොහෝ රටවල සිදුකරනවා. කටුනායක ගුවන්තොටුපොළ බණ්ඩාරනායක නමටත්, ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේමදාස නමටත් වෙනස්වුණේ ඒ විදිහටයි. මාතර මහානාම පාලමත් එහෙම දෙයක්. නමුත් තමන් ජීවත්ව සිටින ගමන් බලයේ ඉඳගෙන නම් දාගනිද්දී නම් ඒ ගැන සිතිය යුතුයි. (නි)
දේශපාලනයේදී තමන්ට අහිමි දේවල් වලට හිමිකම් කීම අපි අනුමත නොකරමු (නි)
අනේ මෙතුමා හරි විහිලු කතා කියනවා එත් කෝ වැඩ ?කෝ දින සියේ කරපු වැඩ.(හේ)