ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සුප්‍රකට මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පෙරේදා (14) අභාවප්‍රාප්ත වූයේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහාචාර්යවරයා අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 83 වියෙහි පසුවිය.
ඈෂ්ලි හල්පේ මහතා ඉංග්‍රීසී භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු බවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 31 ක් වූ අතර එවකට එසේ පත්වූ ළාබලතමයා වූයේ ද ඔහුය.
මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුර ඇතුළු තනතුරු රැසක කටයුතු කර ඇති අතර විදේශ විශ්ව විද්‍යාල රැසක ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමතරව ඔහු නාට්‍ය හා රංග කලාව, සංස්කෘතික අධ්‍යයනය ආදී ක්ෂේත්‍රවලට ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
මහාචාර්වරයාගේ දේහය අඟහරුවාදා (17) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට රැගෙන එන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එදින සවස තුනට මහයියාව සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මහාචාර්ය ඈෂ්ලි හල්පේ කළුරිය කරයි
චන්ද්‍රසිරි Sunday, 15 May 2016 10:07 PM
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
අබය Sunday, 15 May 2016 10:06 PM
ලෝකෙට පරකාසේ නැති දක්ෂ පුද්ගලයෙක්. නිවන් සුව! (නි)
පිටිගල මිලානෝ Sunday, 15 May 2016 10:19 PM
පේරාදෙණි ගුරුකුලේ වෙනත් විෂයන් හැදෑරු අප ළඟටවිත් ලොව ජයගන්නට කියා ඉංග්‍රීසිය අපට කියාදුන් ඔබ නිසා අප ලෝකය ජය ගත්තෙමු. ඔබට නිවන් සුව ලැබේවා. (නි)
සත්‍යයා Sunday, 15 May 2016 10:38 PM
එතුමාට සංසාරය කෙළවර අමාමහ නිවන් සුවයම අත්වේවා! (නි)
ඇන්ජලෝ Monday, 16 May 2016 01:01 AM
රටට ලොකු ප්‍රයෝජනයක් ගතයුතු කෙනෙක් වුණාට කිසිම රජයක් මොහුගෙන් වැඩක් ගත්තේ නැහැ. මෙතුමා කාගෙවත් පිටුපස ගියෙත් නැහැ. ඔබට අපේ ආචාරය සර්! (නි)
රොකී Monday, 16 May 2016 01:29 AM
උගත් බුද්ධිමත් වැදගත් මහත්මයකු රටට අහිමිවීම ගැන මගේ දැඩි ශෝකය පළකරමි. (නි)
වජිර Monday, 16 May 2016 01:31 AM
නිවන් සැප ලැබේවා! (නි)
ප්‍රසන්න Monday, 16 May 2016 01:38 AM
හරිම කණගාටුදායක ආරංචියක් (නි)
වජිර දිසානායක Tuesday, 17 May 2016 11:49 AM
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (ර)
ලයනල් Monday, 16 May 2016 02:22 AM
සර්, ඔබට නිවන් සුවය අත්වේවා! (නි)
නන්ද Monday, 16 May 2016 02:31 AM
