ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සුප්‍රකට මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පෙරේදා (14) අභාවප්‍රාප්ත වූයේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහාචාර්යවරයා අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 83 වියෙහි පසුවිය.
ඈෂ්ලි හල්පේ මහතා ඉංග්‍රීසී භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු බවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 31 ක් වූ අතර එවකට එසේ පත්වූ ළාබලතමයා වූයේ ද ඔහුය.
මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුර ඇතුළු තනතුරු රැසක කටයුතු කර ඇති අතර විදේශ විශ්ව විද්‍යාල රැසක ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමතරව ඔහු නාට්‍ය හා රංග කලාව, සංස්කෘතික අධ්‍යයනය ආදී ක්ෂේත්‍රවලට ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
මහාචාර්වරයාගේ දේහය අඟහරුවාදා (17) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට රැගෙන එන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එදින සවස තුනට මහයියාව සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
ලෝකෙට පරකාසේ නැති දක්ෂ පුද්ගලයෙක්. නිවන් සුව! (නි)
පේරාදෙණි ගුරුකුලේ වෙනත් විෂයන් හැදෑරු අප ළඟටවිත් ලොව ජයගන්නට කියා ඉංග්‍රීසිය අපට කියාදුන් ඔබ නිසා අප ලෝකය ජය ගත්තෙමු. ඔබට නිවන් සුව ලැබේවා. (නි)
එතුමාට සංසාරය කෙළවර අමාමහ නිවන් සුවයම අත්වේවා! (නි)
රටට ලොකු ප්‍රයෝජනයක් ගතයුතු කෙනෙක් වුණාට කිසිම රජයක් මොහුගෙන් වැඩක් ගත්තේ නැහැ. මෙතුමා කාගෙවත් පිටුපස ගියෙත් නැහැ. ඔබට අපේ ආචාරය සර්! (නි)
උගත් බුද්ධිමත් වැදගත් මහත්මයකු රටට අහිමිවීම ගැන මගේ දැඩි ශෝකය පළකරමි. (නි)
නිවන් සැප ලැබේවා! (නි)
හරිම කණගාටුදායක ආරංචියක් (නි)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (ර)
සර්, ඔබට නිවන් සුවය අත්වේවා! (නි)
මෙතුමා ඉතාම දක්ෂ ඉංග්‍රීසි ගුරුතුමෙක්. සරසවියේදී එතුමා චාම් බෑගයක පොත් ටිකක් දමාගෙන යන හැටි දුටුවිට කිසිකෙනෙකුට හිතා ගන්න බැහැ මේ යන්නේ රටක් වටිනා ඉංග්‍රීසි උගතෙක්, ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් කියලා. අද පඳුරක්, පඳුරක් ගානේ මහාචාර්යවරු, ආචාර්යවරු, ශාස්ත්‍රපතිලා, දර්ශනපතිලා වැහි වැහැලා. හරියට උගන්නගන්න බැරි, ගැඹුරු මාතෘකාවක් සරල ලෙස විග්‍රහ කරගන්න බැරි මහාචාර්යවරු සරසවි වල කොච්චර ඉන්නවද කියලා සරසවි සිසුන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ අතින් මහැදුරු හල්පේ රටක් ලෝකයක් වටිනා වචනයේ ඉහළම අර්ථයෙන් මහාචාර්ය උතුමෙක්. (නි)
අද දවසේ අහන්න ලැබුණ හරිම දුකහිතෙන පුවතක් (නි)
නන්ද මහතා, ඌනපුරණ අනවශ්‍ය ඔබගේ අදහසට මමද මුළු හදින්ම එකඟවෙමි. හල්පේ ඒ උතුම් දිසාපාමොක් ඇදුරුතුමාට ස්වර්ග රාජ්‍යයේ දොර කවුළු විවෘත වේවා!!! (නි)
නිහතමානී මහාචාර්යවරයෙක් (නි)
ඉතා දුර්ලබභ ඝණයේ මහා උගතෙක් නිවන් සුව පතමු.(ම)
මෙහි එන බොහෝ අදහස් සත්‍ය ඒවා. විශේෂයෙන් නන්ද ලියා ඇති කාරණාව හරියටම හරි. එතුමා පරිපාලනයේදී දක්ෂයෙක් වුණා, විනය ගැන බලද්දී , තදින් වැඩ කළා. උගන්න විට යහළුවෙක් වගේ ලං වුනා. නාට්‍ය කරද්දී සැබෑම විනෝයෙන් ගුරුන්නසේ වුනා. වරෙක් අපි කොළඹ සිට එන බස් රථයක පැය ගානක් සාහිත්‍ය අඩිය ගැන කතා කළා. ඔහු බොරු සෝබන කාරයන් අතර සිටිය නිහතමානි ගුණයෙන් පිරුණු සැබෑම උගතෙක්. මේ කියන්නේ බොරුවක් නෙමෙයි. එවැනි ය ආයෙත් ලේසියෙන් පහල වෙන්නේ නෑ . ඔබ තුමාට මගේ වචනයෙන් නිවන් සුව පතමි.(හේ)
ඉතාමත්ම කනගාටුදායක ආරංචියක්. ඔබතුමාට අමාමහ නිවන් සැප ලැබේවා!(ම)
නන්ද, ඔබගේ අදහසට මාද එකසිතින් එකඟවෙමි. ඉංග්‍රීසි භාෂාව පමණක් නොවෙයි මෙතුමා ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටද අප්‍රමාණ සේවයක් සිදුකළ ඉතාම දුර්ලභ ගණයේ පඩිරුවනක්. එතුමාගේ අහිමිවීම ජාතියක් වශයෙන් අපට විශාල පාඩුවක්. මැතිඳුනි, ඔබට නිවන් සුවය අත්වේවා! (නි)
භවගමන ඉතාමත් කෙටි වේවා! ජාතියක් ජරාවක් මරණයක් නැති අජරාමර නිවන හමුවේවා!! (නි)
ලොව පුරා උගත් ලාංකිකයන් බිහිකළ මහා ඇදුරුතුමනි, ඔබට නිවන් සුව !!! (නි)
ඔබට නිවන් සුව අත්වේවා සර්! (නි)