ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීම සඳහා සූරියවැවට ගිය අවස්ථාවේදී ජනපති හා පරිවාර පිරිස් ගිය හෙලිකොප්ටර් යානා දෙක කාපට් ඇතිරූ විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගයට ගොඩබෑම සුවිශේෂී දසුනක් විය.
අධික වර්ෂාපතනයද එම අවස්ථාවේ ඇද හැළෙමින් පැවතුණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බනින්නකෝ එහෙනම් තව කාපට් පාරවල් හැදුවට. (නි)
කලින් කිව්වේ හෙලිකොප්ටර් වලට අධික වියදමක් යන නිසා පිරිවර අඩුවෙන් වාහනයකම යනවා කියලනේ? (නි)
ඒකත් දින 100 යේ වැඩක්ද? ඒකත් ආශ්චර්යයක් තමයි (නි)
කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නෙ මේවාට. (නි)
වෙන කෙනෙක් නම් මෙහෙම වැස්ස මැද්දේ එයිද? (නි)
දැන් ඉතින් අපේ අය මේකෙත් වැරදි හොයයි (නි)
මහින්ද රාජපක්ෂ මහතා කාපට් පාරවල් හදලා තිබුණ නිසා හොඳට ගියා (නි)
මේ දින 100 ඇතුළත සංවිධානය කරපු සංවර්ධන වැඩසටහන් (බ)
ඒක මැද මුලන බුදලයෙන් හදපු එකක් නෙමෙයි (නදී)
ජනක, කරුණාකරලා ප්‍රවෘත්තිය කියවලා ඔලුවට ගන්න (නි)
ඇයි ඉතින් චරිත්, අර බේබිලා උඩින් ගිය විදියටම බැරියෑ මේකේ බිලත් ගෙවන්න. මොකෝ උඩින් යන්න පුළුවන් ඒගොල්ලන්ට විතරද? (නි)
දැන් දින 100 ඉවරනේ (නි)
දහම්, ලසන්ත පාරවල් හැදුවේ මැදමුලනෙන් අරන් ආව සල්ලි වලින් කියලද හිතාගෙන ඉන්නේ? (බ)
අනිල්, හෙලිකොප්ට්ටරයක් පාරට බස්සනකොට පාරේ වාහන නවත්වන්න වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඒවා තමා ඔය තියෙන්නේ. මෙතුමාට තර්ජන තියෙන්නේ වෙනම ත්‍රස්තවාදී සෙට් එකකින්. (බ)
හිටපු ජනපති මහින්දට පිං සිදුවන්නට අධිවේගී මාර්ග,මහා මාර්ග ,ග්‍රාමීය අතුරු මාර්ග ඉඩකඩ ඇතුව කාපට් කර තිබෙන නිසා නව නායකයන්ගේ ජීවිත වලට අපමණ ආරක්ෂාවක් ලැබෙන බව නම් සඳහන් කළයුතුමය. හදිසියේ හම්බන්තොට ගියා නම් බය නැතුව මත්තල ගුවන් තොටුපලටවත් ගොඩබාන්න පුලුවන්. රටකට ඕනෑ අපමණ අගයක් නොව තිරසාර සංවර්ධනයක් බව සිතට ගත්තොත් නම් විරැකියාව දුරුවී ,ජීවන තත්වය උසස්ව, ආරක්ෂාව සහතික වී, මහජනතාවට සතුට ගෙනෙන, ලක්මව හිනැහෙන ආසියාවේ ආශ්චර්ය කරා පියමං කළහැක. (නි)
ඉස්සර නම් කිව්වේ හෙලිකොප්ටර් වලට වියදම් කරන්නේ නැහැ කියලා. ඒත් දැන් යන්නේ හෙලිකොප්ටර් 2කින්. ඒ යනකොට කාර් ටික බිමින් යනවා (පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ ඡායාරූප වල) (නි)
