(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුහුණු පොතෙන්වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන එම තරුණියන් හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්තේ යැයි කියන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 24 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගනු ලැබීය.
පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක ගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන අඩංගුව තිබියදී සොයා ගැනීමට හැකි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ලො වනචරකම් කරල ඇයි ඉතිං මේ කොල්ල විතරක් අමාරුවෙ දාන්නෙ?
ඉතිං ඒ කෙල්ලන්වත් අත්අඩංගුවට ගන්න ඕන නේද? කොල්ලා තනියම නෙවෙයි නේද ඒවා කරලා තියෙන්නනෙ.