(ජුඩ් සමන්ත)
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(21) වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බවත්,නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලන මහජන සෞඛ්‍යවරයා අතරට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් වෛද්‍යවරයෙකු පත් කිරීමට රජය සුදානම් වන බවද උපුල් රෝහණ මහතා සදහන් කරයි.
මෙම තත්ත්වය වහාම අත්හිටුවන ලෙස දින 14 කට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට දැනුම් දුන් නමුත්,ඊට නිසි ප්‍රතිචාර නොමැති නිසා 21 වැනිදා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බවත්,ඊටද ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයින පුරා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේ වැඩෙන් මෙයාලගේ රාජකාරිය කිරීමට බාධාවක් වෙනවද? මේ වගේ නිකමුන් එලවලා රැකියා නොමැති උපාධිධාරින්ව මේවට පත් නොකරන්නේ ඇයි?
මෙයාලා නම් හිටියා කියලා වැඩකුත් නෑනේ....
මෙතුමන්ලා වැඩ කලත් ස්ට්‍රයික් කළා වගේ තමයි. මදුරුවන් බෝවෙනකම් සිට මිනිසුන් මැරෙනකොට පමණක් ක්‍රියාත්මක වෙනවා. ඊට පසුව පොලිසියෙන් වගේ කඩාපැන දඩ ගහනවා. ඒකෙන් සෑහෙන කොමිස්ද වදිනවා. රටේ හැම තැනම මැස්සන් ලොරි ගණන් බෝවෙලා සිටිනවා. ඒත් වහා නින්දෙන් අවදි වන්නේ මැස්සන් ලෙඩ බෝකර මිනිසුන් මැරෙන්න පටන් ගත්තාමයි. කෙරුවාව නම් ඔහොම තමයි. ඒ වුණාට පරිපාලනයට විශේෂඥ වෛද්‍යවරයෙකු පත්කළාම එය රුස්සන්නේ නැහැ. ඇත්තටම සතුටුවෙන්න ඕන කාරණයකදී මෙහෙම කරන්නේ... මේ අයගේ උඩඟු ආධිපත්‍ය බිඳ වැටේවි කියන බිය සිතේ තියෙන නිසයි. නැද්ද මං අහන්නේ...?
දැනටමත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධීක්ෂණය කරනු ලබයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට රාජකාරිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න බලතල ලබාදීම කරන්න. ප්‍රාදේශීය සභාව සතු බලතල නිසා ඔවුන්ගේ රාජකාරිය කිරීමට නොහැකි වී තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට තියෙන්නේ රාජකාරිය කිරීමට නොහැකි තරම් නීති බලතලයි. තිබූ බලතල ප්‍රාදේශිය සභාවට පවරා ඇත. රාජකාරිය කිරීම නමට පමණක් ලබාදී කුමන කාර්යයක් ඔවුන් විසින් කරන්නද?
හිටියා කියලා වැඩකුත් නැහැ.
අපි හිතාගෙන ඉන්නේ වැඩ වර්ජනය කරලා කියල මොකද පී එච් අයි මහත්තුරු වැඩක් කරන්නෙම නහෙනෙ
මෙතුමන්ලා වැඩ කලත් ස්ට්‍රයික් කළා වගේ තමයි...