|
සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල මොනවද කරන්නෙ? කියලා ඇයගෙන් ඇහුවාම, ඇය අපට කිව්වෙ ”සිනහව අතරින්” කියලයි. ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේදී වැඩිපුර දායක නොවූ සේමිණි ”සිනහව අතරින්” කියලා කිව්වෙ කුමකටද? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් විස්තර ඇය කියාවි.
සේමිණි මොනවද මේ දිනවල කරන්නෙ?
”සිනහව අතරින්”
සිනහව අතරින් කිව්වෙ?
සනත් ගුණතිලක මහතාගේ අලූත්ම සිනමා නිර්මාණයයි. මේ දිනවල එහි රඟපෑම් වලට දායක වෙනවා.
කොච්චර කාලයකට පසුවද චිත‍්‍රපටයක රඟපාන්නෙ?
ටෙලි නාට්‍යයකට නම් අවුරුදු දෙකහමාරකින් විතර දායක වුණේ නැහැ. ඒත්, චිත‍්‍රපට හතරකට විතර දායක වුණා. මීට පෙර රූගත කළ ප‍්‍රසන්න ජයකොඩිගෙ ”38 - ශ්‍රී” චිත‍්‍රපටයේ රඟපෑවා.
ඇයි ටෙලි නාට්‍ය වලින් ඈත් වුණේ?
හොඳ නිර්මාණයක් නොලැබුණ නිසා කාලය ගෙවී ගියා. මට දැනෙන චරිතයක්, රංගනයෙන් උපරිම දෙයක් ඉදිරිපත් කළ හැකි චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.
මේ චිත‍්‍රපටය මොනවගේ කතාවක්ද? මෙහි ඔබ රඟපාන චරිතය මොන වගේද?
මෙහි ප‍්‍රධාන චරිත හැටියට තිබෙන්නෙ චරිත තුනක් විතරයි. සනත් ගුණතිලක, ක‍්‍රිස් හැරස් සහ මම ප‍්‍රධාන චරිත රඟපානවා. මෙම කතාවෙ හැටියට කාන්තාව විවාහ වී සිටින්නෙ සුදු ජාතිකයෙකු සමගයි. වගකීම් පැහැර හරින විට සිදුවන පේ‍්‍රමාන්විත කතා පුවතක් මීට ඇතුළත්.
සැබෑ ජීවිතේ ඔබ කොහොම කෙනෙක්ද?
මාත් ඉතිං ඉතාම සාධාරණව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.
කලා ක්ෂේත‍්‍රය දැනෙන්නෙ කොහොමද?
බොහොම සුන්දර තැනැක්. සුන්දර මිනිසුන් වගේම එක එක අධ්‍යාපන මට්ටම්වල සිටින අයත් සිටිනවා. ඒත් සුන්දර තැනක්. ලබන අත්දැකීම් බොහොමයි.
ක්ෂේත‍්‍රයේ අය එක්ක තියෙන බැඳීම මොන වගේද?
බැඳීම් බොහෝදුරට අඩුයි. තියෙන්නෙ හිත මිත‍්‍රකම් විතරයි. දුකට සැපට තරා තිරම නොබලා ඕනෑම කෙනෙකුට මගෙන් උදව්වක් ඕනෑ වුනොත් පුළුවන් විදියට පිහිට වෙනවා. ඒ වගේම අසාධාරණයකදී ඕනෑම කෙනෙක්ට මගේ සීමාවේ සිට පෙනී සිටිනවා.
.jpg)
අද ලොකු පුවතක් සහෝදර ශිල්පිණියක සමග. ඔබ එය දකින්නෙ කොහොමද?
ඇත්තටම මම නඩු කියන්න උසාවි යන්න කැමති නැහැ. ඒවා හරිම කරදර දේවල්. ඒත් මට මගේ පවුලට වෙච්ච අපහාසය වෙනුවෙන් මට වෙන යමක් කරන්න තිබුණෙ නැහැ. මේ නීතියේ පිහිට හැර.
ඔබ ඇය එකට රඟපාලා තියෙනවා නේද?
ඔව්. නාට්‍ය තුන හතරක වගේ රඟපාලා තියෙනවා.
මෑතකදී විකාශය වුණේ?
සුදත් රෝහණ මහතාගේ ස්වයංජාත නාට්‍යයේ මගේ හොඳම යෙහෙළියක ලෙස රඟපෑවා.