මෙතුමා ඉතාම දක්ෂ ඉංග්‍රීසි ගුරුතුමෙක්. සරසවියේදී එතුමා චාම් බෑගයක පොත් ටිකක් දමාගෙන යන හැටි දුටුවිට කිසිකෙනෙකුට හිතා ගන්න බැහැ මේ යන්නේ රටක් වටිනා ඉංග්‍රීසි උගතෙක්, ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් කියලා. අද පඳුරක්, පඳුරක් ගානේ මහාචාර්යවරු, ආචාර්යවරු, ශාස්ත්‍රපතිලා, දර්ශනපතිලා වැහි වැහැලා. හරියට උගන්නගන්න බැරි, ගැඹුරු මාතෘකාවක් සරල ලෙස විග්‍රහ කරගන්න බැරි මහාචාර්යවරු සරසවි වල කොච්චර ඉන්නවද කියලා සරසවි සිසුන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ අතින් මහැදුරු හල්පේ රටක් ලෝකයක් වටිනා වචනයේ ඉහළම අර්ථයෙන් මහාචාර්ය උතුමෙක්. (නි)
ඉන්ද්‍රජිත් Monday, 16 May 2016 02:58 AM
අද දවසේ අහන්න ලැබුණ හරිම දුකහිතෙන පුවතක් (නි)
සේනක Monday, 16 May 2016 03:11 AM
නන්ද මහතා, ඌනපුරණ අනවශ්‍ය ඔබගේ අදහසට මමද මුළු හදින්ම එකඟවෙමි. හල්පේ ඒ උතුම් දිසාපාමොක් ඇදුරුතුමාට ස්වර්ග රාජ්‍යයේ දොර කවුළු විවෘත වේවා!!! (නි)
ගමගේ Monday, 16 May 2016 03:20 AM
නිහතමානී මහාචාර්යවරයෙක් (නි)
ප්‍රබාත් Monday, 16 May 2016 03:47 AM
ඉතා දුර්ලබභ ඝණයේ මහා උගතෙක් නිවන් සුව පතමු.(ම)
සදුන් Monday, 16 May 2016 11:32 AM
මෙහි එන බොහෝ අදහස් සත්‍ය ඒවා. විශේෂයෙන් නන්ද ලියා ඇති කාරණාව හරියටම හරි. එතුමා පරිපාලනයේදී දක්ෂයෙක් වුණා, විනය ගැන බලද්දී , තදින් වැඩ කළා. උගන්න විට යහළුවෙක් වගේ ලං වුනා. නාට්‍ය කරද්දී සැබෑම විනෝයෙන් ගුරුන්නසේ වුනා. වරෙක් අපි කොළඹ සිට එන බස් රථයක පැය ගානක් සාහිත්‍ය අඩිය ගැන කතා කළා. ඔහු බොරු සෝබන කාරයන් අතර සිටිය නිහතමානි ගුණයෙන් පිරුණු සැබෑම උගතෙක්. මේ කියන්නේ බොරුවක් නෙමෙයි. එවැනි ය ආයෙත් ලේසියෙන් පහල වෙන්නේ නෑ . ඔබ තුමාට මගේ වචනයෙන් නිවන් සුව පතමි.(හේ)
නිහාල් විතාරණ Monday, 16 May 2016 04:48 AM
ඉතාමත්ම කනගාටුදායක ආරංචියක්. ඔබතුමාට අමාමහ නිවන් සැප ලැබේවා!(ම)
උපුල් Monday, 16 May 2016 06:02 AM
නන්ද, ඔබගේ අදහසට මාද එකසිතින් එකඟවෙමි. ඉංග්‍රීසි භාෂාව පමණක් නොවෙයි මෙතුමා ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටද අප්‍රමාණ සේවයක් සිදුකළ ඉතාම දුර්ලභ ගණයේ පඩිරුවනක්. එතුමාගේ අහිමිවීම ජාතියක් වශයෙන් අපට විශාල පාඩුවක්. මැතිඳුනි, ඔබට නිවන් සුවය අත්වේවා! (නි)
කරුණාරත්න ගම්පොල. Sunday, 15 May 2016 04:17 PM
භවගමන ඉතාමත් කෙටි වේවා! ජාතියක් ජරාවක් මරණයක් නැති අජරාමර නිවන හමුවේවා!! (නි)
ගාමිණී විජයරත්න Monday, 16 May 2016 07:35 AM
ලොව පුරා උගත් ලාංකිකයන් බිහිකළ මහා ඇදුරුතුමනි, ඔබට නිවන් සුව !!! (නි)
ධම්ම Sunday, 15 May 2016 04:33 PM
ඔබට නිවන් සුව අත්වේවා සර්! (නි)