යාපනය නල්ලූර් අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් පිරිසක් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය කියයි.
වෙළඳසැලේ දොරටුව අසලට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කරන එම පිරිස වෙළඳසැලේ හිමිකරුට හා අසල සිටි අයකු කඩුවකින් කපා දමා ඇති බවත් තුවාල ලැබූ එම දෙදෙනා යාපන මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
පහරදීමෙන් හා පෙට්රල් බොම්බ ප්රහාරයෙන් වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර වෙළඳසැලේ ඇති වූ ගින්න යාපනය නගර සභාවේ ගිනිනිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තමයි කලිනුත් පටන්ගත්තේ. ඒ නිසා දැන්මම මේවා මැඩපැවැත්විය යුතුයි නැත්නම් නීතියත් නැමිලා යාවි.(ම)
යාම පාලනය (ම)
සංහිදියාව ! සංහිදියාව !! උතුරාගෙන එන්නේ දැන් සංහිදියාව. තව 2020 වෙනකල් අපිම තමා ආණ්ඩුව කරන්නෙත් කියල කටමත් දොඩවනවා.(ම)
බෝම්බ ගහන තරමට දැන් දියුණුයි. (ම)
යහපාලනය, සහජීවනය රෙද්ද පල්ලෙන් බේරේ...(බ)
අදාළ ආනුෂංගික සාධක සඳහන් වී නොමැති බැවින් අදහසක් පළ කිරීම සාධාරණ නොවේ. (ර)
මේවා මහජනතාව දැනගෙන හිටියා වෙයි කියලා. (ර)
හා හා ළමයිනේ උතුරන කිරි හොද්දට... හැන්ද දන්නා එපා... (ර)
පරණ කොටි කෝන්තර ආයෙත් එලියට එනවා වගෙයි. (ර)
යහ පාලනය (බ)
අපට අහන්න තියෙන්නේ දැන් සතුටුද කියලයි. (ම)