මේවායේ බිල් ගෙවනවද? (නි)
ඒ වුණත් හෙලිකොප්ටර් වලින් යන්නේ නැහැ කිව්වා නේද? හොඳ වෙලාවට කලින් පාරවල් කාර්පට් කරලා තිබුණේ (නි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් දහස් ගණන් පිරිවරක් රැගෙන නොයාම අගය කළයුතුයි. ඉතාම සරලයි (නි)
ඔය ගමනට කීයක් විතර වියදම් යන්න ඇද්ද? (නි)
කලින් ජනපති අරයවයි අගමැතියි අපේ ගමට ආවා අපේ පල්ලියට කොච්චර ආරක්ෂාවක් දැම්මද කියනවානම් ආගමික නායකයන්ව පරික්ෂා කළා. එනව කිව්වේ නම් හෙලිකොප්ටර් එකෙන් අපිත් ඒ වැඩවලට සහාය දෙමින් බලන් හිටියා. හෙලිකෝප්ටර් එකනම් ආවා ඒත් ඇතුළේ කවුරුත් නෑ. බලද්දී කට්ටිය වාහනවලින් ඇවිත්. ඒවා බොරු වියදම් නෙමෙයිද ? (බ)
කොහොමටත් හෙලිකොප්ටර් හදලා තියෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක ගොඩබාන්න නේද? (නි)
වෙලාවට පාරවල් හදල තිබුනෙ. නැත්නම් කොහෙ බාන්නද. (බ)
මම හිතුවා එතුමා හෙලිකොප්ටර් වල ගමන් යන්නේ නැහැ කියලා (ම)
අනිල්, ඔය කියන විදියට තමයි වැඩ කරමින් හිටියේ. ඒ වුණාට දැන් ඔය පසුගිය දවස් වල සිද්ධවුණ දේවල් අනුව මෙතුමාගේ ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා පෙනෙන්නේ නැද්ද? අනික හෙලිකොප්ටරයෙන් ගියේ මෙතුමා විතරයිනේ. සමහරු වගේ හතර වරිගයේම මිනිස්සු හෙලිකොප්ටරයෙන් යන්න පටන්ගත්තේ නැහැනේ. (නි)
හෙලිකොප්ටරයේ ගිය එකද දැන් ප්‍රශ්නේ? (නි)
අනේ ඇත්ත තමයි අජිත්. මහින්ද මහත්තයාගේ බුදලය වියදම් කරලනේ ඔය පාරවල් හැදුවේ. මේවා කාගෙවත් සල්ලි වලින් හදපුවා නොවෙයි. මේවා මහජනතාවගේ මුදල් වලින් හදපුවා. (නි)
දැන් එතකොට මෙතුමාට පයින් යන්න කියලද කට්ටිය කියන්නේ? (නි)
ඇයි? ජනාධිපතිතුමාට හෙලිකොප්ටරයකින් යන්න හොඳ නැද්ද? (නි)
ගෙදරක වැසිකිළියක් හැදුවත් පසුගිය කාලයේ ඒ අයගේ සල්ලි වලින් හැදුවා කියන්න කට්ටිය ඉන්නවානේ??? (නි)
රුචිර , ඊටකලින් අර 'බේබි කෙනෙක්' උඩින් ගියේ බිල ගෙවලාද බලන්නකෝ. (නි)
කරුණාකර මේකටත් දේශපාලනය ගාවාගන්න එපා (නි)
ජනාධිපති වශයෙන් ඕවා පාවිච්චි කළාට කිසිකෙනක් මොකවත් කියන්නෙ නෑ.මිනිස්සු ඇවිත් බලල කියන්නෙ හෙලිකොප්ටරෙන් ආව කියල. හැබයි කලින් කෙනා ඒව පාවිච්චි කරපුවගෙ ගණන් හොයල ඒවට දොස්කිය කිය කරන එක වැරදියි.ඒවට දොස් කිව්වහැටි අමතක අය ඉන්නව. (බ)