එදා ඒ නාට්‍යයේ රඟපාද්දි ඔබ දෙපෙළගේ මිත‍්‍රත්වය මොන වගේද?
හොඳ යාළුවෝ වුණා. සහෝදරාත්මකව අපි ඒ නාට්‍යයේ රඟපෑවා.
කලා ක්ෂේත‍්‍රයේ සහෝදර බැඳීමක් තිබියදී මෙවැනි තීරණයක් ගැනීම ගැන කොහොමද හිතන්නෙ?
ඇත්තටම එවැනි දේවල් හොඳ නොවෙන්න පුළුවනි. හොඳ නැති වෙන්න ඇති. ඒත් මගේ පසුබිම සහ මා පත්වූ තත්ත්වය මත සාධාරණ තීන්දුවක් මම ගත්තෙ.
එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න තිබුණනෙ?
වැරැද්ද සිදුවූ පසු එය නිවැරදි කරගන්න පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන්. මේ සිදුවීම නිසා මගේ සැමියා ධම්මික ඉද්දමල්ගොඩ නොවන්නට මගේ පවුල දැනටමත් කැඩිලා. අපි දෙන්නා අතර තියෙන බැඳීම හරි ඉහළයි. මම අඬනකොට එයා මාව සැනසුවා.
ජීවිතේ කොහොමද ගෙවී යන්නෙ?
ඉතාම සුන්දරව සැහැල්ලූවෙන් හරිම සරලව ගෙවී යනවා. ඒත් තව දෙයක් කියන්නම ඕනෙ.
ඒ මොකක් ගැනද?
මගේ නමින් ෆේස්බුක් අඩවියේ වෙනත් අය පෙනී සිටිනවා. මම වගේ පෙනී සිටිමින් බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රචාර යවනවා. ඒවාට අහුවෙන්න එපා කියලා මම මගේ ආදරණීය රසිකයින්ට කියනවා.
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රියතාවයයි, ප්‍රසිද්ධියයි විතරක් නෙමෙයි, බුද්ධියයි , වටහාගැනීමයි දෙකත් තියෙන්න ඕනෑ. (නි)
ප්‍රසිද්ධිය ලබා ගැනීමට ගරු කටයුතු අධිකරණය යොදාගැනීමේ චෝදනාව මත ලොකු දඩයක් ගැසිය යුතුයි යැයි මම යෝජනා කරනවා. (නි)
ඔය විකාර ප්‍රශ්න අමතක කරලා ,දෙන්නම සමාදාන වෙන්න. ඔයාලගේ දක්ෂතා එකතු වුණහම හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට සම්මානයක් දෙන්න වටිනවා. (නි)
කුණූ ගොඩවල් අවුස්සන්නෙ නැතුව ඉන්නම බැරි හැටි? (නි)
අනේ අපි ඔය දෙන්නටම කැමතියි. රංඩු වෙන්න නම් එපා.(නදී)
නියම දෙන්නා.. (ස)
දෙන්නම ලස්සනයි. දෙන්නා හැප්පෙන්නෙ නැතුව ඉන්නකෝ සහෝදරියො වගේ. (නි)
සාම දාන වෙන්න (දී)
මේ දෙන්නම හරිම හොඳයි. මේවා අහනකොට තනි ඇහැට දැනෙනවා. (ස)
මඩ මඩ ගහන තරමක් මඩ (ස)
නියම දෙන්නා. (නි)
දමිත ඔයා කළ වැඩේ හරි නෑ. තමන් කතා කරන්නේ මොනවද කියලා කතා කරන්න කලින් හිතන්න. (ස)
ඕවත් ප්‍රශ්නද (දී)
නියම දෙන්නා... (නි)
අනේ, මේ දෙන්නා මොනවා කරගත්තහම අපිට මොකෝ? අපිට මේ දවස් වල ඔයිට වැඩිය තව ප්‍රශ්න කොච්චර නම් තියෙනවද? (නි)
අසේල ,මිලානෝ, වරක් දෙවරක් සොබිත හිමි හම්බවෙන්න රුවන්වෙල්ලේ ගියා.(නදී)
මේ ඔය විකාර නවත්වන්න, අධිකරණයට මේ ප්‍රශ්න වලට වඩා වැදගත් වැඩ තියෙනවා (දී)
