IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහජන එක්සත් පෙරමුණේ පෙත්සම විසිවේ

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නොමැති බවට තීරණය කළ අධිකරණය පෙත්සම ඉවත දැමීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (1) ව්‍යවස්ථාව මඟින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත් කිරීමට අදාළ නීතිරීති අනුව මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් එමඟින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුව නැතැයි අධිකරණය තීරණ කරන ලදී.

අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ කේ.ටී .චිත්‍රසිරි    යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවන ලදී.

මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වූ පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.



අදහස් (0)

මහජන එක්සත් පෙරමුණේ පෙත්සම විසිවේ

ධම්ම Thursday, 26 May 2016 01:58 PM

යහපාලනය දිගුකල් දිනේවා ‍(හේ)

:       0       0

ප්‍රියා Friday, 27 May 2016 08:52 AM

තමා කරපු දේ අනුන් කරනකොට සමහරුන්ට හොඳ නැහැ. (නි)

:       0       0

දහම් Thursday, 26 May 2016 04:26 PM

ජනතාව ප්‍රතික්ෂේප කළ අයට ඇමතිකම් දෙන අපූරු ප්‍රජාතන්ත්‍රවාදේ! (නි)

:       0       0

සේනක Thursday, 26 May 2016 05:34 PM

මූලික අයිතීන් උල්ලංඝනයවීමක් සිදුවී නොමැත්තේ කාගේද? (නි)

:       0       0

නන්ද Thursday, 26 May 2016 07:28 PM

ඔහොම යනකොට මහජන එක්සත් පෙරමුණත් නිකම්ම එළියට වීසිවෙලා යාවි. (නි)

:       0       0

සිරි Thursday, 26 May 2016 08:00 PM

ඒවා විසිවෙනවා. අනිත් ඒවා හිරවෙනවා. මෙන්න යහපාලනය (නි)

:       0       0

හෆීල් Friday, 27 May 2016 03:33 AM

පිල්ලයාන්, කරුණා අම්මාන්ලා තනතුරු දරනකොට මේ මහජන එක්සත් පෙරමුණ කොහෙද හිටියේ? මහින්ද කරනකොට හරි, මෛත්‍රී කරනකොට වැරදියි. (නි)

:       0       0

ජයරත්න Friday, 27 May 2016 05:03 AM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව. (නි)

:       0       0

රාමන් Friday, 27 May 2016 07:37 AM

හෆීල්, පිල්ලෙයාන් සහ කරුණා ආවේ ඡන්දෙ පැරදිලා නොවෙයි. ඒ උදවිය ආණ්ඩුවේ සිටිය යුතුද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. මේ වෙලා තියෙන්නේ මහජනතාව එපා කී අයට ජනපති සහ අගමැති තමන්ගේ කැමැත්ත දීමක්. ලැයිස්තුවල ඉන්න අයව කපලා තමන්ගේ හිතවතුන් දානවා. මෙන්න ජිනීවා යන්න හේතු. (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 May 2016 01:13 PM

ඔන්න ඔහොමයි වුනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site