IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මහජන බැංකු සේවකයෝ කෑම පැයේ විදි බසිති

නිවාස ණය ඉහළ නැංවීම, සේවක උසස් වීම් ඇතුළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ඉල්ලා මහජන බැංකු සේවකයෝ කෑම පැයේදී කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිටදී අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාව මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.

විශාල මහජන බැංකු සේවකයින් පිරිසක් එක්ව සිටියහ. තම අයිතීන් පිළිබඳ ලියැවුණු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ සටන්පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.

DSC01784 DSC01790



අදහස් (0)

මහජන බැංකු සේවකයෝ කෑම පැයේ විදි බසිති

විධුෂක Monday, 22 September 2014 04:28 PM

ලංකා බැංකුවෙයි මහජන බැංකුවෙයි වැඩ කරන සේවකයෝ තම තමන්ගේ රාජකාරී ය හරියට ඉෂ්ට කරනවානම් මොකද ජනතාව පෞද්ගලික බැංකු කරා ඇදෙන්නේ? තමන්ගේ පඩි පත ගැනයි වෙනත් සහන ගැනයි විතරයි මේගොල්ලන්ගේ සටන. (නදී)

:       0       0

චමින්ද Wednesday, 24 September 2014 08:40 PM

රමණි,නීලාට අවශ්‍ය උත්තරය දීලා තියෙනවා. (දී)

:       0       0

චමින්ද Monday, 22 September 2014 07:49 PM

විධුෂක, අපේ ජාතික ගුවන් සේවය වගේම තමයි මේ බැංකු දෙකත්.ඒකයි ජනතාව පුද්ගලික බැංකු කරා ඇදෙන්නේ. (නි)

:       0       0

නයනා Monday, 22 September 2014 08:45 PM

කොච්චර දුන්නත් මදි. අලුත් සේවකයෝ පරණ සේවකයන්ගේ අහළින්වත් තියන්න බැහැ. පුදුම ලොකුකමක්. ගනුදෙනුකරුවන්ට හරියට ලොකුකම් පෙන්වනවා (නි)

:       0       0

චමින්ද Tuesday, 23 September 2014 08:31 AM

පිටරටවල ඇති බැංකු වල සේවකයන්, ගනුදෙනුකරුවන්ට සලකන හැටි වීඩියෝ කර ගෙන ඇවිත්, රුපවාහිනි සේවාවන් වලට, අතින් වියදම් කරලා වීඩියෝ පටිය දෙන්න ඕනේ විකාශනය කරන්න කියලා.එතකොට මේ බැංකු දෙකේ අයට පෙනෙයි වෙනස කොහොමද කියලා. (දී)

:       0       0

පැතුම් Monday, 22 September 2014 10:05 PM

ලංකාවේ බැංකුවල සේවකයන්ට සළකනවා වැඩියි. එයාලා තව තව ඉල්ලන්නේ අනිත් රැකියාවල උගතුන්ටවත් නැති වරප්‍රසාද. මේක හරිම විෂමතාවයක්. කැනඩාව වගේ රටවල බැංකු සේවකයන්ට මෙහෙම අමුතු වරප්‍රසාද නැහැ. (නි)

:       0       0

සංගදාස Tuesday, 23 September 2014 08:45 AM

ශාන් මහත්තයෝ ඇයි ඔය තරම් බොරු කියන්නේ...? අපිට නම් වැඳලා සලකන්න ඕනේ නැහැ.අපිව රස්තියාදු නොකර ප්‍රියමනාපෙට කතාකරලා අපේ අවශ්‍යතාවය ඉටු කරලා දුන්න නම් ඒ ඇති.ඒ ටික නොකෙරෙන එකයි වරද. (ස)

:       0       0

අබ්දුල් Tuesday, 23 September 2014 12:28 AM

මේ අයට මෙහෙම හරි ලෝන්, උසස්වීම් ලැබෙනවා. අපිට මේ මොකුත් නැහැ (නි)