හොද වෙලාවට මහින්ද මොනා කරල හරි පාරවල් කාපට් කරලා තිබ්බ . නැත්නම් ඉතින් වෙළකට බස්සල සරම උස්සගන තමා යන්න වෙන්නේ (බ)
රටේ නායකයා උඩින්ද යන්නෙ බිමින්ද යන්නෙ කියන එක නෙමෙයි වැදගත් ඊට සාපේක්ෂව කරන කටයුත්තයි වැදගත් (බ)
අනිත් අය ආවේ පයින්ද හලෝ.....? (බ)
මහින්දගේ සල්ලිවලින්ද පාරවල් හැදුවේ අපි මොකටද දන්නේ නෑ බදු ගෙවන්නේ. (බ)
සමහර අය අදහස් දාන්නේ හරියට මහින්ද මහත්තය එයාගේ පුද්ගලික ධනය වියදම් කරලා සංවර්ධනය කළා වගේ. කොයි පක්ෂයකින් හරි බලයට පත් උනත් ඔවුන් රටේ සංවර්ධනය සහ දුෂණයෙන්, හොර මැරකම් වලින් තොර යහපත් සමාජයක් පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතුයි. මහින්ද මහතා යටතේ මා සඳහන් කළ දෙවැනි කරණය හරියට ඉටු උනාදැයි ප්‍රශ්නයක්. (බ)
ඒකත් එහෙමද? (නි)
සමහර අදහස් දැක්කහම පුදුමයි (නි)
නෑ. කිසි ප්‍රශ්නයක් නෑ ගියාට . ජනාධිපතිට යන්න බැරි නම් කාටද පුළුවන් (බ)
අනේ මෙහෙමත් (බ).
ජනාධිපති කෙසේවෙතත් දැන් එයාලගෙ පුතාලානම් හෙලිකොප්ටර් වල යන්නෙ නෑ. (බ)
කලින් කිව්වේ හෙලිකොප්ටර් වලට අධික වියදමක් යන නිසා පිරිවර අඩුවෙන් වාහනේකම යනවා කියලනේ?බලාගෙන යනකොට හෙලිකොප්ටර් එකක්,නොවේ දෙකක්?ඒ මදිවට පිරිවරත් බිම ඉන්නවා? (බ)
තමන් කරනකොට වෙන කතා. (නි)
මේ හෙලිකොප්ටරයේ ගියේ පසුගිය දවසක ආරක්ෂාව පිලිබන්ද තර්ජනයට පත් වූ රටේ ජනාධිපති මිසක් එතුමාගේ කෝකියන් රුපලාවන්‍ය ශිල්පින්, නැටුම් කණ්ඩායම් ආවතේවකාරයන් නෙවෙයි.(හේ)
දැන් තමයි සමහරු ජනාධිපතිට මේ වගේ යන්න බැරි ද කියලා අහන්නේ.(හේ)
කවුද මේකේ බිල ගෙවන්නේ !(හේ)
මෙවන් සිද්ධියක් දැක්කමයි.(හේ)
කොටි වනසලා,රටේ සංවර්ධනය මේ තරමට කලින් නායකයෝ නොකළ නිසයි කෘතගුණ දන්නා මිනිහා ඔහු එන තැනට මේ විදියට රැස්වෙන්නේ (නි)
ඒ කාලේ උතුරේ වෙඩි මෝටාර් වරුසා මැද්දේ ගුවන් යානා ගොඩබස්සපු වීර ගුවන් නියමුවෝ ලංකාවේ ඉන්නේ (නි)
ලංකාවේ ගුවන් නියමුවන්ට ගුවන්යානා ගොඩබාන්න පාර කාපට්ද නැද්ද කියලා වැදගත් නැහැ (නි)
කාගෙත් කයිවාරු බලය ගන්නතුරු විතරයි. (නි)
මම හිතුවා එතුමා හෙලිකොප්ටර් වල ගමන් යන්නේ නැහැ කියලා (නි)
රුවන් ළමයා කිව්වොත් කියන්නේ මැටි කතාවක්මයි. (නි)
කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි (නි)