
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අතිශය අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබුවාය.
බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස ලිංගික වශයෙන් හිරිහැර කළේ යැයි කියන 27 හැවිරිදි එම තරුණයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
මෙම බාලවයස්කාර දැරියට අඹුසැමියන් ලෙස ගත කිරීමට සැකකරු යෝජනා කළ අවස්ථාවේ ඇය එය ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් බලවත් ලෙස කෝපයට පත්වූ බව කියන සැකකරු හිස් බියර් බෝතලයක් ඇයගේ සිරුරට ඇතුළු කර පැය කාලකට ආසන්න කාලයක් තිස්සේ එය තබාගෙන සිට ඇතැයිද පොලිසිය කියයි.
මීට අමතරව සැකකරු දැරියගේ ගෙල මිරිකා ඇයගේ නහය තුළට කට දමාගෙන ලේ එන තුරු විකාගෙන සිටි බව දැරිය පොලීසියට පවසා ඇතැයි කියති.
දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් මෙම තොරතුරු අනාවරණය කර ඇතැයි දැන ගැනීමට ඇත.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දැරිය රඳවා සිටි නිවෙස සොයා ගෙන ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් බාරයට ගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක දහවැනි වසර දක්වා පමණක් ඉගෙනුම ලබා ඇති මෙම දැරිය මුහුණුපොතෙන් හඳුනාගත් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
තම මවුපියන්ට ද නොදන්වා කිසිදු දිනක සැබැවින් දැක නොතිබූ මෙම තැනැත්තා සමග මීට මාස කිහිපයකට ඉහතදී හොර රහසේ පැන ආ බවද දැරිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් නරුමයන්
අද සමාජය බොහෝ විකෘති වී ඇත. ප්‍රේමයේ සහ රාගයේ චමත්කාරය වෙනුවට සොයන්නේ ඉක්මන් කායික පිනවීමක් පමණය. ප්‍රේම සම්බන්ධ ලිංගික සම්බන්ධ මෙවන් වයස්වල ඇතිවීම ස්වභාවිකය. රහසේ කරන මෙවන් දේවල් රසවත් ආකාරයෙන් දැඩි අන්තයන්ට යන්න නොදී මතුපිටින්ම කලයුතුය. මුලු ජීවිත කාලය තුලම රස රහස් ලෙස මේ අත්දැකීම් අප සමග රැදෙනු ඇත.
මේ පිටිගල මිලානෝගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔහුටම ආවේණික වූ කතාවක් තමයි මොහු විසින්ම එළිදක්වා තියෙන්නේ. මොහුගේ පැටිකිරිය දන්නෝ දනිති. ලැජ්ජයි පිටිගල... ලැජ්ජයි ....