:       0       0

අනිල් Tuesday, 23 September 2014 01:48 AM

උඩ පැන ගෙන කෑ ගැහුවට සේවාව නම් ගන්නම දෙයක් නැහැ. දේශපාලන පත්වීම හරහා එනකොට කිසිම කුසලතාවයක් සුදුසු කමක් අරගෙන නෙවෙයි එන්නේ. ඉතින් ඇවිත් වැඩක් කරවාගන්න එන ගනුදෙනුකාරයන්ට රැස්පොට් දාන්න විතරයි දන්නේ. ඊට පස්සේ උසස් වීම් නැහැ කියල කෑගහනවා. තව හොඳ දේවල් ලියන්න පුළුවන්. මොකටද අපේ ලේ කෝප කර ගන්නේ. (නදී)

:       0       0

නීලා Tuesday, 23 September 2014 09:05 AM

මහජන බැංකුවේ ඔය ගොල්ලන්ගේ කෙනෙක් වැඩ කරනවා නම් දැන ගන්න තිබුනා ඒ ගොල්ලෝ මැරෙන විදිය. මම දන්නවා ඒ ගැන හොදටම. උදේ 7.30 ට යනවා. ඔෆ් වෙන්නේ රෑ 7.00 ට. ආණ්ඩුවේ ක්ලාක් ලා ල තුන් හතර දෙනෙක් ගේ වැඩ කරනවා. නමුත් හුගක් අය හිතන් ඉන්නේ නිකන් ඉන්නේ කියල. තමන්ගේ කෙනෙක් හරි යාලුවෙක් හරි වැඩ කරනවා නම් අහල බලන්න. ළමයෙක් ගේ අසනීපයකට වත් නිවාඩු ගන්න බැහැ ඒ ගොල්ලන්ට. (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 22 September 2014 11:45 AM

ඔහොම කරලා ඡන්දෙ ලන් වෙනකොට ඡන්දෙ දෙන්නේ මෙයාලම තමා (නදී)

:       0       0

රුවන් Tuesday, 23 September 2014 10:03 AM

ඉරෝෂ්, බැංකුවක් කියන්නේ සේවාවක්. ගනුදෙනු කරුවන්ට දෙන සේවාව ගුණාත්මක භාවයෙන් අඩු නම් වැඩක් නැහැ. ලඟදි පත්වීම ලබපු සමහර උදවිය ගනුදෙනු කරුවන් ඉදිරියේ කටේ කෑම ඔබා ගෙන සල්ලි ගණන් කරන එක අශෝබනයි කියලාවත් දන්නේ නැහැ. සමහරු කිවිසුමක් යනකොට නහය වසා ගන්න දන්නේ නැහැ. කොහොම බැංකු පත්වීම් ලැබුනද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)

:       0       0

අනුර Tuesday, 23 September 2014 03:38 AM

මේ ගොල්ලෝ එක එක දේවල් ඉල්ලලා උද්ගෝෂණ කරනකොට ඉතිරිවෙලා ඉන්න ගනුදෙනුකරුවන් ටිකත් පුද්ගලික බැංකු කරා යාවි. මොකද ගනුදෙනුකරුවන්ට ඔය වැඩ වර්ජන වැඩක් නැහැ .ඔවුන්ට අවශ්‍ය හොඳ සේවාවක්. (නදී)

:       0       0

ඉරෝෂ් Tuesday, 23 September 2014 04:04 AM

ගොඩක් අය පුද්ගලික බැංකු ගැන කතා කරනවා. නමුත් අපි හැමෝම නොදන්න්න දෙයක් තියනවා. අද ලංකාවට තෙල් ටික, රජයේ පඩි ගෙවන්නේ ලංකා බැංකුවේ අදායමින්. විදුලිබල මණ්ඩලය, ලංගම සම්පුරන්යෙන්ම වගේ දුවන්නේ මහජන බැංකුව නිසා. එ්ක නිසා අපි රජයේ බැංකු ගැන මෙහෙම කතා කරන එක සාධාරණද ? සේවකයින් මොනවා කලත්. (නදී)

:       0       0

වන්නිආරච්චි Tuesday, 23 September 2014 10:44 AM

කොපමන ලැබුනත් මදි නේද? ලද දෙයින් සතුටු වෙන්න. අනිත් රාජ්‍ය සහ පුද්ගලික අංශ වල කොපමන පඩි අඩුද? (ස)

