(රංජන් කස්තුරි)
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කාලය වසර පහක් වන අතර එම කාලය නිම වීමෙන් පසුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තවත් මාස හයක කාලයක් සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පිරිනමා තිබිණි. එම මාස හයක කාලයද ජුනි 30 වැනි දා අවසන් වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජික සංඛ්‍යාව 25 කි. වෛද්‍ය සභාවට සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් සිව් දෙනෙකු පත් කිරිමේ නිල බලය සෞඛ්‍ය ඇමැතිවරයාට හිමිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ හරි යන්න.
කරුණාකරලා සය්ටම් පක්ෂ සභාපතිවරයෙක් පත්කරගෙන, පොදු ජනතාව වෙනුවෙන් යයි පෙනිසිටිමින් සංගමයේ දොස්තරල කරන කුහකකම් වලට නිසි පිළිතුරු දෙන්න.
හරි...තව සතියකින් බඩු හරි...
" සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තවත් මාස හයක කාලයක් සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පිරිනමා තිබිණි" සිහි බුද්ධියෙන් මෙන්න මේ ටික කියෙව්වා නම් ලාංකික සමාජය තුල ක්‍රියාත්මක වෙමින් පවතින දේශපාලන හා ඔවුන් විසින් පත්කොට තිබෙන නිලධාරීන්ගේ කෙරුවාව හිතා නාන්න පුළුවන්. දේශපාලන, නිලධාරී, පුජක, මාධ්‍ය ඇතුළු ජනතාවකින් සමන්විත මාෆියා කල්ලියක් විසින් මෙහෙයවන රටක් මේක. පුළුවන් කමක් තිබෙන අය මේ මෙයාල සමගම මේ රට විනාශකිරීමට ඉඩදීලා මේ රටින් පිට වෙන්න. පිටරටක ජීවත් වෙන හර්ද සාක්ෂියට අනුව ජීවත් වෙන්න පුරුදුවී සිටින අය ඒ රටවලටම වෙලා ඉන්න. අනෙක් අයට පුළුවන් මේ රටට ඇවිත් මේ මුර්ගයින් සමග මේ නරාවලේම කිමිදිමින් මිය යන්න. මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට අවශ්‍යකරන්නේ,නැති ප්‍රශ්නයක් හෝ ඇතිකර ගෙන ඒ ප්‍රශ්නයෙන් බඩ වඩා ගැනීම පමණයි. ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න අනුභව කරමින් නැවත එයම වමාරා කන අය ඉන්න රටක් තමයි මේක.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා නුසුදුසුයැයි මම යෝජනා කරමි.
මේවගේ පරණ විදිහට හිතන අය වෙනුවට නව අදහස් දරන අය පත් කරන්න මේක හොඳම අවස්තාවක්. කාලය පැමිණ ඇත අදුරු තුමනි. ගෙදරවී විවේක ගන්න. තරුණ යට ඉදිරියට එන්න ඉඩ දෙන්න.
මම මෙතුමා ගැන කුඩා කල සිටම හොඳින්ම දන්නවා.මතබේදකාරී අදහස් දක්වමින්, දේව දෘෂ්ටියට අභියෝග කරමින්, උරු මස්කාල අරක්කු වීදුරුවක් බිලා ගිනිපාගපු හැටි මම බලාගෙන හිටියේ මහත්වූ අභිමානයෙන්. ඒ කාලේ මටත් සයන්ස් කියන " උන " තදින්ම තිබුන කාලයක්...කාලය ගෙවිගියා.අපිත් ඉගෙනගෙන විශ්ව විද්‍යාලවලට ගිහින් අන්තිමේදී ඉපදුනරටිනුත් බොහෝදුර තියෙන රටක ජීවිතය ගෙනියනවා.නමුත් මෙතුමා තවමත් මේ වාසනාවන්ත භුමියේ පැවැත්ම වෙනුවෙන් දිවි නොතකා අරගල කරමින් සිටිනවා.ගරු මහාචාර්යතුමනි තවමත් මම ඔබ තුමාව අගයකරනවා.අපේ ආයුෂත් අරගෙන තවත් බොහෝකාලයක් රට වෙනුවෙන් සේවයකරන්නට ඔබට වාසනාව ,දිරිය සහ නිරෝගී සුවය ලැබේවා කියා පතමි.
අයං විශ්‍රාම කාලෝ
ඔබතුමා රටට දැයට ණය නැති පුත්‍රයෙකි ඔබගේ සේවය උත්තරීතරය අනාගතය විවේකී සුවයෙන් ගතකරන්න ඔබගේ දැනුම අපට අවශ්‍යයි.
නිල කාලෙ අවසන් වුනත් නැතත් අයින් වෙන්න කාලෙ හරිනේ. වල පයයි ගොඩ පයයි කියල එතුමාම කියනවනේ. ඔය කාලේ වෙනකොට අපේ සියට එහෙම මේ කියන දේ මේ මතක නැහැ. සීයාගේ අදහසට පිටින් අලුතින් යමක් කරන්න ගියොත් එක කොච්චර හොඳ වුනත් නවීන වුනත් මාර ජුවල් යනවා.
වෘත්තිකයන්ගේ ආචාර ධර්ම අනුව, කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්ස් (ලැදියාවන්ගේ ගැටුම්) වලින් තොර විය යුතුයි. සයිටම් ප්රශ්නයේදී මේ මහත්මයා ඒ ආචාර ධර්මය අනුගමනය කලාද යන්න සැකයක්. වෛද්‍ය සභාවේ සභාපති ධූරය දරන ගමන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියේ සහ තමන් ලැදි වෛද්‍ය විද්‍යාල වල උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටීම සුදුසු ක්‍රියාවක් නොවේ.
මෙතන්ට චතුර සේනාරත්නව පත්කරමු.
නරකද දැන්වත් සින්දුවක් ලියාගෙන තමන්ගේ පාඩුවේ උන්න නම්.
අධ්‍යාපනය සෞඛ්‍ය ජනතා සුබසාදන සේවාවන් විකිණීමට එරෙහි වුන ඒ සොදුරු මිනිසා වෛද්‍ය සබාවෙන් නික්මයාම නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛයට දැඩි තර්ජනයකි මන්දයත් රාජිත කිරිඇල්ල වැනි ජනතා අයිතීන් විකුණන ජනතා ද්‍රෝහී මිනිසුන්ට මෙය කදිම අවස්ථාවකි
අනුන්ගේ අධහස් වලට ගරු නොකරන, තමන්ගේ මහන්තත්වය අනුන්ට පෙන්වන, මේවගේ දෙපිට කාට්ටු මිනිසුන් යන දේවාලයකට ගියා දෙන්. එදා සය්ටම් හොඳ වෙන්නත් අද සය්ටම් නරක වෙන්නත් මේ අයගේ අදහස් අපිට ගැලපෙන්නේ නැහැ. ඔහුගේ ආචාර්ය ධර්ම ඉතාමත් පහත් තත්වයක තියෙන්නේ.