මෙලෝ රහක් නැහැ (ස)
මාර රණ්ඩුවක් බලාගන්න පුළුවන් වගෙයි. ගෝ ගෝ ගෝ... (නි)
එකට ඉන්න කට්ටිය නේද මේ (දී)
ඒගොල්ලෝ හිතන් ඉන්නේ මහජන යට පිස්සු කියල.(නදී)
අන්තිමට දෙන්නගෙම චරිතත් විනාශ වෙලා සල්ලිත් ඉවරවෙලා, දෙන්නම පරදිනවා. අන්තිමට දිනන්නේ නීතිඥයෝ විතරයි (නි)
ඔය දෙන්නම ගැන අපි දන්නවා. ඕනෑ නම් කියන්නම් (නි)
මට නම් මේ දෙන්නම එකයි. (නි)
කවුරුත් එකයි (නි)
මේ දෙන්නම අපිව රවට්ටනවා. (නි)
මට නම් දෙන්නම හොදයි. (නි)
බොහොම හොදයි. (නි)
මට නම් මේ දෙන්නම එකයි. දමිතා හරි හොදයි.(නදී)
යම රජ්ජුරුවෝ 2014 කැලැන්ඩරේට අම්මණ්ඩිල හොයනවා. (අ)
දෙන්නම හොඳයි අපි තමයි වැරදි හරිනේ. (ස)
පිටිගල මහත්තයෝ , ඔයත් රුවන්වෙල්ලේ නිතරම කැරකුනා නේද?(නදී)
පෞද්ගලික දේවල් ගැන වෙන කාටවත් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම පෞද්ගලික දේවල් අහන්න ඕනෙත් නෑ.(නදී)
මට හිනා යනවා ඇත්තටම (දී)
මේවාට කියන්නේ විකාර කියලා (දී)
තරහා මරහා කම් එපා (දී)
මේගොල්ලෝ වැරදි කරලා අන්තිමට අපිව අල්ලනවා මඩ ගහනවා කියලා.... (නි)
එක්කෙනෙක්ව රුවන්වැල්ල පැත්තෙදි දැකල තියෙනවා. 9ස)
මොනවාද මේ වැඩ , යාලු වෙන්න...., යාලු වෙන්න....(දී)
මේවාට කියන්නේ විකාර කියලා මිට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා ලංකාවේ (දී)
මේක දෙන්නත් එක්ක කතා කරලා ප්‍රසිද්ද වෙන්න කල වැඩක්ද දන්නේ නැහැ (දී)
ප්‍රසිද්ද වෙන්න කලින් පුසිද්ද උන වීඩියෝ ගැන මතකද ළමයෝ.(නදී)
ඉස්සෙල්ලා සියළු නිලියන්ට කථා කරන්න සහ අනෙකාගේ අයිතිවාසිකම් වලට ගරු කරන ආකාරය කියා දෙන්න ඕනෑ. දෙවැනිව තමා ලබපු ගරුත්වය රුකගෙන ඉන්න කියාදෙන්න ඕනෑ. අනික තමයි ඉදිරියට යන්න යන්න 60,70 දශක වල ආ ප්‍රවීණයන් වගේ නිහතමානි වෙන්න දැනගන්න ඕනෑ. අනික තමයි ජනප්‍රිය වෙනකොට මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න ඕනෑ. නැත්නම් දක්ෂතා යටපත් වෙනවා. (නි)
මම නම් කියන්නේ මේ දෙන්නට කතාබහ කරලා ප්‍රශ්නය විසදාගන්න තවම කල් තියෙනවා කියලා. (නි)
දෙන්නා දෙපැත්තට බැන ගන්නවා (දී)
දමිතා කා එක්ක හරි රන්ඩුවෙනවා හැමදාම සතුටින් ඉන්න බලන්න (අ)
දෙන්න හරිමම හොඳයි අපිට මොකටද අනුන්න්ගේ දේවල් (අ)
ඔය හැම දේ ගැනම ඇත්ත දන්නේ ඒ ගොල්ලගෙමම යටි හිත විතරමයි. ඒ ගොල්ලන්ට හොඳනම් අපිට මොකද ? (ස)
ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඔගොල්ලොම විසදා ගන්න (දී)
ඕව ප්‍රසිද්ද රහස්. (නදී)