:       0       0

ටිරාන් Tuesday, 23 September 2014 04:07 AM

නයට ඉල්ලා අමනාප නොවන්න මෙයාලා? (නදී)

:       0       0

ශාන් Tuesday, 23 September 2014 04:13 AM

රජයේ බැංකුවට ඇවිත් ඉක්මනින් වැඩේ කරගන්න දගලන අය පුද්ගලික බැංකු වලට ගිහින් පැය ගණන් රස්තියාදු වෙනවා. ගනුදෙනුකරුට ලොකු ආදායමක් නැත්නම් පුද්ගලික බැංකු ගනුදෙනුකරුවන් දිහා බලන්නේ නෑ. ඒත් රජයේ බැංකු එහෙම නෑ. රජයේ බැංකු වලට බනින ගොඩක් අය ඒ බැංකුවලට කාලෙකින් ගොඩ නොවුන අය. පුද්ගලික බැංකුවකට යන සල්ලිකාරයෙක්ට බැංකු සේවකයෝ වැඳලා සලකන එක දැකල එයාල හිතනවා තමංටත් ඒ විදියට සලකයි කියලා. (නදී)

:       0       0

බිමල් Tuesday, 23 September 2014 04:17 AM

පුද්ගලික බැංකු වලට සේවකයන් පත් කරන්නේ සුදුසු කම් අනුව. විභාගයේදී ඉහල ලකුණ ගත්ත කෙනා සම්මුඛ පරීක්ෂණයේදී ඉහල කුසලතා පෙන් වූ කෙනාව හෝ විශේෂ දක්ෂතා ඇති කෙනාව තෝරා ගන්නවා. අරයගෙ මෙයාගේ ලිස්ට් වලට එහෙන් මෙහෙන් රිංගවා ගත්ත කට්ටිය ඒවායේ නැහැ. ඒ නිසා සේවාව ඉතා උසස්. (නදී)

:       0       0

රමණී Wednesday, 24 September 2014 02:50 AM

නීලා, ඒ වෙනුවෙන් එයාලා අතිකාල ගන්නවා. 7.30 ට යන කෙනා එම පැය බාගයටත් අති කාළ ගන්නවා. ලෙඩ උනාම අසනීප නිවාඩු නොගෙන ඉන්නේ වරප්‍රසාද නිවාඩු මුදල් කරන්න. සමහරු නම් වැඩ කරනවා. මමත් හොඳට ඔය බැංකුව ගැන දන්නවා.(නදී)

:       0       0

සුජිත් ටෝකියෝ Monday, 22 September 2014 02:20 PM

මේගොල්ලෝ එක එක දේවල් ඉල්ලලා උද්ගෝෂණ නම් කරනවා. බලන්න ඕනේ මේ ගොල්ලෝ හරියට වැඩ කරනවද කියලා. මම බෑන්ක් ස්ටේස්මන්ට්ස් එවන්න කියල ලියුම් දෙකක් ලිව්වා. හය පාරක් කෝල් කලා. දැනට දවස් දහයකට වැඩියි. අදත් කෝල් කලා තාම හම්බ උනේ නැහැ. මගේ දේවල් කර ගන්නත් බැරි උනා. මටත් මේ බැංකුව ඉස්සරහා ඉඳගෙන උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ. මන් මේවා කාටද කියන්නේ? (නදී)

:       0       0

අමිළ බලංගොඩ Tuesday, 23 September 2014 05:57 AM

නිවාස ණය ලක්ෂ 50 ක් දෙනවා. මදිද? අනිත් දේවලුත් එහෙමම තමා. කොච්චර දුන්නත් මදි. (නදී)

:       0       0

සුගුනවති Tuesday, 23 September 2014 12:53 PM

ඇමරිකාවේ බැංකුවල ලිපිකරුවන්ට ලැබෙන්නේ ඉතාම අඩු පඩියක්. නමුත් එයාල ටිප් ටොප් එකට වැඩ. මෙහෙ නැහැ රජයේ බැංකු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1485 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1647 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 433 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site