ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නොමැති බවට තීරණය කළ අධිකරණය පෙත්සම ඉවත දැමීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (1) ව්‍යවස්ථාව මඟින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත් කිරීමට අදාළ නීතිරීති අනුව මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් එමඟින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුව නැතැයි අධිකරණය තීරණ කරන ලදී.
අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ කේ.ටී .චිත්‍රසිරි යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවන ලදී.
මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වූ පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය දිගුකල් දිනේවා (හේ)
තමා කරපු දේ අනුන් කරනකොට සමහරුන්ට හොඳ නැහැ. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ අයට ඇමතිකම් දෙන අපූරු ප්‍රජාතන්ත්‍රවාදේ! (නි)
මූලික අයිතීන් උල්ලංඝනයවීමක් සිදුවී නොමැත්තේ කාගේද? (නි)
ඔහොම යනකොට මහජන එක්සත් පෙරමුණත් නිකම්ම එළියට වීසිවෙලා යාවි. (නි)
ඒවා විසිවෙනවා. අනිත් ඒවා හිරවෙනවා. මෙන්න යහපාලනය (නි)
පිල්ලයාන්, කරුණා අම්මාන්ලා තනතුරු දරනකොට මේ මහජන එක්සත් පෙරමුණ කොහෙද හිටියේ? මහින්ද කරනකොට හරි, මෛත්‍රී කරනකොට වැරදියි. (නි)
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව. (නි)
හෆීල්, පිල්ලෙයාන් සහ කරුණා ආවේ ඡන්දෙ පැරදිලා නොවෙයි. ඒ උදවිය ආණ්ඩුවේ සිටිය යුතුද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. මේ වෙලා තියෙන්නේ මහජනතාව එපා කී අයට ජනපති සහ අගමැති තමන්ගේ කැමැත්ත දීමක්. ලැයිස්තුවල ඉන්න අයව කපලා තමන්ගේ හිතවතුන් දානවා. මෙන්න ජිනීවා යන්න හේතු. (නි)
ඔන්න ඔහොමයි වුනේ.(හේ)